Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 23, 2008

තමිල්නාඩු ආන්දෝලන ඉන්දියාව බලාගනියි - අනුර පි‍්‍රයදර්ශන යාපාතොරතුරු හා ජනමාධ්‍ය ඇමැති

අපේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව අත ගසන්නේය යන්න මිත්‍යා මතයක් බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන මහතා පැහැදිලි කරයි. තමිල්නාඩුවේ හැසිරීම පිළිබඳ අප කලබල විය යුතු නැති බවත් ඒ ගැන ඉන්දියාව බලාගනු ඇති බවත් පවසන අමාත්‍යවරයා මෙරට සිදු කෙරෙන මානුෂික මෙහෙයුම් සඳහා මෙන්ම ත‍්‍රස්තවාදය පැරදවීමේ සටන සඳහා ඉන්දියාව ඇතුළු සමස්ත ලෝකයේ ප‍්‍රසාදය හා සහයෝගය හිමිව ඇති බවත් මේ සාකච්ඡාවේදී පෙන්වා දෙයි.
* ත‍්‍රස්තවාදය මර්ධනය කිරීමට රජය ගෙන යන මානුෂික මෙහෙයුම් සම්බන්ධව ඉන්දියාව දක්වන ප‍්‍රතිචාරය පිළිබඳ මේ වන විට විවිධ මත පළවෙමින් තියෙනවා ඒ ගැන ඔබ හිතන්නේ කුමක්ද ?
මෙය ත‍්‍රස්තවාදී කි‍්‍රයාවල නිරත වූ බොහෝ සංවිධාන ඔවුන්ගේ ප‍්‍රචන්ඩ කි‍්‍රයා අත්හිටුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වන යුගයක්. අපේ රට වගේම ඉන්දියාවත් ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ත‍්‍රස්තවාදයට විරුද්ධයි. දැනට අප රටේ ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරතවෙමින් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධාන යයි. එල්. ටී. ටී. ඊ. ය ඉන්දියාවේ තහනම් සංවිධානයක් ඉන්දියාව මේ රටේ ත‍්‍රස්තවාදය තුරන් වෙනවා දකින්න දැඩි කැමැත්තෙන් ඉන්න අපට හිතවත් ප‍්‍රධාන පෙළේ රටක්. ඉන්දියානු රාජ්‍ය නායකයා ශී‍්‍ර ලංකාවේ පැවැත් වූ සාර්ක් සමුළුවට සහභාගිවුණු ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අපට පූර්ණ සහය දෙන බව එහිදී ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.
* ජනාධිපතිවරයා ඉන්දියානු අගමැතිවරයා සමඟ දෙරටට වැදගත් වෙන කරුණු පිළිබඳ සාකච්ඡා කළ බව පුවත්පත්වල පළවුණු ඒ සාකච්ඡාවේ වැදගත්කම ගැන යම් අදහසක් දක්වන්න පුළුවන්ද?
දෙරටේ රාජ්‍ය නායකයින් රාජ්‍ය තාන්ති‍්‍රක කරුණු පිළිබඳ වරින් වර සාකච්ඡා කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපේ ජනාධිපතිතුමාත් ඉන්දියානු අගමැති තුමාත් දැනට ලෝකයේ සිටින රාජ්‍ය නායකයින් අතුරින් සුවිශේෂී නායකයින් දෙදෙනෙකු ලෙස හඳුන්වන්ට පුලුවන්.
* තමිල්නාඩු දේශපාලඥයින් අතුරින් පිරිසක් උතුරේ මානුෂීය මෙහෙයුම් නතර කිරීමට ශී‍්‍ර ලංකා රජයට බලකරන ලෙස ඉල්ලමින් ඉන්දියානු රජයට බලපෑම් කරනවා නේද?
මේ කාරණය ඉන්දියාවේ අභ්‍යන්තරික කරුණක් ලෙස සලකන්නටත් පුලුවන්. තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයින් පිරිසක් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකැර ගැනීම සඳහා නොයෙක් උපාය උපක‍්‍රම අනුගමනය කරනවා. ඒ ප‍්‍රශ්නය ඉන්දියානු රජය විසඳ්‍ර ගනිවි. ඒ ගැන අප අදහස් පළ කිරීම ඒ රටේ අභ්‍යන්තර කරුණු ගැන අප උනන්දු වෙනවා වගේ වැඩක්.
මානුෂීය මෙහෙයුම් නතර කිරීමේ වුවමනාවෙන් කි‍්‍රයා කරන කණ්ඩායම් රැසක් ඉන්නවා. තමිල්නාඩු දේශපාලඥයින් පමණක් නොවෙයි.
මානුෂීය මෙහෙයුම් සිදු කරන්නේ මේ රටේ තවත් ජාතියක් පීඩාවට පත්කිරීමට හෝ තවත් ජාතියකට එරෙහිව හෝ නොවන බව ඉන්දියාව පමණක් නොවෙයි මුළු ලෝකයම දන්නවා. එල්. ටී. ටී. ඊ. සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක්. ඔවුන් අප රටේත් ඉන්දියාව ඇතුළු වෙනත් රටවලත් සිදු කළ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා දකුණු ඉන්දියානු වන්ට පමණක් නොවෙයි මුළු ලෝකයටම හොඳට මතකයි.
මානුෂීය මෙහෙයුම්වලින් අනතුරුව නැඟෙනහිර පළාතේ ජනතාවට ඔවුන් කැමැති පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස එම පළාත පාලනය කැර ගැනීමට රජය ඉඩ සලසා දී තිබෙනවා. අද වන විට නැඟෙනහිර පළාතේ ජනතාව භªක්ති විඳීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තමන්ටත් ලබාදෙන්නැයි උතුරේ ජනතාවත් ඉල්ලනවා. ඔවුන් ඒ වගේම කාලයක් තිස්සේ සංවර්ධනය කටයුතු අඩපණ වී තිබුණු නැඟෙනහිර පළාත දැන් සීඝ‍්‍ර සංවර්ධනයකට ලක්වී තියෙනවා.
උතුරේ ජනතාවටත් තමන් ජීවත්වෙන පළාත සංවර්ධනය කැර ගැනීමේ වුවමනාවක් ඇතිවෙලා තියෙනවා. රජයක් හැටියට අපට ඒ ජන කොටසට නිදහස ලබාදීම පැහැර හරින්නට කිසිසේත්ම බැහැ. මානුෂීය මෙහෙයුම් වලින් කිසිම සිවිල් පුරවැසියකුට හානියක් නැහැ. සිවිල් පුරවැසියන්ට කිසිම හානියක් නැතිව ත‍්‍රස්තවාදීන් මැඩපැවැත්වීමේ මෙහෙයුම් ඉතා හොඳින් ශී‍්‍ර ලංකා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අතින් සිදු කෙරෙනවා.
මේ ගැටුම් නිසා පීඩාවට පත් වෙන සිවිල් වැසියන්ට ඔවුන් ගේ කැමැත්ත පරිදි ගැටුම් නොපවතින ප‍්‍රදේශවලට තාවකාලිකව පැමිණීමටත් ආණ්ඩුව පහසුකම් සලසා තිබෙනවා.
රජයට එරෙහිව ආයුධ සන්නද්ධව සටන් කරන ත‍්‍රස්තවාදීන්ටත් ආහාර දෙන ආණ්ඩුවක් ලෝකෙන්ම තිබෙන්නේ අපේ රටේ විතරයි. උතුරට යන ආහාරවලින් එල්. ටී. ටී. ඊ.ය පැහැර ගන්නා බව නොදන්නවා නොවේ.
එදා ආයුධ සන්නද්ධව කි‍්‍රයා කළ එල්. ටී. ටී. ඊ.යේ කොටසක් අද ටී. එම්. වී. පී. පක්ෂය පිහිටුවා ගෙන නැඟෙනහිර පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ගමන් මගට අවතීර්ණ වෙලා ඉන්නවා. මෙයින් පෙනෙන්නේ අපේ ආණ්ඩුව කිසිසේත්ම අන්තවාදී ලෙස කි‍්‍රයා කරලා නැහැ කියන එකයි. ජනාධිපතිතුමා බලයට පත්වුණාට පසුව රජයේ ආරක්ෂක අංශවලටත්, සිවිල් පුරවැසියන්ටත් අමානුෂික අන්දමින් ප‍්‍රහාර එල්ල කරමින් ආණ්ඩුව ගැටුමට යොමුකරවා ගන්නේ එල්. ටී. ටී. ඊ. මයි.
* ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමත් සමඟ දේශපාලන විසඳුමක් ලබාදීමටත් රජය සැලසුම් කරමින් ඉන්නවා. නමුත් ඒ විසැඳුම් පිළිගන්න එල්. ටී. ටී. ඊ. ය කොයි තරම් දුරට සූදානම් ද කියන ප‍්‍රශ්නය තියෙනවා නේද?
අද එල්. ටී. ටී. ඊ. ය යුද ශක්තියෙන් පිරිස් බලයෙන් හා ආර්ථික වශයෙන් බෙහෙවින් දුර්වල වෙලයි ඉන්නේ. ඔවුන් දුර්වල වෙන සැමවිටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට නැවත ශක්තිමත් වීමට පොඩි ඉඩ – කඩක් ලබා දෙන්ට උත්සාහ කරන කණ්ඩායම් එදත් සිටියා. අදත් ඉන්නවා.
මෙය කිසිසේත්ම සිදු නොවිය යුත්තක්. මෙවැනි වාතාවරණයකදී අප රටේ වගකිව යුතු අය ඉතා සංයමයකින් හැසිරිය යුතුයි. ජනමාධ්‍යය වුවත් නැති ප‍්‍රශ්න ඇති කරමින් ජනතාව ව්‍යාකූල තත්ත්වයට පත් කරන ආකාරයෙන් කි‍්‍රයා කිරීම රටට හානියක්
* ඉන්දියානු මැදිහත්වීමක් පිළිබඳව මෙරට ජනතාවට අත්දැකීම් තිබෙනවා. යළිත් එවැනි තත්ත්වයක් උදාවීමට ඉඩ තිබෙන බව ඇතැමුන් සැක පහළ කරනවා. ඔබ ඒ ගැන දරන්නේ කුමන මතයක්ද?
ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔය කියන කාලයේ දෙරටේ නායකයින් සමපාතව සිටියේ නැහැ. ඒ කාලයෙ ඉන්දියාවේ ඇතැම් අයගේ උදව් ලබමින් ගොඩනැඟුණු එල්. ටී. ටී. ඊ. ය ඔවුන්ගේ නායකයින් පවා පසු කාලයේ ඝාතනය කළා. තමිල්නාඩුවත් ත‍්‍රස්තවාදයට බියයි. ත‍්‍රස්තවාදය මැඩලීමට තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයින් පවා එකඟතාවය පළ කරලා තිබෙනවා.
* එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කළ බවට චෝදනා එල්ල වී ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය වේදීන් 10 දෙනෙකු පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවට පළවී ඇති ආරංචි සත්‍යයක්ද?
ඒ ගැන මට කිසිවකු මේ වනතුරුත් දැනුම් දීලා නැහැ. කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්‍ෂණවලට අප සහාය විය යුතුයි. එල්. ටී. ටී. ඊ. ය විසින් අප රටේ සිදු කර ඇති සහ සිද්ධකරමින් සිටින අති බිහිසුණු විනාශ කාරී ම්ලේච්ඡ කි‍්‍රයා අවම කිරීම හා නැවැත්වීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල වගකීමක්. ඔවුන්ට ලැබෙන තොරතුරු අනුව පරීක්‍ෂණ සිදුකරන විට අපට ඒවාට සහාය දීමට සිදුවෙනවා. මාධ්‍යවේදීන්ට එවැනි චෝදනා එල්ලවී තිබෙනවා නම් ඒ පරීක්‍ෂණවලට ඉදිරිපත් වී තමන්ගේ නිවැරැදිභාවය තමන් විසින්ම ඔප්පු කළ යුතුයි. මේ ගැන තොරතුරු ඉදිරිපත් කළ හොත් සොයා බලන්නට පුලුවන්.
* මාධ්‍ය වේදීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට පත් කළ කමිටුව ආරම්භ කිරීමේ අරමුණු ඉටු වෙමින් තිබෙනවාද?
ඇත්ත වශයෙන්ම අප එය ඵලදායී ලෙස පවත්වාගෙන යනවා. එය ආරම්භ කළේ මාධ්‍යවේදී්න් සහ එම කමිටුව අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමටයි
* ඉක්මනින්ම පක්ෂ නායක සමුළුවක් කැඳවිය යුතුයි කියා පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා යෝජනා කරනවා නේද?
ඉතා හොඳ යෝජනාවක්. මෙයට පෙරත් පක්ෂ නායක සම්මේලන පැවැත්වුණු රට වෙනුවෙන් පෙනී සිටින්නට සෑම පක්ෂයකටම අයිතියක් මෙන්ම වගකීමක් තිබෙනවානේ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අප සැවොම එකතුවීම හොඳ ප‍්‍රවනතාවයක්.
* නැගෙනහිර පළාත් ප‍්‍රධාන ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් මහතාට අයත් මුද්‍රණාලයකට පාර්ලිමේන්තු මන්තී‍්‍ර විනයාගමුර්ති මුරලි දරන් හෙවත් කරුණා අම්මාන් මහතාගේ කණ්ඩායමත් කඩා වැදී ප‍්‍රචණ්ඩකාරී ලෙස පසුගියදා හැසිරිලා තිබෙනවා. ඔවුන් තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමකාමී දේශපාලනයට සැබෑ වශයෙන්ම අවතීර්ණ වී නොමැති බවත් මෙසේ ප‍්‍රචන්ඩකාරී ලෙස හැසිරීම තුළින් පෙනී යනවා නේද?
ඔය දෙන්නාම දැන් එකම පක්ෂයේ අය. ඔවුන් අතර යම් යම් මත ගැටුම් ඇතිවීම ස්වාභාවිකයි. ඒ සිද්ධිය මටත් ආරංචි වුණා. ඒක ඒ අයගේ පක්ෂ අභ්‍යන්තර ප‍්‍රශ්නයක්. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වෙලා ඉන්නේ. එක් සිද්ධියක් දෙකක් තුළින් ඔවුන් නැවත පෙර පරිදි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල යෙදෙනවා කියා හෝ ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන්මග ප‍්‍රතික්ෂේප කරනවා හෝ කියා නිගමනය කිරීම සාධාරණ නැහැ නේද?
ඔවුන් දෙදෙනාම එක ම පක්ෂයක නායකයින් දෙදෙනෙකු නිසා වගකීමෙන් හා සංයමයකින් කි‍්‍රයා කරමින් ඔවුන්ගේ පාක්ෂිකයින්ට ආදර්ශයක් දෙමින් කි‍්‍රයා කරනු ඇතැයි ත‍්‍රස්තවාදය හා ප‍්‍රචන්ඩත්වය ප‍්‍රතික්ෂේප කරන හැමෝම බලාපොරොත්තු වෙනවා.
* එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුක්මන් සේනානායක මහතා උතුරේ අර්බුදය විසඳීමට රජයට සහාය දෙන බව ප‍්‍රකාශ කළා නේද? රජය පැත්තෙන් එම ප‍්‍රකාශය පරිදි එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබාගැනීමේ ක‍්‍රමවේදයක් තියෙනවාද?
ඉතා හොඳ ප‍්‍රකාශයක්. කාලීන වශයෙන් වැදගත් තීරණයක් ලෙස අප මෙය ඉහළින් අගය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු සියලු දෙනාම එකම මතයක පිහිටා රජයට සහයෝගය ලබා දෙනවා නම් ඔවුන්ගේ ඒ කාර්ය භාරය ඉතා වටිනවා.
බලයේ සිටින රජයට ජාතික මට්ටමෙන්, රටක් හැටියට බරපතල අභියෝග වලට මුහුණදීමට සිදුවූ අවස්ථාවක විපක්ෂය රජයට සහාය දීම එම අර්බුද සහ අභියෝග ජය ගැනීමට හොඳ පහසුවක් වෙනවා.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ කඩ ඉමට අප දැන් ළඟාවී ඉන්නවා. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව මෙම ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීමටද රජය අපේක්‍ෂා කරනවා.
ත‍්‍රස්තවාදය මතවාදීව සහ යුදමය වශයෙන් පරාජය කිරීමට රජය සෑම විටම සෑම කෙනෙකුගේම සහාය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
සංවාද සටහනවෙල්ලස්සේ බණ්ඩාර

No comments: