Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

කොටි විරෝධි ඡායාරූප ප‍්‍රදර්ශනය අද ලන්ඩන් හිදී

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් යුරෝපය ඇතුළු ලොව පුරා ශ‍්‍රී ලංකා රජය පිළිබඳව ගෙන යන අසත්‍ය ප‍්‍රචාරයට පිළිතුරු සපයන ඡායාරූප ප‍්‍රදර්ශනයක් අද (22) පෙ. ව. 10.00 ට ලන්ඩන් නුවර ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිස් මූලස්ථානය අසල වෙව්වීක් වීදියේ සෙන්ටර් වන් ශාලාවේදී ආරම්භ වේ.
බි‍්‍රතාන්‍යයේ ත‍්‍රස්ත විරෝධි ශ‍්‍රී ලාංකික එකමුතුව සංවිධානය කරන මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය සඳහා ජනාධිපති මාධ්‍ය අංශය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබා දෙයි.
එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක මොහොතකට ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති අතර මේ වන විට යුරෝපය පුරා වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ ද එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසෙති.
මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය සඳහා විශාල ප‍්‍රමාණයේ ඡායාරූප 230 ක් පමණ ඇතුළත් වේ. ඊට අමතරව කෙටි වීඩියෝ චිත‍්‍රපට ද ප‍්‍රදර්ශනය කරන අතර අත් පති‍්‍රකා ද බෙදා හැරේ.
යාපනයේ නගරාධිපති ඇල්ෆර්ඩ් දොරේඅප්පා මහතාගේ ඝාතනයේ සිට මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනය දක්වා එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් ඝාතනය කළ සියලු සිංහල දෙමළ මුස්ලිම් දේශපාලනඥයින් ප‍්‍රභූන් හා විද්වතුන් ගේ ඡායාරූප සිවිල් වැසියන් ඝාතනය දේපල විනාශය මරාගෙන මැරෙන ප‍්‍රහාර ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ඇතුළත් ඡායාරූප රැසක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.
තවද නැගෙනහිර මුදා ගැනීමෙන් අනතුරුව සිදු කළ සංවර්ධන කටයුතු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමට අදාළ ඡායාරූප ද මීට ඇතුළත්ය.
ඡායාරූප ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස බි‍්‍රතාන්‍ය සාම මන්තී‍්‍ර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික නේස්බි සාමි වරයා කන්සර්වේටිව් පක්ෂයේ හිටපු නායක විපක්ෂ ජායා කැබිතෙට්ටුවේ විදේශ ලේකම් විලියම් හේග් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ස්ටීවන් හැමරන් ඇන්ඩෲ ලිව් ශ‍්‍රී ලංකා මහකොමසාරිස් නිහාල් ජයසිහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.
ලන්ඩන් නුවර ප‍්‍රදර්ශනයෙන් අනතුරුව 27, 28 දිනවල නෙදර්ලන්තයේ හේග් නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් 30 සහ 31 දිනවල ප‍්‍රංශයේ පැරිස් නුවරත් ඡායාරූප ප‍්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

No comments: