Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

ත‍්‍රස්තවාදය ගැන විශ්වාස කළ අය පාර්ලිමේන්තුවේ අසුන් ගැන්වීම දේශපාලන විප්ලවයක් - රෝහිත බෝගොල්ලාගම - විදේශ අමාත්‍ය

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්කර ගන්නට ලැබීම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලැබූ සුවිසල් ජයග‍්‍රහණයක් බව අවධාරණය කරන විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පසුගිය එජා සමුළු වාරය හරහා මෙරටට උදාවූ වාසිදායක තත්ත්වයන් මෙසේ පැහැදිළි කරයි.
ටී. එම්. වී. පි. නායක විනයාගමුර්ති මුරලිදරන් මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස පත්වීම ජාත්‍යන්තරව පවා අවධානය දිනාගත් විශේෂ කාරණයක්. නමුත්, මෙහිදී එජනිස ප‍්‍රධාන පාර්ශ්වකරුවකු වූ ජවිපෙ එම මන්තී‍්‍ර ධුරය ඔවුන්ට ලබානොදීම සදාචාරාත්මක නොවන දෙයක් බව පවසනවා. ඒ ගැන ජවිපෙ අධිකරණය හමුවටත් ගියා. මේ කාරණයේදී ඇත්තටම සන්ධානය වරදක් කළාද?
ජවිපෙ මේ ස්ථාවරය අන්තිම අසාධාරණයි. මේ කවුරුත් මන්තී‍්‍රධුර ලබාගත්තේ සන්ධාන ලැයිස්තුවෙන්. එහෙමනම් හිස්වන මන්තී‍්‍රධුර වෙනුවට අලුත් මන්තී‍්‍රවරුන් නම් කිරීමේ අයිතිය සන්ධානයේ මහ ලේකම්වරයාට තියෙනවා.
අනික ජවිපෙ දැන් සන්ධානයේ පාර්ශ්වකරුවකුත් නොවෙයි. මේ කාරණය ගැන අපි එතරම් කලබල වියයුතු නැහැ. ඔවුන් කියන විදියේ දෙයක් මෙතැන සිදුවෙලත් නැහැ.
රට බෙදන්න සටන් කරපු අය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ගන්න පුලුවන් නම් එය අපි අගය කරන්න ඕන.
විනයාගමුර්ති මුරලිදරන් මහතා ගේ මේ ප‍්‍රවේශය ත‍්‍රස්තවාදය පරාජය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම අපේක්ෂා කරන අපි කවුරුත් අපේක්ෂා කළ යුතු දෙයක්. ඊට අකුල් හෙළනවා කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඇති අවකාශය අහිමි තිරීමක්.
නැඟෙනහිර ත‍්‍රස්තවාදය තුරන් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමෙන් පසුව දැන් උතුරටත් යොමුවී සිටින්නේ.
ළඟදීම උතුරෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න හැකිවෙනවා. මේ ගමනෙදි සියලු කොටස් එක්රැස් කරගෙන ස්ථාවර රටක් ගොඩනැගීමයි කළ යුතු වන්නේ.
විනයාගමුර්ති මුරලිදරන් මහතාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය පිළිබඳ විශේෂයෙන් ඉන්දියාවේ සහ වෙනත් රටවල ප‍්‍රතිචාරය කුමක්ද?
ජාත්‍යන්තරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරනවා. ත‍්‍රස්තවාදය අත්හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළඳගන්නා කවුරු වුණත් ඔවුන්ගේ ආශිර්වාදයට ලක්වෙනවා.
නේපාලයේ මාඕවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වුණා. එහි නායක පුෂ්පකමාල් දහාල් අද නේපාල අගමැති.
අයි. ආර්. ඒ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශයත් එහෙමයි. ඔවුනුත් අද පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදෙනවා. එවැන්නක් කිරීමට ශී‍්‍ර ලංකාවටත් හැකිවීම අප ලබාගත් වැදගත් ජයග‍්‍රහණයක් ලෙසයි මා දකින්නේ.
උතුර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේ තීරණාත්මක අදියර දියත්ව තිබියදී, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලවා ශී‍්‍ර ලංකාවට බලපෑම් කරවීමට දකුණේ ප‍්‍රාන්ත ආණ්ඩු කි‍්‍රයාකරනවා. මෙහිදී ඉන්දියාව කුමන ස්ථාවරයක් ගනීවිද?
ඉතිහාසයත් සමඟ සසඳමින් ඔය කාරණය දිහා බලන්න. යම් යම් බලපෑම් කලිනුත් ඇතිවුණා. නමුත් ඉන්දියාව හැමදාමත් කි‍්‍රයා කළේ ගැටුම්වලින් තොරව ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස පැවතිය යුතුයි කියන ස්ථාවරයේ සිට.
එක්සත් ජාතීන්ගේ 63 වෙනි සමුළුවාරයේදී සහ ඊට සමගාමීව පැවැති වෙනත් සාකච්ඡාවාරවලදී ශී‍්‍ර ලංකාවේ වත්මන් දේශපාලන ගමනට අදාළව විශේෂ සිදුවීම් කිසිවක් සිදුවුණා ද?
ජනාධිපතිතුමා සිංහල - දෙමළ භාෂා දෙකෙන්ම එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම පිළිබඳ ලෝක නියෝජිතයන් ගේ විශේෂ අවධාන යොමුවුණා. දෙමළ භාෂාව එක්සත් ජාතීන්ගේ වේදිකාව මත ගොඩනැඟුණේ පළමු වතාවටයි.
එය ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනයාට පමණක් නොවෙයි ලෝකයේ සිටින දෙමළ හා දෙමළ කතා කරන ජනතාවට කළ විශාල ගෞරවයක්. ඒ හරහා මේ රටේ සියලුම ජනවර්ග නියෝජනය වන පරිදි අපගේ කාර්යයන් ඉහළම ස්ථානයන්ගේ පටන් හොඳ්‍රකාර කි‍්‍රයාත්මක වන බවත් අපි ලෝකයට පෙන්වූවා.
ඊළඟ වැදගත්කම එ.ජා. සමුළුවට සමගාමීව පැවැති එ.ජා. සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සමුළුව; ගරු ජනාධිපතිතුමා එහිදී අපේ රට නියෝජනය කළා.
ත‍්‍රස්තවාදය පරාජය කරන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා ගන්නා කි‍්‍රයාමාර්ග අප ලොවට පැහැදිළි කළා.
අධ්‍යාපනය - සෞඛ්‍ය - කෘෂිකර්මය ආදී ක්ෂේත‍්‍ර නඟා සිටුවාලීම මෙන්ම දිළිඳුකම තුරන් කිරීම සඳහා අප ගන්නා කි‍්‍රයාමාර්ගත් ලොවට පෙන්වා දුන්නා.
ඉකුත් වසර 03 මුළුල්ලේම 7% කට ආසන්න සංවර්ධන වේගයක් පවත්වාගන්නා අතර, දිළිඳුකම පිටුදැකීම සඳහා වන කි‍්‍රයාමාර්ගත්, ගම නැඟුම – මඟ නැඟුම ඔස්සේ අප ගන්නා කි‍්‍රයාමාර්ගත් ගැන මෙහිදී පැහැදිළි කරන්නට හැකිවුණා.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කි‍්‍රයාකරන අතරම ගොවින්ගේ නිෂ්පාදන වැඩිකර ගැනීම සඳහා පොහොර සහනාධාරය ලබාදීම වගේ වැඩපිළිවෙළකත් රජය ඉන්නවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය තුළ ආහාර සුලබතාව, සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අපට ඉලක්ක තිබෙනවා.
අමෙරිකානු මුල්‍ය අර්බුදය ලෝකයට විවිධ මට්ටම්වලින් දැනෙනවා. එය අපට දැනෙන ආකාරයත් ඊට මුහුණ දිය යුතු ආකාරයත් පිළිබඳ ආණ්ඩුව දරන මතය පැහැදිළි කරන්න පුළුවන්ද?
අමෙරිකාවේ ආර්ථිකය කඩා වැටිලා. එය ලෝක අර්බුදයක් ලෙස මතුවෙමින් තියෙනවා. බි‍්‍රතාන්‍යයට, යුරෝපා සංගමයට පවා එය තර්ජනයක් වෙලා. නමුත් ආර්ථිකය සුරක්ෂිතව මෙහෙයවීමේ හැකියාව ශී‍්‍ර ලංකා රජයට තිබෙනවා.
අධ්‍යාපනය - සෞඛ්‍යය – කෘෂිකර්මාන්ත වැනි ක්ෂේත‍්‍රයන්ට උපරිමයෙන් ආයෝජනයන් කරන්න අපට හැකිවෙලා තියෙන්නේ ඒ නිසයි. අපේ සාක්ෂරතාව 96% විතර. එය සන්සන්දනාත්මකව ලොව දියුණුම රටවල මට්ටමටත් වඩා ඉහළයි.
දැන් අපේ ආයු අපේක්ෂාව අවුරුදු 75 යි. අපි මෙවැනි ඉලක්කයන්ට ළඟාවුණත් ලෝකයේ දියුණු වෙන රටවල් වලට තවමත් එවැනි ඉලක්ක නැහැ.
ඒ පමණක් නොවෙයි සෑම ක්ෂේත‍්‍රයක් සඳහාම අවශ්‍ය සම්පත් අය – වැය මඟින් වෙන්කරනවා. ගම්බද ජනතාවගේ අවශ්‍යතාවන් මූලික වන ආකාරයට තමයි අපේ වැඩපිළිවෙළ සකස්කර තියෙන්නේ. මේ සෑම කාරණයක්ම සමඟ අපි හොඳ ස්ථාවර මට්ටමක් කරා පැමිණෙමින් ඉන්නවා.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයෙන් ලැබුණු ප‍්‍රතිචාර මොනවද?
ත‍්‍රස්තවාදය හා ජනජීවිතය පිළිබඳ අවධානය යොමුකරමින් පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවත් මෙහිදී විශේෂයි. එහිදී ත‍්‍රස්තවාදය පරාජය කරමින් ශී‍්‍ර ලංකාව ලබා ඇති ජයග‍්‍රහණ පිළිබඳ අප පෙන්වා දුන්නා.
ත‍්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමෙන් නොනැවතී නැඟෙනහිර ජනජීවිතය ශක්තිමත් කිරීමට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට අප ගන්නා කි‍්‍රයාමාර්ග ගැන ඉතා පැහැදිළිව තේරුම් කළා.
නිව්යෝර්ක් නුවර දී පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවක් පැවැත්වුණේ පළමුවතාවටයි. අපේ ජනාධිපතිතුමාට ශී‍්‍ර ලංකාවේ ස්ථාවරයන් පිළිබඳ එහිදී පැහැදිළි කරන්නට ලැබීම වැදගත් අවස්ථාවක්.
එ. ජා. සමුළුවට සමගාමීව සිදුවූ ද්විපාර්ශ්වීය සාකච්ඡා - හමුවීම් වලින් අප රටට යම් මෙහෙවරක් සිදුවුනාද?
රාජ්‍ය නායකයන් ගණනාවක් සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකිවුණා.
විශේෂයෙන්, එ.ජා. මහ ලේකම් බැන් කී මූන් මහතා සමඟ රටේ වත්මන් දේශපාලන තත්ත්වය, ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළ, අවතැන් වූ ජනතාව වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග ගැන ආදි වශයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
මේවායෙදි, එ. ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ ආයතන සමඟ මනා සම්බන්ධතාවක් ඇතිව ශී‍්‍ර ලංකාව කි‍්‍රයාකිරීම ගැන අප ඇගයීමටත් ලක්වුණා.
බි‍්‍රතාන්‍ය අගමැති ගෝඩ්න් බ‍්‍රවුන් මහතා හමුවු විටත්, රටේ දේශපාලනය, ත‍්‍රස්තවාදයට එරෙහි කි‍්‍රයාමාර්ග සහ දෙරට අතර සහයෝගීතා වැඩපිළිවෙළ ගැනත් විශේෂ අවධානයක් යොමුකරමින් සාකච්ඡා කළා.
නොබෝදිනකින් තුර්කි රජයත් - ශී‍්‍ර ලංකා රජයත් අතර අලුතෙන් ගොඩනැඟෙන සම්බන්ධතා බෙහෙවින් වැදගත්.
තුර්කි ජනාධිපති තුමාත් – අපේ ජනාධිපතිතුමාත් අතරත් සාකච්ඡා පැවැත්වුණා.
අයිස්ලන්ත ජනාධිපතිතුමා සමඟත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාකච්ඡා කළා. අලුත් වැඩසටහන් ඇරැඹීම ගැන එහිදීත් අවධානය යොමුවුණා.
එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් බවුචර් මහතා සමඟත් ජනාධිපතිතුමා සාකච්ඡා කළා. දෙරට අතර සම්බන්ධතා වර්ධනය වීම සහ තහවුරුකර ගැනීම සම්බන්ධයෙන් එය වැදගත්.
මානව හිමිකම් පිළිබඳ එ.ජා. නියෝජ්‍ය ලේකම් පිල්ලේ මහත්මිය සමඟත් ජනාධිපතිතුමා සාකච්ඡා කළා.
පොදුරාජ්‍ය මණ්ඩලයේ නව මහලේකම් ෂර්මා මහතා හා ජනාධිපතිතුමා අතරත් සාකච්ඡා සිදුවුණා. 2011 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම ගැනත් එහිදීත් විශේෂයෙන් අවධානයට ලක්වුණා.
විදේශ අමාත්‍යවරයා වන මටත් ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. දේශපාලන – ආර්ථික සහයෝගිතාව ගොඩනඟා ගැනීම මෙන්ම අපේ ස්ථාවරයන් හා වැඩපිළිවෙළ එළිදැක්වීමටත් ඒවා හොඳ අවස්ථාවක්.
සයිප‍්‍රසයේ විදේශ ඇමැතිතුමා සමඟ අප කළ සාකච්ඡාවත් විශේෂයෙන් වැදගත්. සයිප‍්‍රසයේ ශී‍්‍ර ලංකාකිකයන් 25,000 ක් පමණ රැකියා කරනවා. සයිප‍්‍රසය යුරෝපා සංගමයෙත් සාමාජිකයෙක්.
ඒ නිසාත් දෙරට අතර සබඳතා හරිම වැදගත්. ස්ලෝවෙනියා විදේශ අමාත්‍යතුමා සමඟත් අපි සාකච්ඡා කළා. ඔවුනුත් යුරෝපා සංගමය තුළ නියෝජනය වෙනවා.
ජනාධිපතිතුමා නේපාලයේ නව අගමැති පුෂ්ප කමාල් දහාල් මහතා සමඟ සාකච්ඡා කරන අතර එරට නව විදේශ අමාත්‍යතුමා සමඟත් අප සාකච්ඡා කළා.
මොරොක්කෝ සහ මියන්මාර විදේශ අමාත්‍යතුමන්ලා සමඟත් සාකච්ඡා සිදුවුණා.
සාර්ක් සමුළුව මෙහි පැවැත්වීමෙන් පසු ගනු ලැබූ තීන්දු – තීරණ හා එකඟතාවන් කි‍්‍රයාත්මක කිරීමට අදාළව යම් පියවර ගැනීමට අවස්ථාවක් ලැබුණා ද?
ඔව්. සාර්ක් විදේශ අමාත්‍ය තුමන්ලා සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වන්න හැකිවුණා.
ප‍්‍රනාබ් මුකර්ජි, ඉන්දීය විදේශ අමාත්‍යතුමා සමඟ කළ සාකච්ඡාවේදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සහ ඉන් පසු දේශපාලනමය වශයෙන් ගන්නා කි‍්‍රයාමාර්ග ගැනත් අවධානය යොමුවුණා.
රජයේ වැඩපිළිවෙළ පැහැදිළි කළා. ශී‍්‍ර ලංකාවේ වත්මන් සාර්ක් සභාපතිත්වය දරනවා.
සාර්ක් විදේශ ඇමැතිවරුන්ගේ නොනිල සැසිවාරයක් එහිදී පවත්වන්නටත් අපට හැකිවුණා.
කලාපය වේගවත් සංවර්ධන ඉලක්කයක් කරා යොමුකිරීමට අදාළවත්, කලාපීය ත‍්‍රස්තවාදය මැඬලීම කෙරෙහිත් විශේෂ අවධානයක් යොමුවුණා.
පාකිස්තානය – ඇෆ්ගනිස්තානය හා ඉන්දියාවේ ත‍්‍රස්තවාදය නොයෙක් ආකාරයන්ගෙන් හිස ඔසොවමින් තිබීම ගැනත් සැළකිල්ලට යොමුකළා.
එහිදී අපේ අත්දැකීම් හරිම අදාළයි. සාර්ක් කලාපයෙන් ත‍්‍රස්තවාදය අතුගා දැමීමට සාමූහිකව කි‍්‍රයාකළ යුතුයි.
මේ හැරුණුවිට G - 11 සහ G – 77 සමුළු ඇමතීමටත් මට හැකිවුණා. නොබැඳි ජාතීන්ගේ විදේශ අමාත්‍ය සමුළුව ඇමතීමට හැකිවීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
මේවායෙදී ලබාගත් ප‍්‍රගතිය ලංකාවේ සංවර්ධනය මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා තහවුරු කිරීමට අදාළවත් හරිම වැදගත්.
සාකච්ඡා කෙළේ, ධම්මික සෙනෙවිරත්න

No comments: