Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 23, 2008

නායකයා හා කණ්ඩායම වැරදි ආකාරයට තේරූ ජාතික රගර් තේරීම් කමිටුව වහාම විසුරුවයි පැය කිහිපයකදී කී‍්‍රඩා ඇමැතිගෙන් අලුත් කමිටුවක්

ශී‍්‍ර ලංකා රගර් කණ්ඩායමේ නායකයා හා කණ්ඩායම තේරීමේ ක‍්‍රමවේදය වැරදි බවට තහවුරු වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා රගර් තේරීම් කමිටුව වහාම විසුරුවා හැරීමට කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ පියවර ගත්තේය.
ඒ සමගම රොහාන් අබේකෝන් මහතාගේ සභාපතිත්වයෙන් නව ජාතික රගර් තේරීම් කමිටුවක්ද කී‍්‍රඩා අමාත්‍යවරයා කඩිනමින් පත් කරනු ලැබීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී රගර් තේරීම් කමිටුව අනුගමනය කළ ක‍්‍රමවේදය හා නායකයා ලෙස දුෂාන්ත ලෙව්කේ ප‍්‍රකාශයට පත් කිරීම වැරදි බවට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට පැමිණිලි රාශියක් ලැබී තිබුණි. එම පැමිණිල්ල පිළිබඳව සොයා බැලීම සඳහා කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම් එස් ලියනගම, වෛද්‍ය මයියා ගුණසේකර , කිරාන් අතපත්තු හා බී. එල්. එච්. පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලදී. එම කමිටුව ලබාදුන් වාර්තාව පදනම් කරගෙන ශී‍්‍ර ලංකා රගර් තේරීම් කමිටුව විසුරුවා හැරීමට තීරණය කළ බව කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ‘ දිනමිණ ‘ ට පැවැසීය.
“ කී‍්‍රඩාවේ පරිපාලන කටයුතු සෑම විටම සාධාරණ විය යුතුයි. එසේ නොවන අවස්ථාවලදී මා දැඩි තීරණ ගන්නවා “ යැයි ලොකුගේ මහතා පැවැසීය.
ජාතික රගර් කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් නොවැම්බර් මාසයේ තායිවානයේදී පැවැත්වෙන රගර් තරගාවලියට නම් කරන ලද කී‍්‍රඩකයන් රැසක් කණ්ඩායමෙන් ඉවත් වීමත් සමග රගර් ක්‍ෂෙත‍්‍රයේ විශාල ආන්දෝලනයක් ඇතිවිය. තරගාවලියට සහභාගීවන ශී‍්‍ර ලංකා පිලේ නායකයා ලෙස දූෂාන්ත ලෙව්කේ නම් කිරීමට විරෝධය පළ කරමින් මහනුවර කී‍්‍රඩා සමාජයේ සංජීව ජයසිංහ ඇතුළු කී‍්‍රඩකයන් විශාල පිරිසක් ජාතික සංචිතයෙන් ඉවත් වූහ.
එම කී‍්‍රඩකයන් පිරිස රගර් කී‍්‍රඩාවේ අසාධාරණකම් පිළිබඳ ලිඛිතව හා වාචිකව කී‍්‍රඩා අමාත්‍යවරයාට පැමිණිලි ගොනු කළහ.
කී‍්‍රඩා අමාත්‍යවරයා පත්කළ විශේෂ කමිටුව මගින් ශී‍්‍ර ලංකා රගර් තේරීම් කමිටුවේ හා ශී‍්‍ර ලංකා රගර් සංගමයේ නිලධාරීන්ගෙන් මෙම පැමිණිලි පිළිබඳ ප‍්‍රශ්න කර වාර්තාවක් සකස්කර අමාත්‍යවරයාට භාර දී ඇත.
අදාල රගර් තරග සංචාරයට නායකයා තෝරා ඇත්තේ කණ්ඩායම තෝරා ගැනීමට පෙර බවත් සංචිතය තේරීමටත් කලින් එවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීම වැරදි පූර්වාදර්ශයක් බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත.
ජපුනා ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කි‍්‍රයාත්මක වූ ශී‍්‍ර ලංකා රගර් තේරීම් කමිටුව වහාම තහනම් කළ කී‍්‍රඩා අමාත්‍යවරයා රොහාන් අබේකෝන් (සභාපති ), නසීම් මොහොමඩ්, එම්. එච්. මාසෝ , දමින්ද රූපසිංහ හා රොහාන්ත පීරිස් යන මහත්වරු නව තේරීම් කමිටුවට නම් කර ඇත.

No comments: