Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

ගොවියා නොවේ මමයි රජා

ගොඩගම වෙල්යායේ කුඹුරු අක්කර විසිපහක් ගොඩකර වෙළෙඳසැල් ඉදිකිරීමට තීරණය කිරීම එවැනි ඉතා කණගාටුදායක පුවතකි.
බුවනෙකබාහු රජතුමාගෙන් ලැබුණු ගම්වරයක් වූ ගොඩගම වෙල්යායෙන් කුඹුරු අක්කර විසිපහක් ගොඩකිරීම ගොවියාටත් විශේෂයෙන් බත් කන සියලු දෙනාටත් වැදෙන අමතක නොවන බඩේ පහරකි.
කෝට්ටේ රජ කළ බුවනෙකබාහු රජතුමාගෙන් ලැබුණු ගම්වරය හැටඑක් අමුණක් බව සන්නසක සඳහන් වේ.
මේ අසල එවකට වැවක් තිබුණු බවට සොරොව්වක නටඹුන්ද අදටත් දක්නට ලැබේ. රජතුමාගෙන් ගම්වරය ලැබූ ජයසිංහ ආරච්චියා නැමැති අයගේ උපන්ගම මාතර ගොඩගම වූ බැවින් එවක් පටන් මෙම ප‍්‍රදේශයටද ගොඩගම යනුවෙන් භාවිත විය.
ප‍්‍රදේශයේ ජනතාවගේ මුදුන් මල්කඩක් වූ පුරාණ රජමහා විහාරස්ථානයේ ඉඩමද පවරා ගැනීමට නියමිත බැව් රජය විසින් නිකුත් කර ඇති විශේෂ ගැසට් පති‍්‍රකාවේ සඳහන් වේ.
එම ගැසට් පති‍්‍රකාවේ සඳහන් වන පරිදි තොටමුගුරාව-එගොඩපේලිය-දවටගහපේලිය-පොල්කන්ද කුඹුර- හල්වත්ත, කුණ්ඩ මණ්ඩිය, - ගල්පොත්ත ලියද්ද - ගල්පොත්ත ඕවිට - මීගහවත්ත - පන්සල් ඉඩම - තල්ගහවත්ත - කුල්ලියද්ද - දොරකඩ කුඹුර සහ දෙල්ගහ කුඹුර යන ප‍්‍රමාණයෙන් හෙක්ටයාර් 107760 ක් වන බිම් කොටස් 35 කි.
දෙපැත්තේ සහ ඉහැත්තෑවේ සිට ගලා එන ඇළ මාර්ග කීපයක් නිසා මෙම වෙල්යාය ඉතා සරුසාරවත් වේ. පසුගිය කන්නයේ වප් මඟුල් උත්සවය පැවැත්වූයේද මෙයට යාබද වෙල්යායේය.
මෙම කුඹුර ගොඩ කිරීම වහා නතර කරන ලෙස ප‍්‍රදේශවාසීන් සමිති සංවිධාන සහ මහා සංඝරත්නයද එක හ¾ඩින් කියා සිටිති.
සේන අක්මීමන ගරු ලේකම්දීඝායු ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුව ගොඩගම

No comments: