Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 23, 2008

සංවේගයෙන් දැනුම් දීමයි මැඩියාව වැවත් රක්ෂිතයත් අනතුරේ

වතුර පිරුණම මේ වැව් තාවුල්ලට එන්න තැනක් නෑ. හැම තැන ම වැටවල් ගහලා වැව් රක්ෂිතය අල්ලගෙන ගොවිතැන් කරනවා. වැව්තාවුලු කපලා ගඩොල් හදනවා.
ගස් ටික් කපලා ජාවාරම් කාරයෝ ලී ඉරාගෙන යනවා. මේවා අවුරුදු ගණනක් පරණ කුඹුක් ගස්. ඒ විතරක් නෙවෙයි මුදලාලිලා වැවේ වැලිත් ගොඩදානවා.
ඔහු කතා කරන්නේ සංවේගාත්මක ආවේගයකිනි. ඔහුට පමණක් නොව ඔහු වැනි ම වූ තවත් පිරිසක් මේ ගැටලු නිසා පීඩා විඳිති. මේ සියලු දෙනා ම මිරිදිය ධීවරයෝ ය.
ඔවුනට ඇති එක ම සම්පත මැඩියාව වැව යි. ඒ වැවේ මසුන් අල්ලා ගන්නා මේ ධීවරයන් ගේ කතාව බොහෝ බලධාරීන්ගේ ඇස් අරවාලිය යුත්තකි.
අපි හාත්පස බැලීමු. වටපිටාව බෙහෙවින් සුන්දර ය. එහෙත් ඒ සුන්දරත්වය අභිමුව කියන්නට ඇත්තේ එතරම් සුන්දර කතාවක් නොවේ. හිරු බැස යාමට ආසන්න ය. මැඩියාව වැව් තලය රිදී කැටපතක් මෙන් දිලිසෙයි.
ඔරු දෙක තුනක් ඒ මත ඈතට ඇදෙනු පෙනේ. පැරැණි වූ කඳන් ඔරු කීපයක් ඉවුරේ නවතා තිබේ. විසල් කුඹුක් ගස් පරිසරයට එක් කරන්නේ චමත්කාරයකි. තණනිල්ලෙන් ඔබ්බෙහි වූයේ කැළෑ රොදයි. ඔරුවෙන් මෙගොඩට ආ හෙතෙම අප හා කතාවට මුල පිරුවේ ඒ අයුරිනි.
හෙතෙම නමින් ආනන්ද වීරසේන ය. මැඩියාව ආශ‍්‍රිත ඉසුරු ධීවර සමිතියේ ලේකම් ය. කුරුණෑගල දිස්ති‍්‍රත්කයේ අඹන්පොළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැඩියාව වැව ආශ‍්‍රිතව ධීවර පවුල් රැසක් ජීවිකාව සපයා ගනිති. ආනන්ද කතා කළේ ඔවුන් වෙනුවෙනි.
“අපේ ධීවර සමිතියේ නිත්‍ය සාමාජිකයෝ විස්සක් ඉන්නවා. අපි නීතියක් හදාගෙන තියෙනවා. වැවේ රස්සාවට උදේ 6.00ට ගියොත් 8.00 ට එන්න ඕන. හවස 4.00ට ගියොත් 6.00ට එන්න ඕන.
මාළු කිලෝ එකකින් සමිතියට රුපියල් 10/=ක් කපා ගන්නවා. ඒ මාළු පැටව් සල්ලිවලට ගන්න. එහෙම ගන්න පැටව් 1,32000ක් වත් ඕන. අනූ ගණන්වල දී නම් ආණ්ඩුවෙන් නොමිලේ මාළු පැටව් දුන්නා.
දැනුත් සමහර වෙලාවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමිතියට මාළුපැටව් 13000ක් විතර ලැබෙනවා.
එහෙම හදා ගන්න මාළු ලොකු වුණා ම පිටගම්වලින් මිනිස්සු ඇවිත් තහනම් දැල් දාලා බලෙන් ම අල්ලගෙන යනවා. ඒ දැල්වලට මාළු පැටව් විතරක් නෙවෙයි ඉබ්බොත් අහුවෙනවා.
දැන් නම් අපිට මේ මාළු රස්සාව එපා වෙලා නොකර බැරි කමට කරනවා. දවසට රුපියල් දාහක් හොයන දවසුත් තියෙනවා. රුපියල් 50/= ක් ලැබෙන දවසුත් තියෙනවා. හැම තැනකටම ගිහින් ඉල්ලීම් කළා.
මේ වැවේ රක්ෂිතය ජාවාරම් කාරයින්ගෙන් නිදහස් කරලා දෙන්න කියලා. තාම කිසිම ප‍්‍රතිඵලයක් නෑ.
මේ රක්ෂිතයේ ගස් දැව හොරු කපාගෙන යනවට අපි විරුද්ධයි. ගස් කපද්දී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කිව්වම එතැනින් ‘වන රක්ෂිතයට’ කියනවා.
ඒ අයගෙන් ආයෙත් දැව හොරුන්ටම පණිවිඩේ ලැබෙනවා. හොරු අල්ලන්න යනකොට උන්පැනලා ගිහින්.අපි තමයි වැරැදි කාරයෝ වෙන්නේ.
පොලිසියෙනුයි ග‍්‍රාමසේවක මහත්තයාගෙනුයි නම් සහයෝගයක් තියනවා. නමුත් ඒ අයට විතරක් මේවා නවත්වන්න බෑ. ධීවර පරීක්ෂකයෙක් ඉන්නේ යාපහුව ආසනේට ම එක්කෙනයි.
එයත් ළඟදි පැන්ෂන් ගියා. මේ වැව ආරක්ෂා වෙන්න නම් රක්ෂිතය රැක ගන්න ඕන. අපි ඉල්ලන්නේ මේ වැව් රක්ෂිතය දැව හොරුන්ගෙන් නිදහස් කරලා පිටස්තර අයගේ පැමිණීම් නවත්තලා දෙන්න කියලයි.
එම්.දසනායක (සමිතියේ භාණ්ඩාගාරික) මම දැන් අවුරුදු 14ක ඉඳන් මේ වැවේ මාළු රස්සාව කරනවා. දැන් දැන් ලැබෙන ආදායම මදි. උදේට මාළු කිලෝ 2 ක් විතර තමයි අල්ලන්නේ.
මේ වැවට ස්ථිර ජලමාර්ගයක් නැහැ. වැහි වතුරයි ඇළකුයි විතරයි තියෙන්නේ. නියං කාලෙට කුඹුරුවලට වතුර ගත්තම ධීවරයන්ට වතුර නැහැ. ඒ නිසා දෙගොල්ලො අතර රංඩුත් ඇති වෙනවා.
දැදුරුඔය හරස්කරලා තුම්මෝදර ජලාශයක් බඳිනවා. ඒක දැදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතිය කියලා සාර්ථක ලොකු ව්‍යාපාරයක්.
ඒකෙන් මැඩියා වැවටත් වතුර දෙනවා නම් ධීවරයන්ට ලොකු සහනයක්. එහෙම වුණොත් අඹකොළවැව පාළු කඩවල, අතරගොල්ල වැව්වලටත් මේ වතුර ලැබෙයි.
තිලක් පෙ‍්‍ර්ම චන්ද්‍ර දැන් මාළු අඩුයි. වතුර අඩු කාලෙට නම් මාළු අහුවෙනවා. අන්තිමට මාළු පැටව් දැම්මේ මාස 05කට කලින්. ප‍්‍රමිතියට සාදන දැල්වලට මාළු අහුවෙන්නේ නැහැ. තහනම් දැල්වලට තමා අහුවෙන්නේ. අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඉල්ලුම තියෙන තරමට මාළු නැහැ.
සඳුන් රත්නායක දවසට රුපියල් 200ක් විතර තමා අපිට අදායම් ලැබෙන්නේ. දැන් මාළු හිඟයි. පැටව් දැම්මත් ලොකු වෙන්න මාස 06ක් විතර යනවා.
ජෝසප් මයිකල් දවසකට මාළු ග‍්‍රෑම් 500ක් හරි කිලෝ 1 ක් හරි තමයි අල්ලන්නේ. රෝහු, කැටිලා, තිලාපියා එහෙම තමයි ඉන්නේ. දැන් අවුරුදු 15ක් විතර මම මේ රස්සාව කරනවා.
අපිට ඔරු කීපයක් සමිතියට ලබාගන්න පුළුවන් නම් හොඳයි. 1994 න් පස්සේ තමයි අපිට ඔරුවක්වත් ආණ්ඩුවෙන් ලැබුණේ. මේ වැව් තාවුල්ල අස්වද්දලා නිසායි ඇවිදින්නවත් ඉඩක් නැත්තේ. මෙහෙම ගියොත් වැව ගොඩ වෙයි.
මේ ධීවරය¤ තම ජීවිකා වෘත්තියට මෙන් පරිසරයට ද ආදරය කරති. ඔවුන් වැව් රක්ෂිතය රැක දෙන්නැයි ඉල්ලන්නේ වැව රැකුනොත් තමනුත් රැකේය යනදැඩි විශ්වාසයෙනි. බලධාරීන් මේ පිළිබඳ ඇස යොමුකර සහන සලසනු ඇතැයි ඔවුහු මහත් බලාපොරොත්තු සහගතව බලා සිටිති.
අඹන්පොළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපි මේ සම්බන්ධව තොරතුරු විමසූවෙමු. ප‍්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර නම සඳහන් කිරීමට අකමැති වූ එහි සිටි ඉහළ නිලධාරිනියක් කීවේ මැඩියාව වැව සම්බන්ධව කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී නොමැති බවය.
කෙසේ වූව ද එම අවස්ථාව වන විට ද ප‍්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු පිරිසක් මැඩියාව වැව ආශි‍්‍රත ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වෙමින් සිටින බවද ඇය කීවාය.
සංචාරක සටහනරසිකා සෝලංග ආරච්චි

No comments: