Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 23, 2008

ආහාර නැව් දෙකට ගහන්න ආ කළු කොටි බෝට්ටු 2ක් ගිල්වයි එකක් අත් අඩංගුවේ

කළු කොටි 6ක් මැරුම් කති
චන්ද්‍රිකා පෙරේරා, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්, සකුන්තලා ජයසිංහ හා උතුරුමැද පළාත් ආනන්ද පතිරාජ


උතුරේ සාමාන්‍ය ජනතාවට ආහාර හා බෙහෙත් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකකට ඊයේ (22) අලුයම එල්ල වූ මරාගෙන මැරෙන කොටි ප‍්‍රහාර හමුවේ ඒවා නිරුපද්‍රිතව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ඒමට නාවිකයෝ සමත් වූහ.
මෙහිදී නාවික හමුදාව එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරයෙන් කළු කොටි 6ක් මිය ගොස් මරාගෙන මැරෙන බෝට්ටු දෙකක් සම්පූර්ණයෙන් ම මුහුදුබත්ව ඇති අතර එක් යාත‍්‍රාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් මහේෂ් කරුණාරත්න පැවසීය.
කොළඹ සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබූ “රුහුණු” හා “මර්ක්ස් නිමල” නෞකා දෙකට එදින උදෑසන 5.10 ට පමණ උතුරේ “මයිලේඩි” මුහුදු ප‍්‍රදේශයේ දී මරාගෙන මැරෙන මුහුදු කොටි බෝට්ටු තුනකින් පහර දීමට උත්සාහ කැර තිබේ.
එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට යොදවා ඇති නාවික හමුදා ප‍්‍රහාරක යාත‍්‍රා ප‍්‍රවාහන නෞකා දෙකට ආරක්‍ෂාව සපයමින් කොටි බෝට්ටු වෙත ප‍්‍රහාර එල්ල කිරීමේදී ඉන් බෝට්ටු දෙකක් එහි සිටි ත‍්‍රස්තවාදීන් සමඟම පුපුරා මුහුදුබත්ව ඇත.
අනෙක් කොටි බෝට්ටුවේ සිටි මුහුදු කොටි නාවික ප‍්‍රහාර හමුවේ මුහුදට වැටී ඇති අතර එම යාත‍්‍රාව නාවිකයන් පිහිනා ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
“මර්ක්ස් නිමල” නෞකාවට ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් සුළු හානි සිදුව ඇතත් ප‍්‍රවාහන දෝෂයක් ඇති වී නොමැත.
මෙම නෞකාවල ප‍්‍රවාහනය කෙරී ඇති සියලු භාණ්ඩ සමාන්‍ය ජනතාව සඳහා ලබා දෙන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් බව නාවික හමුදාව පැවසීය.

No comments: