Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 24, 2008

ජනපතිගෙන් ෂෙහාන්ට ලක්ෂ 32ක මුදල් තෑග්ගක් සහාය දිවීමේ කී‍්‍රඩකයන්ට පුහුණුකරුවන්ට මුදල් තෑගි

ප‍්‍රින්ස් ගුණසේකර
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සිටින සුපිරිතම කෙටිදුර ධාවන සූර ෂෙහාන් අඹේපිටියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 32ක මුදල් ත්‍යාගයක් ප‍්‍රදානය කළේය. ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී ෂෙහාන් අඹේපිටියට නිල පිළිගැනීමේ උත්සවයක් පවත්වා එහිදී මෙම මුදල් ත්‍යාගය පිරිනැමීය.
එමෙන්ම ෂෙහාන් අඹේපිටියගේ පුහුණුකරු වූ සුනිල් ගුණවර්ධන මහතාට රුපියල් 862500ක මුදලක්ද මීටර් 100 ය 4සහය දිවීමේ කණ්ඩායමේ රොෂාන් චාමර, රනිල් ජයවර්ධන හා කීත්ද මෙල් යන කී‍්‍රඩකයන්ට රුපියල් 225000 බැගින් ද ජනාධිපතිතුමා පිරිනැමීය.
නලීන් විතාරණ, ජේ.ඩබ්ලිව්.විමලරත්න හා සුරේෂ් චම්පික යන එම කී‍්‍රඩකයන්ගේ පුහුණුකරුවන්ට ද රුපියල් 62,500 බැගින් පිරිනැමුණි. කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙම මුදල් ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට එක්වූවේය.
ෂෙහාන් අඹේපිටිය ඇතුළු යොවුන් කී‍්‍රඩකයන් මෙවැනි අවස්ථාවක දැක්වූ දක්ෂතාව අගය කළ ජනාධිපතිතුමා ඉදිරියේ දී අවශ්‍ය සියලු සහයෝගයන් ලබාදීමට පොරොන්දු විය.
මෙම මුදල් ත්‍යාගයෙන් තම නිවසේ බොහෝ අඩුපාඩු සකසා ගැනීමට බලාපොරොත්තුවන බව යොවුන් කෙටිදුර ධාවන සූර ෂෙහාන් අඹේපිටිය ප‍්‍රකාශ කළේය. මගේ අම්මා අසනීප වෙලා හිටියේ.
ඒ අසනීපය සුව කරගන්න විශාල මුදලක් වැයවුනා. අපේ ගෙදර අය ණය වුනා. ඒ ණයටික බේරගන්න මේ මුදලින් දැන් පුළුවන් “ෂෙහාන් අරලිය ගහ මන්දිරයේදී දිණමිනට පැවැසීය.

No comments: