Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 23, 2008

ශී‍්‍ර ලංකා පිල නොවැම්බර් මාසයේ සිම්බාබ්වේ කි‍්‍රකට් තරග සංචාරයක

පි‍්‍රන්ස් ගුණසේකර
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල ලබන නොවැම්බර් මාසයේදී එක්දින කි‍්‍රකට් තරග 5ක් සඳහා සිම්බාබ්වේ හී සංචාරයක නියැලීමට නියමිතය. නොවැම්බර් 10 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 5කට එක්වේ.
දැනට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් සිම්බාබ්වේ කි‍්‍රකට් පිලට ටෙස්ට් තරග තහනමක් පනවා ඇති බැවින් ශී‍්‍ර ලංකා පිල හා සිම්බාබ්වේ අතර ටෙස්ට් තරග නොපැවැත්වේ.
ශී‍්‍ර ලංකාව හා සිම්බාබ්වේ අතර මෙතෙක් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 37ක් පවත්වා ඇති අතර එයින් ශී‍්‍ර ලංකාව තරග 30ක් ජයග‍්‍රහණය කර ඇත. සිම්බාබ්වේ පිල තරග 6කින් ජයග‍්‍රහණය වාර්තා කළ අතර එක් තරගයක් විසඳුමකින් තොරව නිමා විය.
සිම්බාබ්වේ පිල ශී‍්‍ර ලංකාව වෙතින් දරුණුම පරාජයකට ලක්වූයේ 2001 වසරේ කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ දීය.
එහිදී සිම්බාබ්වේ පිල ලකුණු 38කට දැවීගිය අතර චමින්ද වාස් ලකුණු 19කට කඩුලු 8ක් බිඳහෙළීය. එම තරගය කඩුලු 9කින් ශී‍්‍ර ලංකාව ජයගත්තේය.
සිම්බාබ්වේහී සංචාරය කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල පුහුණු සිව්දින තරගයකට සහභාගී වීමට නියමිතය. සිම්බාබ්වේ ඒකාබද්ධ කි‍්‍රකට් පිල සමඟ එම පුහුණු තරග පැවැත්වීමට නියමිතය.
පුහුණු එක්දින තරගයකින් අනතුරුව නොවැම්බර් 21 වැනිදා හරාරේ කී‍්‍රඩාංගණයේදී ප‍්‍රථම එක්දින තරගය පැවැත්වේ. නොවැම්බර් 30 දා ක්වීන්ස් කී‍්‍රඩා පිටියේදී පැවැත්වෙන 5 වැනි එක්දින තරගයෙන් ශී‍්‍ර ලංකා පිලේ සංචාරය නිමාවන අතර දෙසැම්බර් 1 දා බ‍්‍රලවායෝ නුවරින් ශී‍්‍ර ලංකාව බලා පිටත්වේ.

No comments: