Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 8, 2008

17න් පහළ කි‍්‍රකට් සූරතාව කොළඹ ආනන්දයට

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කළ ලෙමනේඩ් කුසලාන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ සූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් විය.
මහානාම විද්‍යාලය හා මේට්ලන්ඩ් ක‍්‍රසන්ට් හී ඊයේ (07) පැවැති අවසාන මහ තරගයෙන් ආනන්ද කී‍්‍රඩකයෝ කඩුලු 4 ක ආනන්දනීය ජයක් ලැබූහ.
කාසියේ වාසිය ලැබූූ මහානාම නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කිරීමම ඔවුන්ගේ අවාසියට හේතු විය.
අර්ධ අවසන් පූර්ව වටයේ සිටම සී.සී.සී. පිටිය වඩාත් යෝග්‍යය වූයේ දෙවැනිව පන්දුවට පහර දෙන කණ්ඩායම වෙතය.
එය දැන දැනත් පිටියට පිවිසි මහානාම කී‍්‍රඩකයන්ට ලබාගත හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 130 ක් පමණි.
පළමු කඩුල්ලට රන්දික වැලිකන්නගේ සහ සජිත් රුබේරු එක්ව 4.20 ක සාමාන්‍යයක් රදවමින් ලකුණු 42 ක් රැස් කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වීම මහානාමයේ ඉනිම කඩා වැටීමට හේතු විය.
ධනුෂ්ක ගුණතිලක සෙමින් ලකුණු තත්ත්වය නැංවීමට උත්සාහ කළද 40 වැනි ඕවරයේදී ඔහුද දැවී යෑම ඉනිමේ කඩා වැටීම ස්ථිර කළේය.
මධුමාල් ජයරත්න, මතීෂ පෙරේරා සහ සචිත‍්‍ර පෙරේරා කඩුලු 3 බැගින් දවාගෙන ආනන්දයට ලෙහෙසි ඉනිමකට මග පෑදූහ.
ආනන්ද ඉනිම ආරම්භ කරමින් ගීෂාන් විමලධර්ම සහ උදේශ් නදීරංග පළමු කඩුල්ලට ලකුණු 88 ක සබඳතාවක් ගොඩනගමින් ජයග‍්‍රහණය ස්ථාවර කළහ.
නමුත් ඊට ලකුණු 8 කට පසු දෙවැනි කඩුල්ල බිඳ හෙලූ ධනුෂ්ක ගුණතිලක පරාජිත තරගය ජය මාවතට ගෙන ඒමට උත්සාහ කළේය. ඔහු ලකුණු 4 ක් තුළ කඩුලු 4 ක් බිඳ දමින් ආනන්ද ඉනිම අඩපණ කළේය.
කි‍්‍රකට් අවිනිශ්චිත කී‍්‍රඩාවක් බව නැවත සනාථ කරමින් ආනන්ද කී‍්‍රඩකයෝ ජයග‍්‍රාහී ලකුණු ඕවර 41.1 දී ලබාගත්හ. තරගයේ වීරයා ලෙස ආනන්ද විද්‍යාලයේ උදේශ් නදීරංග සම්මාන ලැබුවේය.
මහනාම විද්‍යාලය සියලු දෙනාම දැවී 130 (46.2)
රන්දික වැලිකන්නගේ 24, සජිත් රුබේරු 23, ධනුෂ්ක ගුණතිලක 21, මධුමාල් ජයරත්න 31/3, මතීෂ පෙරේරා 10/3, සචිත‍්‍ර පෙරේරා 21/3
ආනන්ද විද්‍යාලය කඩුලු 6 ක් දැවී 134 (41.1)
ගීෂාන් විමලධර්ම 40, උදේශ් නදීරංග 45, ධනුෂ්ක ගුණතිලක 30/4, හෂාන් පෙරේරා 18/2

No comments: