Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 10, 2008

ජනපති තීරණයකින් සබරගමුවේ ප‍්‍රධාන කී‍්‍රඩාංගණ 4ක් සංවර්ධනයට

ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණය යළි රජයට
36 වැනි ජාතික කී‍්‍රඩා උළෙල වර්ෂ 2010 දී සබරගමු පළාතේ පැවැත්වීමේ අරමුණින් රත්නපුර සහ කෑගල්ල දිසා දෙකේ ප‍්‍රධාන පෙළේ කී‍්‍රඩා පිටි හතරක් ඇතුළු එම පළාතේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් නංවාලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇතැයි සබරගමු මහ ඇමැති සහ පළාත් කී‍්‍රඩා විෂය භාර ඇමැති මහීපාල හේරත් මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ සබරගමු පළාත් සභා ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අමතමිනි.
සබරගමු පළාත් කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රධාන අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු ඉදිරි පස් වසර තුළ සබරගමු පළාතේ කී‍්‍රඩා කටයුතු කෙසේ විය යුතුද පිළිබඳ විවෘත සංවාදයකට මුල පුරමින් මෙම රැස්වීම කැඳවා තිබිණි.
විසි වසක සබරගමුව පළාත් සභා ඉතිහාසයේ පළාත් කී‍්‍රඩා දෙපාර්තමේන්තුවේ කී‍්‍රඩා අධ්‍යක්ෂවරයාගේ පටන් කී‍්‍රඩා නිලධාරීන් දක්වා සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කී‍්‍රඩා අධ්‍යක්ෂවරයාගේ පටන් පාසල් කී‍්‍රඩා පුහුණු නිලධාරීන් දක්වා දෙපාර්ශවය සහභාගි වූ ප‍්‍රථම හමුව ලෙස ද මෙම අවස්ථාව සැළකේ.
මෙහිදී ප‍්‍රධාන අමාත්‍ය සහ පළාත් කී‍්‍රඩා අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කළේ පළාත් කී‍්‍රඩා දෙපාර්තමේන්තුව සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කී‍්‍රඩා අංශය ගත වූ විසි වසර පුරා වෙන් වෙන්ව කටයුතු කර ඇති බවය. කී‍්‍රඩා ක්ෂේත‍්‍රය නංවාලීමට නම් පාසල් කී‍්‍රඩා නිලධාරීන් මෙන්ම කී‍්‍රඩා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එක්සත්ව කටයුතු කළ යුතු බවට තම තීරණය මත මෙවන් සංවාදයක් ආරම්භ කළ බවද මහ ඇමැතිවරයා කීය.
වර්ෂ 2010 දී ජාතික කී‍්‍රඩා උළෙල සබරගමු පළාතේ පැවැත්වීම සහ පළාතේ කී‍්‍රඩා කටයුතු ඉහළ නංවාලීම සඳහා පළාත් කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රධාන අමාත්‍යාංශය යටතට පවරා ගත්බව ද ඒ මහතා සඳහන් කළේය.
ජාතික කී‍්‍රඩා උළෙලක් සබරගමු පළාතේ පැවැත්වීමට විවිධ කාල වකවානුවල යෝජනා වී ඇතත් අවශ්‍ය පහසුකම් නොමැතිකම සහ එම අරමුණ දිනාගැනීම සඳහා එකල වගකිව යුත්තන්ගේ කැපවීම ප‍්‍රමාණවත් නොවීම නිසා එම අවස්ථාව සබරගමුවට දිගින් දිගටම අහිමි විය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ වත්මන් කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමඟ පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵල වශයෙන් 2010 වසරේ සබරගමුවට එම අවස්ථාව ලබාදීමට එකඟ වෙමින් ඒ සඳහා අවශ්‍ය කී‍්‍රඩා පිටි ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට ද ඔවුන් ප‍්‍රතිඥා දුන් බවද මහ ඇමතිවරයා කීය.
ඒ අනුව රුවන්වැල්ල, කෑගල්ල, රත්නපුර නව නගර සහ ඇඹිලිපිටිය මහවැලි යන කී‍්‍රඩාංගන මුළුමනින්ම නවීකරණය කිරීම සඳහා අවශ්‍ය සැළසුම් සහ ඇස්තමේන්තු ලබා දෙන්නැයි ජනාධිපතිතුමා දැනටමත් තමාට උපදෙස් දී ඇතැයි මහ ඇමැතිවරයා කීය.
මේ වන විට පරිහානියට පත්ව ඇති ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණය යළි රජයට පවරාගෙන සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය සාධාරණීකරණය කරමින් අදහස් දැක්වූ සබරගමු මහ ඇමතිවරයා පසුගිය වකවානුවල පළාත් කී‍්‍රඩා අමාත්‍යාංශයේ වගකීම් දැරූ ඇතැම් උදවිය එම කී‍්‍රඩාංගණය පිළිබඳ නොසැලකිලිමත් වීම නිසා රජයට එවන් තීරණයක් ගැනීමට සිදු වූ බව ද කීය.
“මහවැලි කී‍්‍රඩාංගණය ජාතික සම්පතක්. එවන් කී‍්‍රඩා සංකීර්ණයක් කිසිසේත් විනාශවීමට ඉඩ දීමට බැහැ. මේ නිසා අප සැළකිලිමත් විය යුත්තේ එහි අයිතිය පිළිබඳ නොව එම සම්පත ආරක්ෂා කර ගනිමින් තවදුරටත් සංවර්ධනය කිරීමටයි. ඒ සඳහා ජනාධිපතිතුමාගේ තීරණය වඩාත් ප‍්‍රායෝගිකය යන්න මගේ හැඟීමයි” යනුවෙන් ද සබරගමු මහ ඇමතිවරයා කීය.
මෙම අවස්ථාවට පළාත් සභා මන්තී‍්‍ර වරුණ ලියනගේ, ප‍්‍රධාන ලේකම් පී. කොඩිතුවක්කු, පළාත් කී‍්‍රඩා ලේකම් එච්. පී. කුලරත්න, පළාත් කී‍්‍රඩා අධ්‍යක්ෂ නිහාල් ජයතිලක, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කී‍්‍රඩා විෂය භාර අධ්‍යක්ෂ බන්දුල කරවිට, ප‍්‍රධාන අමාත්‍යතුමාගේ කී‍්‍රඩා විෂයයට අදාල සම්බන්ධීකරණ ලේකම්වරුන් වන ගාමන් පතිරණ, මිල්රෝයි උපුල් බණ්ඩාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

No comments: