Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 8, 2008

කරුණා පත් කළාට ජවිපෙ නඩු දමයි

නෙල්කා මැදගෙදර
විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයකු ලෙස පත් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (07) ඉදිරිපත් කෙළේ ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයකු නොවන අයකු එහි ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයකු ලෙස නම් කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇතැයි පෙත්සමෙහි සඳහන් වේ.ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් එම්. ටිල්වින් සිල්වා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පෙ‍්‍ර්මජයන්ත, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන, විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ, මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක ඇතුළු පිරිසක් පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට සිටිති.පෙත්සමේ මෙලෙස සඳහන් වේශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර 2004 ජනවාරි මස 20 වැනි දින ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර 3 ක් හිමිවේ. පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් සඳහා පක්ෂ ලේකම්වරයා පුද්ගලයකුගේ නම යෝජනා කර සන්ධාන ලේකම්වරයා මඟින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවිය යුතුය.ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සමරසිංහ මහතා ඉකුත් ජූලි මස 01 වැනිදා ඉල්ලා අස්වීය. එම මන්තී‍්‍ර අසුන පුරප්පාඩුව පිරවීම සඳහා සුජිත් පි‍්‍රයන්ත කුරුවිට මහතාගේ නම යෝජනා කර තිබේ. එසේ තිබියදී එම පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයට විනයාගමුර්ති මුරලිදරන් පත් කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.අංක 1510/1 දරන ගැසට් නිවේදනය මගින් නම් කර ඇති එම පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයකු නොවේ. එසේම ඔහු ත‍්‍රස්තවාදියෙකු ලෙස කටයුතු කළ අයෙකි. ආගමන විගමන පනත යටතේ වරදකරුවකු බවටද පත් විය.
එවැන්නෙකු පාර්ලිමේන්තුවට පත් කිරීම මඟින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 12 (1), 14 (1), 14 (2) යන වගන්ති මගින් සහතික කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන් වේ.එබැවින් අදාළ ගැසට් නිවේදනය බල පැවැත්වීම සහ කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝග 2 ක් නිකුත් කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා තිබේ.එසේම ජනතා විමුක්ති පෙරමුණ මඟින් නම් කර සිටින සුජිත් පි‍්‍රයන්ත කුරුවිට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස පත්කරන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

No comments: