Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 24, 2008

මෙගා ටෙලි නාට්‍ය’ ගැන ඇත්තේ අනියත බියක්- ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ගිහාන් රෝහණ

මේදිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වන “සමනළියක් ඉකි බින්ඳ්‍ර” ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වන්නේ, ගිහාන් රෝහණ නම් ප‍්‍රතිභාපූර්ණ නව පරපුරේ නිර්මාණකරුවාය.
ලබන නොවැම්බර් මාසයේ 11 වැනිදා සිට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ද ගිහාන් රෝහණගේ අලුත්ම නිර්මාණය “විකිණෙන පිනිකැට” ටෙලිනාට්‍යය ද විකාශනය වීමට නියමිතය. එම ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනිය ඔස්සේ සතියේ දින පහේම රාතී‍්‍ර 9 ට විකාශනය වීමට නියමිත ය.
මේ ආකාරයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය මගින් ජනාදරයට පත් ගිහාන් රෝහණ ඔහුගේ ටෙලිනාට්‍ය පිළිබඳව සහ සිංහල ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රය පිළිබඳව දැක්වූ අදහස් මෙසේය.
“සමනලියක් ඉකි බින්ඳ්‍ර” ටෙලිනාට්‍යයට පෙ‍්‍ර්ක්‍ෂකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද...?
”මෙම ටෙලිනාට්‍යයට පෙ‍්‍ර්ක්‍ෂකයන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. මම හිතන්නෙ මේ දිනවල විකාශනය වන වෙනත් ටෙලිනාට්‍යවලට වඩා මේ ටෙලිනාට්‍යයේ තේමාවේ වෙනසක් තිබෙනවා.
ඒ හැම කාරණයක්ම නිසා “සමනලියක් ඉකිබින්ඳ්‍ර” ටෙලිනාට්‍යයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. සෙසු නාලිකාවල ප‍්‍රචාරය වන ජනපි‍්‍රය ලක්‍ෂණ සහිත ටෙලි නාට්‍යවලට අභියෝගයක් කිරීමට පුළුවන්කම ලැබීම සතුටට කාරණයක්.
ඔබ මේ දවස්වල අධ්‍යක්‍ෂණය කරමින් සිටින නිර්මාණය මොකක්ද?
”විකිණෙන පිණිකැට” ලෙසයි මේ ටෙලිනාට්‍ය නම් කර තියෙන්නේ. කොටස් සියයක් පමණ මේ නාට්‍යයේ තියෙනවා. නොවැම්බර් මාසයේදී මේ ටෙලිනාට්‍ය විකාශනය වීමට සූදානම් වෙමින් තියෙනවා.
මේ දවස්වල එම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කොළඹ අවට ප‍්‍රදේශවල සිදු කෙරෙනවා. මෙම ටෙලිනාට්‍යයේ නිෂ්පාදනය ඉන්ටර් මීඩියා ආයතනය මගිනුයි සිදුකරන්නේ.
රසිකයන්ගේ හදවත්වලට සමීප වෙන්න පුළුවන් සරල තේමාවක් සහ ආදර්ශවත් තේමාවකුයි “විකිණෙන පිණිකැට” ටෙලිනාට්‍යයට තිබෙන්නේ.
මේ ටෙලිනාට්‍ය සඳහා ප‍්‍රධාන චරිතයට තෝරාගෙන ඉන්නෙ ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයට අලුත් මුහුණක් ලෙස හඳුන්වන්න පුළුවන් අංජලී මල්ලවආරච්චි නම් තරුණ නිළිය.
ඊට අමතරව චන්දික නානායක්කාර, සිරිල් ධර්මවර්ධන, රෙබෙකා නිර්මලි, මොරින් චාරුණී ඇතුළු නව පරපුරේ සහ ප‍්‍රවීණ රංගන ශිල්පීන් රාශියක් දායකත්වය ලබා දෙනවා. මේ ටෙලිනාට්‍ය සංගීතවත් කරන්නෙ රුවන් කුමාර කියන සංගීතවේදියා විසිනුයි. සංස්කරණය කරන්නේ එල්මෝ හැලිඩේ.
අද මෙගා ටෙලිනාට්‍ය ගැන විශාල කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මේ ගැන අදහස් දක්වන සමහරු කියන්නෙ මෙගා ටෙලිනාට්‍ය නිසා ටෙලිනාට්‍ය කලාව වෘත්තිය බවට පත් කරගෙන සිටින විශාල පිරිසක් අපහසුතාවයට පත්වෙන බවයි...?
“මෙගා ටෙලිනාට්‍ය පිළිබඳව බොහෝ අය දක්වන්නේ වැරැදි අර්ථකථනයක්. මෙගා ටෙලිනාට්‍යයක් නම් අඩුම ගණනෙ කොටස් දහසක් ඉක්මවන්න ඕනෑ. නැතිව කොටස් සියයක් දෙසීයක් තිබුණා කියල ඒක මෙගා ටෙලිනාට්‍යයක් වෙන්නෙ නැහැ.
හැබැයි මාත් පිළිගන්නව නාට්‍යයක් ඕනෑවට වඩා දිගට ඇදගෙන යාම සුදුසු දෙයක් නොවන බව. මෙගා ටෙලිනාට්‍ය පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනියෙන්. අදත් කෝපි කඩේ කියල විකාශනය වන්නෙ මෙගා නාට්‍යයක්.
”මම නම් පුද්ගලිකව කල්පනා කරනව එක ටෙලිනාට්‍යයක් දවස් පහේම විකාශනය කළාම එක නාට්‍යයක් ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. ඊට පස්සෙ තවත් අධ්‍යක්‍ෂවරයකුට ඉඩ ලබා දෙන්න පුළුවන්...”
ටෙලිනාට්‍යයටත් චිත‍්‍රපට කලාවට සිදුවූ දෙයම වෙයි කියල සමහරු කියනව. මේ ගැන ඔබේ අදහස මොකක්ද...?
”ටෙලිනාට්‍යවලට යන වියදම් එන්න එන්නම වැඩි වෙනවා. ඒත් ටෙලිනාට්‍ය ශිල්පීන්ගේ ආදායම ඉහළ යන්නෙ නැහැ. එදා රුපියල් දහසක ආදායම් ලබාගත්ත එක්කෙනා අද ගන්නෙ රුපියල් හයසියයි.
මේ නිසා ටෙලිනාට්‍ය ශිල්පීන් අසරණ වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ ගැන බලයේ සිටි කිසිම ආණ්ඩුවක් අවධානය යොමු කරල නැහැ. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනව ටෙලිනාට්‍ය ශිල්පීන් පිළිබඳව අවධානය යොමු කරන්න කියල...”
සංවාද සටහනඋදිත ගුණවර්ධන

No comments: