Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

මං කිසි වරදක් කළේ නෑ දේශීය ආදායම් ලොක්කෙක් කොමිසම හමුවේ හඬා වැටෙයි

සිරන්ජනී කුමාරි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ආනන්ද වික‍්‍රමසිංහ අබේපිටිය මහතා සාක්කි විමසීමටත් පෙර සිය නිර්දෝෂිභාවය ප‍්‍රකාශ කරමින් වැට් බදු වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ හඬා වැටුණේය.
කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වන තමාගේ චරිතය ඝාතනය කිරීම මෙන්ම සිය කීර්තිනාමය ද මෙම සිද්ධිය මගින් විනාශ කර දමා ඇතැයි ද ඒ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ ද පැවසීය.
වැට් බදු වංචාව සම්බන්ධයෙන් දැනට මහාධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතිනවා.
එහෙත් වැට් බදු කි‍්‍රයාවලිය පිළිබඳව නීතිපතිවරයා හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ කිසිදු අවබෝධයක් නොමැතිව මට එරෙහිව කි‍්‍රයා කර තිබෙනවා.
මට එල්ලවී ඇති මෙම අසත්‍ය චෝදනාව නිසා මගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වී තිබෙනවා.
මෙය රජයේ නිලධාරියෙකුට කරන විශාල අපරාධයක්. මට විරුද්ධව දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වා කිසිම චෝදනාවක් ඉදිරිපත් කර නැහැ.
එමෙන්ම මට විරුද්ධව කටයුතු කර නැහැ.
හිටපු කොමසාරිස්වරයා වැට් බදු වංචා නඩුවේ දෙවන සැකකරු වන අතර ඔහු දැනට වසර දෙකක කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.

No comments: