Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

මාවිල්ආරු සොරොව්වෙන් වාන් දැමූ සහජීවනය සහ සෞභාග්‍යය

කෘෂිකාර්මික රටාවකට අනුගත වෙමින් ලෝකයේ ඉහළ ම තාක්ෂණික හා ශිල්පීය ක‍්‍රමෝපායයන් අනුගමනය කරන ශී‍්‍ර ලංකාව, ස්වයං පෝෂිත රටක් බවට පත් කරලීමේ අභිලාෂයෙන් අද වන විට රට පුරා දැවැන්ත ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කරමින් තිබේ.
කුඩා පරිමාණයේ මෙන්ම මහා පරිමාණයේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරමින් කෘෂිකාර්මික අංශයේ මෙන් ම වාරි කර්මාන්තයේ ද අද වන විට විශාල ප‍්‍රගතියක් අත් කරගෙන තිබෙනු දැකිය හැකිය.
එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පැවති නැගෙනහිර පළාත මාවිල් ආරු සොරොව්ව බේරා ගනිමින් ආරම්භ කළ සටනින් මුළු මනින් ම මුදා ගැනීමට අපේ ආරක්ෂක අංශ විරුවන් සමත් වී සිටී.

ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පැවති කාල සමයේ නැෙඟනහිර පළාත් වාසීන් අනේක විධ දුක් කරදරවලට මුහුණ දුන්නේ ය. එහෙත් අද වන විට මුළු නැගෙනහිර පළාතම ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදා ගෙන, එම ප‍්‍රදේශවල ජනතාවට නිදහසේ තම ගමන් බිමන් යමින්, අවශ්‍යතා නිසි ලෙස ඉටුකර ගැනීමට අවකාශ ලැබී තිබේ.
ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගනිමින් පසුබට නොවූ වර්තමාන මහින්ද රාජපක්ෂ මහතා ගේ රජය, එම පළාත අතිශය සුන්දර පෙදෙසක් කරමින් ආර්ථික වශයෙන් සශී‍්‍රක කරළීම සඳහා කැපවී සිටී.
මහා පරිමාණයේ කෘෂි කාර්මික හා වාරි ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරමින්, කෘෂි කර්මාන්තය සඳහා වැඩි අවස්ථාවක් ලබා දී තිබේ. අද වන විට නැගෙනහිර පළාතේ සෑම ප‍්‍රදේශයක් ම දියුණු කරලීම උදෙසා ආරම්භ කරන ලද ව්‍යාපෘති රැසක් අවසන් වෙමින් තිබේ.
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය, කෘෂි කර්මාන්තයට නැඹුරු වූ දිස්ති‍්‍රක්කය කි. එම ප‍්‍රදේශවල ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවමින් ජීවනෝපාය සරු කරළීම සඳහා කෘෂිකාර්මික අත්දැකීම් සඳහා වැඩි ඉඩ කඩක් ලබා දී තිබේ.
කෘෂිකාර්මික, වාරි කර්මාන්තය ආදිය නිසි කළමනාකරණයකින් යුතුව දියුණු කරන අතර තුර, යටිතල පහසුකම් දියුණු කරමින් බෙහෙවින් ම පහසුකම් අතින් සපිරි ප‍්‍රදේශ බවට පත් කිරීමේ බාර දූර කාර්යය ඉටු කරමින් සිටී.
දැනට කෙරෙන වාරි ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමට පසුගියදා හැකි විය. මෙම අවස්ථාව සඳහා එක්වූ වාරිමාර්ග ඇමැති ජයතිස්ස රණවීර මහතා කියා සිටියේ මෙවන් කථාවක්.
“දශක දෙකකට ආසන්න කාලයක් නැෙඟනහිර පළාත එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පැවතුණා. මාවිල් ආරු සොරොව්ව නිදහස් කර ගැනීමත් සමග ආරම්භ කළ සටන නිසා නැ‍ෙඟෙනහිර පළාත ම ඔවුන්ගෙන් මුදා ගැනීමට අපේ ආරක්ෂක විරුවන්ට හැකියාව ලැබුණා.

අද වන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක නැ‍ෙඟෙනහිර නවෝදය වැඩසටහන යටතේ මෙම ප‍්‍රදේශ ඉතා වේගයෙන් සංවර්ධනය කෙරෙනවා.
කෘෂිකාර්මික අතින් රට ස්වයං පෝෂිත කිරීම සඳහා “අපි වවමු - රට නගමු” කෘෂිකාර්මික සංවර්ධන කි‍්‍රයාදාමය ආරම්භ කළා. කෘෂිකාර්මික අතින් මේ ප‍්‍රදේශ දියුණු කරනවා වගේම අනෙකුත් යටිතල පහසුකම් ද සංවර්ධනය කරගෙන යනවා.
ඒ තුළින් මේ ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාය සාර්ථකව ගෙනියන්න පුළුවන්.”
“අපි වවමු - රට නගමු” දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික මෙහෙයුම කි‍්‍රයාත්මක කර වැඩි කලක් ගත වන්නටත් මත්තෙන් බලාපොරොත්තු වුවාටත් වඩා ප‍්‍රතිඵල රැසක් අත්කර ගැනීමට හැකි වී තිබේ.
දිවයිනේ සෑම තැනෙකම එය කි‍්‍රයාත්මක කරමින් කෘෂිකාර්මික සංවර්ධනයක් අපේක්ෂා කරන ශී‍්‍ර ලංකා රජය, දේශීය ගොවි ජනතාවගේ අත මිට සරු කොට ඔවුන්ගේ හෙට දවස බෙහෙවින්ම යහපත් එකක් බවට පත් කරලීමේ කාර්යභාරයේ නියැළී සිටී.
ඊට නිසි ලෙස ගැලපෙන පරිදි විවිධාකාරයේ වැඩසටහන් රැසක් දිවයින පුරා කි‍්‍රයාවට නංවා ඇත.
මෙහිදී ති‍්‍රකුණාමලය කළාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. ෂන්මුගසිවනාදන් මහතා සමඟ කථා කිරීමට හැකි විය. ඒ මහතා කියා සිටියේ, “මහා පරිමාණයේ වාරිමාර්ග ව්‍යාපෘති දෙකක් ති‍්‍රකුණාමලයේ දැන් කි‍්‍රයාත්මක වෙනවා.
මොරවැව වාරි ව්‍යාපෘතිය සඳහා ජපන් ආධාර ලැබී තිබෙනවා. මෙම යෝජනා ක‍්‍රමයෙන් අක්කර 4000 ට වැඩි ප‍්‍රමාණය කුඹුරු අස්වැද්දීමට පුළුවන්. දැනටමත් මේ ප‍්‍රදේශයේ කුඹුරුවල යල මහ දෙකන්නයේ ම වගා කෙරෙනවා.”
මෙම ව්‍යාපෘතිය 2010 දක්වා කි‍්‍රයාත්මක වුණත් ඊට කලින් ඉවර වෙයි කියලා හිතනවා. මේ වසරේ පමණක් මොරවැව ව්‍යාපෘතිය රුපියල් මිලියන 90 ක වැඩ ඉවර කරනවා.
මේ ව්‍යාපෘතියෙන් අපේ ගොවි ජනතාවට විශාල වශයෙන් සෙත සැලසේවි. වසර 30 ක පමණ කාලයක් මේ ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු වුණේම නෑ.
මේ සංවර්ධන වැඩ කටයුතු කිරීම තුළින් ප‍්‍රදේශයේ ජනතාවගේ සම්පූර්ණ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, චමල් රාජපක්‍ෂ සහ ජයතිස්ස රණවීර යන ඇමැතිවරුන්ටත් හිමි වෙනවා.
ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය බැලූ බැල්මට සුන්දරත්වයෙන් ඉහළ රමණීය භූමි භාගයකි. එහෙව් ප‍්‍රදේශයකට ඇළුම් කළ එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තයන්, එම ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට මහත් වූ වෙහෙසක් ගත්තේ ය.
එහෙත් ඔවුන් ති‍්‍රකුණාමල ප‍්‍රදේශයෙන් පලවා හැර ආරක්ෂක සේනාවන් යටතට ගැනීමට ගත වූයේ නිමේෂයකි. අද එම ප‍්‍රදේශයේ මුළුමනින් ම පාලනය කරන්නේ රජයේ හමුදාවන් ය.
ති‍්‍රකුණාමලය ඉංජිනේරු සහකාර කමල්නාදන් අකිලන් මහතා සමඟ ද කථා කිරීමට හැකි විය. ඔහු පැවසුවේ,
“මෙහි ප‍්‍රධාන ඇල මාර්ගය කිලෝ මීටර් 8 ක පණ දිගයි. අතුරු ඇළවල් 10 ක් පමණ තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා කොන්ත‍්‍රාත් දෙනවා. මේ ව්‍යාපෘතිය නිමවු පසු ප‍්‍රදේශයේ ජනතාවට නිති පතා වතුර ලබා ගන්න පුළුවන්.
ඒ තුළින් ප‍්‍රදේශයේ වැඩි වශයෙන් වෙසෙන ගොවි ජනතාවගේ ආර්ථික මට්ටම සරු කර ගන්න පුළුවන් වෙනවා.”
ප‍්‍රදේශ වාසියෙකු වන කේ. ජී. කිරිබංඩා මහතා සමඟ ද කථා කිරීමට හැකි විය. ඔහු කියා සිටියේ “අපි මෙහෙම ඇවිත් මාස 9 ක් විතර වෙනවා. ඊට පෙර කොත්මලේ පදිංචිව සිටියේ.
අපිට මෙහේ ගොඩ ඉඩම් අක්කර දෙකයි, මඩ ඉඩම් අක්කර දෙකයි තිබෙනවා. දැන් මෙහේ ස්ථිර ගෙවල් ලැබිලා තිබෙනවා. මම මේ ප‍්‍රදේශයේ ගොවි සංවිධානයේ ලේකම් හැටියට කටයුතු කරනවා. අද වන විට වාරිමාර්ග බොහොමයක් නවීකරණය වී තිබෙනවා.
1985 කොටි කලබලවලින් පස්සේ අපි මෙහෙන් ගියා. අද වන විට බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.”
දැවෙන ප‍්‍රශ්න පියවරෙන් පියවර විසඳ්‍ර ලමින් ලෝකයේ සංවර්ධිත රටවල් පවතින ස්ථානයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ පිවිසීමට අවශ්‍ය පරිසරය වර්තමාන රජය මඟින් දැනටමත් ගොඩ නගා අවසන් ය.
ඒ තුළින් රටේ ජීවත්වන සියලු තරා තිරම්වල ජනතාවට සාමයෙන් සතුටින් ජීවත්විය හැකි, අතිශය චමත්කාර ජනක ශී‍්‍ර ලංකාවක් ගොඩ නැගෙනු ඇත.
විශේෂ ස්තුතිය – වාරිමාර්ග ඇමැති ජයතිස්ස රණවීර මහතාගේ මාධ්‍ය ලේකම් රංජිත් මල්ලවාවඩු මහතාට.

සටහන මහින්ද අලුත්ගෙදර
ඡායා - වෙන්ස්ලි මාතරආරච්චි

No comments: