Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

සිව්වෙනි ආණ්ඩුවට අලුත් පාර්ලිමේන්තුවක්

සිව්වන ආණ්ඩුවේ කි‍්‍රයාකාරින්ට එක්වන්නට අවස්ථාවක් ඇත්නම් ඒ අල්පය. සාමූහිකව සාකච්ඡා කිරීමටත් එකිනෙකා සම¼ඟ අදහස් ප‍්‍රකාශ කිරීමටත් අවශ්‍ය ඉඩකඩ සකස් වී නැති තරම්ය.
පොතපත කියවීමට පවා මාධ්‍ය ආයතනයක හැරුණු විට යායුතු වන්නේ මහජන පුස්තකාලයකටය. නමුත් නවීණ තාක්‍ෂණය උපයෝගයෙන් තොරතුරු සොයා ගැනීම හා අන්තර්ජාලයේ සැරිසරමින් ලෝකයේ බොහෝ දේ සොයායෑමට ද අවස්ථාව හිමිවන්නේ මාධ්‍යවේදීන්ගෙන් ඉතා සුළු පිරිසකට පමණි.
මේ ගැටලුවට කදිම විසඳුමක් ලබාදෙන්නට පසුබිම සැකසුනේ පසුගිය නව වෙනිදාය. ඒ නාරාහේන්පිට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් භූමි භාගයේ ඉදිවන පස්මහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීමෙනි.
මාධ්‍යවේදීන්ට අවශ්‍ය පොත පත නිදහසේ පරිශීලනය කිරීමටත්, විවිධ මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට ඔවුනොවුන් හමු වී කාලීන ප‍්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් සුදුසු පරිසරයක් මේ තුළ නිර්මාණය කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.
ඒ සඳහා සියලු පහසුකම් සහිත පුස්තකාලයක් නිමවන්නටයි මේ සූදානම.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් භූමියේ ඉඳිවන පස්මහල් නව ගොඩනැගිල්ල සඳහා වැයවෙතැයි ඇස්තමේන්තු ගත කර ඇති මුදල රු. මිලියන 261කි.
එයින් රු. මිලියන 100ක් 2008 වර්ෂයේ අයවැය ප‍්‍රතිපාදන මඟින් වෙන්කර දී ඇති අතර තවත් රු. මිලියන 150ක පමණ මුදලක් ලබන වසරේදී මහා භාණ්ඩාගාරය මඟින් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ අනුෂ පැල්පිට මහතා සඳහන් කරන්නේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන ආකාරයට මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන එක් පියවරක් වශයෙන් මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ඉඳි කිරීමට පිඹුරුපත් සැකසුණ බවයි.
ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ල ඉඳිකිරීම වෙනවෙන් ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවකට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
කොටස් දෙකක් වශයෙන් ඉඳිවන ගොඩනැඟිල්ලෙහි එක් පැත්තක් මහල් 5කින්ද අනෙක් කොටස මහල් 3කින් ද සමන්විතය. පුස්තකාලය සඳහා වෙන් වන ඉඩ ප‍්‍රමාණය වර්ග අඩි 12,000කි.
මාධ්‍යවේදීන් සඳහා අවැසි වටිනා, දුලබ ග‍්‍රන්ථ විශාල ප‍්‍රමාණයකින් සැදුම්ලත් මෙම පුස්තකාලය, පොත් බැහැර දෙන අංශයකින්ද විමර්ශන අංශයකින්ද සමන්විත වනු ඇත.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යෝජිත පස්මහල් පාය
මාධ්‍යවේදීන්ට ඔවුනොවුන් හමු වී අදහස් හුවමාරු කර ගැනීමට, කතා බහ තර්ක විතර්ක සිදුකරමින් වඩාත් ඵලදායි හා අර්ථවත් මාධ්‍ය කාර්යභාරයක නියැලීමට පසුබිම සකස්කර දෙනු සඳහා සාකච්ඡා ශාලා ද පුස්තකාලය ඇසුරෙහි ඉඳිකෙරෙන බව පැල්පිට මහතා සඳහන් කළේය.
පක්ෂ, පාට නැතහොත් රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවයකරන මාධ්‍යවේදින් වශයෙන් වර්ගිකරණයකින් තොරව සියලු ම මාධ්‍යවේදීන්ට එකසේ පහසුකම් සැලසීම ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බව පවසන පැල්පිට මහතා තවදුරටත් කියා සිටියේ මෙවැන්නකි.
“සිය දෙනෙකුට පමණක් හිඳ ගැනීමට පහසුකම් තිබෙන, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ශ‍්‍රවණාගාරය හැරුණු විට මාධ්‍යවේදීන්ට වෙන් වුණු වෙනත් ශ‍්‍රවණාගාරයක් නැහැ. මේ ශ‍්‍රවණාගාරයේදී වුණත් මාධ්‍යවේදියකුට ප‍්‍රශ්නයක් අහන්න ඕන වුණාම නැඟිටලා තමයි අහන්න වෙන්නේ.
ඒ නිසා අලුතෙන් ඉඳිවෙන ගොඩනැඟිල්ලේ නවීන තාක්ෂණික පහසුකම්වලින් යුක්ත ශ‍්‍රවණාගාරයකුත් සකස් කෙරෙනවා. ඒ ශ‍්‍රවණාගාරයේ 400 දෙනකුට විතර අසුන්ගැනීමේ හැකියාව තිබෙනවා.
චිත‍්‍රපට ප‍්‍රදර්ශනය, අනෙකුත් උත්සව ආදි බහුවිධ කාර්යයන් සඳහා යොදාගත හැකි පහසුකම්වලිනුත් ශ‍්‍රවණාගාරය සමන්විතයි.
මාධ්‍යවේදීන් 50 - 75 ත් අතර පිරිසකට එක් වරකදි පරිගණක පුහුණුව ලබා දිය හැකි පරිගණක විද්‍යාගාරයක් සහ දේශනාගාරයක අවශ්‍යතාවක් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තිබුණා.
ඒ අනුව පරිගණක 50 - 75 අතර සංඛ්‍යාවකින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් වගේම දේශනාගාර 3ක් සඳහාත් මේ ගොඩනැගිලලේ ඉඩ වෙන්කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ දේශනාගාරවල පරිගණක හා තොරතුරු තාක්ෂණය විෂය සම්බන්ධව විතරක් නෙවෙයි, මාධ්‍යවේදීන් සඳහා භාෂා පුහුණු වැඩසටහන්ද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂා තුන පිළිබඳ මාධ්‍යවේදීන්ට ප‍්‍රවිණත්වයක් ලබාගැනීමට අවශ්‍ය වැඩ සටහන් සම්පාදන කෙරෙනවා.
අපි අදහස් කරන්නෙ නැහැ මාධ්‍යවේදීන්ට ජනමාධ්‍යවේදය උගන්වන්න. ඒත් අපි හිතනවා මාධ්‍යවේදියකුට තමන් භාවිත කරන භාෂාව පිළිබඳ වගේම දෙවැනි භාෂාව ගැනත් වැඩිදුර පුහුණුවක් ලබා දුන්නොත් ගුණාත්මකව ලියන්න, වැඩසටහන් සම්පාදනය කරන්න ඔවුන්ට හැකිවේවි.
මාධ්‍යවේදියකුගේ කාර්යභාරය ඉටුකරන්න එවිට ඔවුන්ට පහසුවේවි. ඒ අදහසින් තමයි මේ භාෂා ප‍්‍රවිණතා පාඨමාලා සංවිධානය කෙරෙන්නේ”
නව ගොඩනැඟිල්ලේහි පැවැත්වීමට සැලසුම් කර ඇති පුහුණු වැඩසටහන් පිළිබඳ එසේ සඳහන් කරන පැල්පිට මහතා දිස්ති‍්‍රක්ක මට්ටමෙන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා දැනටමත් එබඳු පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බවද සිහිපත් කර දෙයි.
පසුගිය අවුරුදු 3 ඇතුළත එවැනි පුහුණු වැඩසටහන් 35ක් පමණ පවත්වා තිබෙන අතර ඔක්තෝම්බර් මාසයේ ප‍්‍රාදේශීය පුහුණු වැඩසටහනක් මඩකළපුව දිස්ති‍්‍රක්කයේ පැවැත්වීමට නියමිතය.
‘ දෙසතිය‘ සඟාව හරහා පාසල් මට්ටමෙන්ද ජනමාධ්‍යවේදය පිළිබඳව පාසල් සිසුනට පුහුණු සැසි පැවැත්වෙන බව පවසන පැල්පිට මහතා වැඩිදුරටත් කියා සිටින්නේ නව ගොඩනැගිල්ල ඉඳිකිරීමත් සමඟ එම සියලු පුහුණු වැඩසටහන් වඩාත් ක‍්‍රමවත් සහ සැලසුම් සහගත ලෙස පවත්වාගෙන යා හැකි බවය.
2009 දෙසැම්බර් මාසය වන විට නව ගොඩනැගිල්ලෙහි ඉඳි කිරීම් අවසන් කර මාධ්‍යවේදීන් සඳහා විවෘත කිරීමට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරයි.
ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රජයේ චිත‍්‍රපට අංශය සහ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකයද අලුත් ගොඩනැගිල්ලේහි ස්ථාපිත කිරීමට නියමිතය.
ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ සහයෝගිත්වයෙන් චිත‍්‍රපට නිර්මාණයට අදාළ පාඨමාලාවක් ද එහි පවත්වාගෙන යාමේ අදහසක් තිබේ. චිත‍්‍රපටයක් රූගත කිරීමේ සිට සංස්කරණය, හඩකැවීම් ආදි සියලු පහසුකමක් ම රජයේ චිත‍්‍රපට අංශය සතුව තිබේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර සහ ටයිටස් තොටවත්ත බඳු ප‍්‍රවීණයන් හටද ඉදිරියට ඒමට මූලාරම්භය සකස් කරදුන් රජයේ චිත‍්‍රපට අංශයට මෙ වර්ෂයේදී වසර 60ක් සපිරෙයි.
චිත‍්‍රපට අංශය සතු සම්පත්වලින්ද මාධ්‍යවේදීනට වැඩිදුරටත් ප‍්‍රයෝජන ලබා ගැනීමට වඩාත් පහසුකම් සහිත ගොඩනැගිල්ලකට ගෙනයාම ප‍්‍රතිඵලදායක වනු ඇත.
සටහන නිලූෂා නිරංජලා, ඡායාරූප - සුදත් මලවීර

No comments: