දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දෙමළ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති නිසා ඔවුන් ත‍්‍රස්තවාදයෙන් ඉවත් වන බව ඊයේ (07) මන්තී‍්‍ර පදවියේ දිවුරුම් දී සිය මංගල කතාව කළ විනයාගමූර්ති මුරලිදරන් මහතා කීය.
අතීතයේ සිදුවූ බොහෝ දේ අමතක කොට ජාතීන් වශයෙන් අපි සහෝදරත්වයෙන් ජීවත් වෙමු’ යි මුරලිදරන් මහතා ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස පත් කිරීම ගැන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ස්තූති කළ පත් කළ මන්තී‍්‍රවරයා, මන්තී‍්‍රවරයකු ලෙස තමන්ට ලබා දුන් දැඩි වගකීම දෙමළ ජනතාවට දුන් අනගි අවස්ථාවක් ලෙස තමා දකින්නේ යයි ද කීය.
වසර විසි පහක යුද්ධය නිසා ඇතිවූ සහ ඉතිරි වූ දෙයක් නැත. සිදුවූ එකම දෙය ජීවිත හානි පමණයි. යුද්ධය නිසා අපගේ ප‍්‍රදේශවල සංවර්ධනය කඩා වැටුණා යයි මුරලිදරන් මන්තී‍්‍රවරයා කීය.
මහින්ද චින්තන වැඩපිළිවෙළ ඉතා ඉහළින් අගය කළ මුරලිදරන් මහතා එය තව තවත් ශක්තිමත් කළ යුතු යයි පැවසීය.
සිය මංගල කතාවේදී මුරලිදරන් මහතා මෙසේ ද කීය.
මහින්ද රාජපක්‍ෂ මහතා නැඟෙනහිර ප‍්‍රදේශවල දැවැන්ත සංවර්ධනයක් සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. එය අති විශාල බැරෑරුම් කාර්ය භාරයක්. නැඟෙනහිර පළාතේ මැතිවරණ දෙකක් තබා අපගේ පළාත තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
ඒ වගේම නැඟෙනහිර පළාතේ මැතිවරණ පවත්වමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කර සාමය ඇතිකිරීමටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළා. ඒ වගේම ඒ මැතිවරණ පැවැත්වූයේ ඉතාම සාමකාමීවයි.
එමෙන්ම අද වෙනකොට අපගේ දෙමළ ජනතාවට නැඟෙනහිර පළාත ආශි‍්‍රතව විශාල සංවර්ධනයක් සිදුකරනවා. එමෙන්ම අපගේ දෙමළ ජනතාව සහ අනෙකුත් ජාතීන් අතර සහෝදරත්වයේ පාලමක් ඉදිකරන්නට කටයුතු කළ ජනාධිපතිවරයාට අපි ස්තූතිවන්ත විය යුතුයි.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment