Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 10, 2008

බොරලැස්ගමුවේ මරාගෙන මැරෙන කොටි ප‍්‍රහාරය ප‍්‍රභූ ආරක්‍ෂක රිය යනවාත් සමඟම වැලිකැට විසිවෙමින් විශාල ශබ්දයක් ආවා සිද්ධිය ඇසින් දුටු තරුණයෙක් කියයි

මම දහවල් ආහාරය ගෙන වෙළෙඳ්‍රමට ගෙනා හෙල්මට් හා ජැකට් ගොඩ ළඟට වෙලා සිටියේ. වේගයෙන් ආ ප‍්‍රභූ ආරක්ෂක රියක් මම හිටපු තැනින් වේගයෙන් කොළඹ දෙසට ධාවනය වුණා. ඒත් එක්කම තවත් ප‍්‍රභූ ආරක්ෂක රියක් එතනින් ගියා ඒ සමඟම ඒ රථවලට පසු පසින් පැමිණ වාහන දෙසින් දඩෝං ගාලා විශාල ශබ්දයක් ආවා. ඒත් එක්කම මගේ පැත්තට වැලිකැට වගේ දේවල් විසි වුණ බව වේරහැර ප‍්‍රදේශයේ තරුණයෙකු වූ ඩබ්ලිව්. දිනේෂ් මහතා පැවසීය.
මෛතී‍්‍රපාල සිරිසේන හා සිරිපාල ගම්ලත් අමාත්‍යවරුන් ගමන් ගත් රථවලට එල්ල කල මරාගෙන මැරුන ප‍්‍රහාරය ඇසින් දුටු දිනේෂ් මහතා මෙසේ ද පැවසීය.

මම හිටපු තැන සිටන් මීටර් 25ක් විතර ඈතින් ප‍්‍රභූ ආරක්ෂක රිය ආ පැත්තෙන් දුමක් යනවා දුටුවා. පාරට පැනලා මම ඒ පැත්තට දිව්වා. මොන්ටේරෝ ජීප් රියක් සහ කැබ් රථයකුත් එතන තිබුණා. වාහන දෙකේම හැම තැනම සිදුරු. කැබ් රථය කොළඹ දෙසට තිබුණු ලයිට් කනුවක හැපිලා. එහි මිනිසුන් දෙදෙනෙකු හිටියා.
ඒ අය හිරවෙලා හිටියේ. අපි අමාරුවෙන් ඒ අයව අරගෙන කොළඹ දෙසට ගිය වාහනයකින් රෝහලට යැව්වා. මොන්ටෙරෝ ජීප් එකේ හිටිය අයත් රෝහලට යැව්වා. එවිට තමයි තේරුම් ගියේ මෙය මරාගෙන මැරෙන බෝම්බයක් කියලා. මැරුනු කෙනාගේ කකුල් දෙක විතරයි පෙනුනේ හැම තැනම මස් කෑලි විසිරී තිබුණා.
“මම පෙට්ටියේ තිබූ මුදල් ගණන් කර කර හිටියේ කොලඹ පැත්තට වාහන පේලියක් ගියා එක පාරටම ඒ පැත්තෙන් විශාල ශබ්දයක් සමග සර සර ගාලා හැම තැනටම යකඩ කෑලි විසි වුණා. මගේ බෙල්ලටයි කකුලටයි තුවාල සිදුවූ බව බොරලැස්ගමුව වේරහැර පදිංචි ගල්පොත්තගේ විමලසේන මහතා පැවසීය.
කලුබෝවිල ශික්ෂණ රෝහලේ 2 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන විමලසේන මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
මගේ මස්සිනාගේ තැබිලි තට්ටුව තමයි මම බලාගන්නේ. සිද්ධිය වූ වෙලාවේ මස්සිනා කෑමට ගියා මට තැබිලි තට්ටුව බාර දිලා. මේ සිදුවීම වන විට දහවල් එක පහු වෙලා. ශබ්දයත් සමඟ ආපු දුමට මට තේරුම් ගියා එය නම් බෝම්බයක් වෙන්න ඇති කියා. මම එළියට බැස්සා. එතනට ගිහින් බලන විට කැබ් රථයක් ලයිට් කණුවේ හැපිලා තවත් අලුත් ජීප් රියක් පාර මැද තිබුණා.
මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන අයගේ නම් මෙසේ ය. ජී. කේ. ජී. කුමාරසිංහ පොලොන්නරුවේ පදිංචිකරුවකු වන අතර කැබ් රථයේ රියැදුරා වේ. අතුල සංජීව බටහිර පැලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
විමලසේන පෙරේරා වයස 55 හැවිරිදි වේරහැර බොරලැස්ගමු පදිංචි අයෙකු වේ. කේ. විජේරත්න මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි. පී. ජී. ඩී. වීරසිංහ මිනිදොරුවෙක් ලෙස හඳුනාගෙන ඇත. කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත. චමිල් දැඩිගමගේ මහරගම පාර, පිළියන්දල පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. මේ වන විට කලුබෝවිල රෝහලේ 5 දෙනෙකු ප‍්‍රතිකාර ලබති.

No comments: