Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

ඉන්දියාව හෝ වෙනත් කිසිම රටකින් අභ්‍යන්තර ප‍්‍රශ්නය ගැන බලපෑමක් නෑ - ඇමැති රෝහිත බෝගොල්ලාගම

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ඉන්දියාව හෝ ලෝකයේ වෙනත් කිසිම රටක් මෙරට අභ්‍යන්තර ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් එල්ලකොට නැතැයි විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප‍්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප‍්‍රකාශකළේ ඉන්දියාවෙන් ලංකාවේ ප‍්‍රශ්නය විසඳීම සඳහා කිසියම් බලපෑමක් එල්ලවී ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර විජිත හේරත් සහ ජාතික නිදහස් පෙරමුණු මන්තී‍්‍ර විමල් වීරවංශ මහත්වරු නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
විදේශ කටයුතු ඇමැති රෝහිත බොගොල්ලාගම මහතා එහිදී මෙසේද ප‍්‍රකාශ කළේය.
ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පසුගිය සෙනසුරාදා ඇතිවූ දුරකතන සංවාදයේදී ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය පිටුදැකීමටත් එල්. ටී. ටී. ඊ. සංවිධානය නිරායුධ කර දේශපාලන විසඳුමකට එළඹීම සම්බන්ධයෙනුත් පැහැදිලිවම කතා කළා.
සරණාගතයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය ගෙන යන කි‍්‍රයාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වුණා.
සරණාගතයන්ට සහන සැලසීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට අත්දැකීම් රැසක් තිබෙනවා.
මුස්ලිම් සරණාගතයන්ට වසර 15ක් තිස්සේ නැඟෙනහිර පළාතේ සහන සැලසුවා. යාපනය ප‍්‍රදේශයේ ද, සරණාගතයන්ට සහන සැලසීමට රජය දිගටම කි‍්‍රයා කරමින් සිටිනවා.
නැඟෙනහිර මුදා ගැනීමේදී ලක්‍ෂ 4ක පමණ සරණාගතයන්ට සහන සැලසීමට රජය කි‍්‍රයා කළා. ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් සිදු නොවන අයුරින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳ ජාත්‍යන්තර පැසසුමට ලක් වුණා.
කිළිනොච්චි – මූලතිව් ප‍්‍රදේශවල සරණාගතයන්ට සහන සැලසීම සඳහා රජය ඉතා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් අනුගමනය කරන බව ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට පැවසුවා. ඉන්දියාව ශී‍්‍ර ලංකාවට ඉතා සමීප රටක්. ත‍්‍රස්තවාදය පිටුදැකීම පිළිබඳ අප දෙරටම දරන්නේ එකම මතයක්.
ශී‍්‍ර ලංකාවේ සෛවරී භාවයට භෞමික අඛණ්ඩතාවට හැම අයුරකින්ම උපරිම සහාය දෙන බව ඉන්දීය රජය ප‍්‍රකාශ කර තිබෙනවා. අප දෙරට ඇති සමීප සම්බන්ධතාවය දෙරට අතර ඓතිහාසික සබඳතාවයට හොඳ පිටුවහළක් වෙනවා. වත්මන් රජය ඉන්දියාව සමඟ ඇතිකරගෙන තිබෙන සම්බන්ධතාව මේ ප‍්‍රශ්නය සුහඳශීලීව විසඳ්‍රගැනීමට හේතු වෙනවා.
තමිල්නාඩුව දෙමළ ජනතාව ගේ සුබ සිද්ධිය පිළිබඳ කටයුතු කරනවා. එය අප පිළිගත යුතුයි. ඒ පිළිබඳ අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ඉන්දියාවේ තව නොබෝ දිනකින් මහ මැතිවරණයක් තිබෙනවා.
එවැනි අවස්ථාවලදී ඔවුන් ගේ අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන් සරණාගතයන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන රාමේශ්වරමේ දී ඊයේ දිනයේදීත් විරෝධතාවක් තිබුණා.
මෙහි දී කොටින්ගේ කොඩිය ඔසවාගෙන විරෝධතා දැක්වීමේ දී තමිල්නාඩු පොලිසිය එය වැලැක්වූවා. මෙමඟින් අපට පැහැදිලි ප‍්‍රකාශයක් ලැබුණා.
එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටින පිරිස්වලට තමිල්නාඩු රජය විසින් යම් ප‍්‍රකාශයක් කළා. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදී සංවිධානයට එරට කි‍්‍රයාත්මක වීමට ඉඩක් නොමැති බවට මෙය හොඳ ප‍්‍රකාශනයක්.
තමිල්නාඩු රජයත් එවැනි කි‍්‍රයාවලට ඉඩ නොදෙන බව එයින් පැහැදිලි වෙනවා.
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව මේ කි‍්‍රයාදාමය පිළිබඳ හොඳ අවබෝධයෙන් කටයුතු කරන බව නැවතත් කිව යුතුයි. දෙරට අතර හොඳ සංවාදයක් කෙරීගෙන යනවා.
රවී කරුණානායක මහතා ගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විදේශ ඇමැති බෝගොල්ලාගම මහතා බැසිල් රාජපක්‍ෂ මහතා නවදිල්ලියට ගොස් මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ඉවහල් වන බව ද ප‍්‍රකාශ කළේ ය.

No comments: