Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙල ෂෙහාන් අඹේපිටිය ප‍්‍රථම රන් පදක්කම ශී‍්‍ර ලංකාවට ලබාදෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සිටින වේගවත් ම යොවුන් කී‍්‍රඩකයා ලෙස කිරුළු පළඳිමින් ෂෙහාන් අඹේපිටිය තත්පර 10.43කින් මීටර් 100 ඉසව්ව නිම කළේ නව තරග වාර්තාවක් ද පිහිටුවමින් අති විශිෂ්ට දස්කම් දක්වමිනි. ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙලේ ශී‍්‍ර ලංකාවට ප‍්‍රථම රන් පදක්කම ලබා දුන්නේ නරඹන්නන්ගේ උණුසුම් ප‍්‍රතිචාර මධ්‍යයේය.
ඊයේ අවසන් පූර්ව තරගයේදී එම ඉසව්ව තත්පර 10.48 කින් නිම කරමින් නව තරග වාර්තාවක් තබමින් ප‍්‍රථම ස්ථානය දිනාගත් ෂෙහාන් අඹේපිටිය අවසන් තරගය යොවුන් කී‍්‍රඩකයකු දැක්වූ අති විශිෂ්ට ධාවන වේගයක් සටහන් කරමින් තමා විසින්ම තැබූ වාර්තාව යළි අලුත් කිරීමට සමත් විය. තරග වාර්තාව වූයේ තත්පර 10.60 කි.
ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයකු මීටර් 100 ඉසව්වෙන් දැක්වූ හො¼ඳම දස්කම ලෙසද මෙය හැඳින්විය හැකිය. තරගය නැරැඹීමට පැමිණ සිටි කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතා එම අවස්ථාවේදී ම සිය උණුසුම් සුබ පැතුම් මේ නව යොවුන් වේග තරුව වෙත පළ කර සිටියේය.
ඊයේ පෙරවරුවේ මීටර් 100 ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගය ෂෙහාන් අඹේපිටිය නිම කළේ තත්පර 10.66 ක් සටහන් කරමින් පළමු වැනියා වෙමිණි.
ෂෙහාන් අඹේපිටිය කී‍්‍රඩකයාගේ පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා පැවැසුවේ මේ තරුණ කී‍්‍රඩකයා අනාගතයේ මීටර් 100 ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට ඉමහත් කීර්තියක් අත් කරදෙනු ඇති බවය. ෂෙහාන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඉදිරියේ දී පැවැත්වෙන ආසියානු කී‍්‍රඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල හා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ඔහු නියත වශයෙන්ම පදක්කම් බලාපොරොත්තුවක් බවට පත්වේවි. මෙවැනි අතිදක්ෂ කී‍්‍රඩකයන් රැක ගැනීම ජාතියේ ම යුතුකමක්” ඔහු පැවැසීය.
ලෝක කනිටු මලල කී‍්‍රඩා උළෙලේ 7 වැනි ස්ථානය ලබා ගනිමින් ප‍්‍රථම වරට ජාත්‍යන්තර අවධානයට ලක්වූ ෂෙහාන් අඹේපිටිය, 1990 වසරේ ජනවාරි මස 17 වැනිදා උපන් කී‍්‍රඩකයෙකි. ඔහු රාජගිරියේ කෝට්ටේ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබයි.
එරංගට 4 වැනි තැන
ඊයේ පැවැති තුන් පිම්ම ඉසව්වේ අවසන් තරගයෙන් එරංග ද සිල්වාට හිමි වූයේ සිවුවැනි ස්ථානයයි. ඔහු දැක්වූ දස්කම මීටර් 14.95 ක් විය. රන් පදක්කම ඉන්දියාවට හිමි විය. ඊයේ වනවිට රන් පදක්කම් 6ක් දිනා ඉන්දියාව පදක්කම් සටහනේ ඉදිරියෙන් පසු විය.
මවු බිමට ගෞරවයක්
ලබාදීම අරමුණයි
- ෂෙහාන්
නව තරග වාර්තාවක් තබමින් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු 18 හැවිරිදි ෂෙහාන් අඹේපිටිය පැවැසුවේ “මවු බිමට ගෞරවයක් හා කීර්තියක් ලබා දීම තම අනාගත බලාපොරොත්තුව බවයි. රන් පදක්කම පිළිබඳව බලාපොරොත්තුවක් නොතිබුනද තම ඉසව්වේ පදක්කමක් පිළිබඳව මුල සිටම විශ්වාසයක් තිබූ බවද ෂෙහාන් කියා සිටියේය.
මේ අතර මීටර් 400 අවසන් පූර්ව වටයේදී අලුත්ගෙදර නවරත්නට හිමි වූයේ 4 වැනි ස්ථානයයි. ඔහු තරගයට හොඳින් ප‍්‍රවිශ්ට වුවත් අවසන් මීටර් කිහිපයේදී කිසියම් පසුබෑමකට ලක් විය. ඔහු තරගය නිම කළේ තත්පර 49.11 ක කාලයක් සටහන් කරමිනි. එය ඔහු පළමු වටයේදී තරගය නිම කළ කාලයට වඩා දුර්වල එකක් විය. අලුත්ගෙදර නවරත්න මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරගය නිම කළේ තත්පර 48.85 කිනි.
ෂෙහාන් අද මීටර 200 තරග බිමේ
ෂෙහාන් අඹේපිටිය අද පස්වරු 5.45 ට මීටර 200 ඉසව්වේ මූලික වටයේ තරග සඳහා ඉදිරිපත් වීමට නියමිතය. මීටර් 4ඔ100 අවසන් තරගද අද පස්වරුවේ පැවැත්වෙයි.
කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතා කී‍්‍රඩංගණයට පැමිණ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිරිමත් කරනු දක්නට ලැබිණි.
පිහිණුම් ඉසව් ඇරැඹේ
පිහිනුම් ඉසව් අද සිට ආරම්භ වෙයි. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් හේෂාන් උනම්බුව, ඇන්ඩෲ අබේසිංහ හා මිනේකා කරුණාරත්න පිහිනුම් ඉසව් රැසක් සඳහා තරග වදිති.
ටෙනිස්
ටෙනිස් (බාලිකා) යුගල දෙවැනි වටයේ තරගයකින් ශ‍්‍රී ලංකාවේ අම්රිතා මුත්තයියා සහ ජිත්මි ජයවර්ධන සොලමන් දූපත්හි ජෙනිෆර් මාක් සහ එස් ලොන්ග් 6-0, 3-0 ක් වශයෙන් පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. එම අවසන් පූර්ව තරග අද පස්වරුවේ පැවැත්වෙයි.
බැඩ්මින්ටන්
බැඩ්මින්ටන් (බාලිකා) දෙවැනි වටයේ තරගයකින් ශී‍්‍ර ලංකාවේ අචිනි ඬ;ම්ශිකා රත්නසිරි ඔස්ටේ‍්‍රලියාවේ ලියෑන් චොන්ග් වෙතින් ලකුණු 21-7 හා 21-17 ක් වශයෙන් පරාජයට පත් වූවාය.
ටේබල් ටෙනිස්
ටේබල් ටෙනිස් මූලික වටයේ තරගවලදී ශී‍්‍ර ලංකාවේ බුද්ධික වල්ගම්පළ එංගලන්තයේ ගෙවින් තෝමස් ඉවෙන්ස් වෙතින්ද, රන්දුල ගනේගොඩගේ ඉන්දියාවේ සෞම්‍යජිත් ගෝෂ් වෙතින්ද පරාජය ලැබූහ.

No comments: