Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

චීන කිරි වැනි ප‍්‍රශ්නවලදී කලබල නොවී විමසිල්ලෙන් ඉන්න - රූමි මර්ෂුක් - පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති

විස සහිත චීන කිරිපිටි මෙරටට ඇතුළු වී තිබේදැයි සොයා බලන්නට පාරිභෝගික අධිකාරිය කි‍්‍රයා කළේ කෙසේද , මෙවැනි තත්ත්වයන් හමුවේ පාරිභෝගික ජනතාව කි‍්‍රයා කළ යුත්තේ කෙසේද වැනි කාරණා පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා අප සමඟ මෙලෙස අදහස් දක්වයි.
චීනයේ කිරිපිටි විස වීම පිළිබඳ වාර්තාවීමත් සමඟ මෙරට වෙළෙඳපොළටත් ඒවා පිවිස තිබේද යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමුවුණා. මේ කාරණයේදී පාරිභෝගික කටයුතු අධිකාරිය කි‍්‍රයා කළේ කොහොමද ?
චීනයේ සමහර කිරිපිටි වර්ගවල ‘මෙලමයින්’ ඇතැයි බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට වාර්තා වීමත් සමග මෙරටට කිරි පිටි ගෙන්වන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූවා.
එහිදී කිරිපිටි සාම්පල් ලබාගෙන මේ සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමට සහාය වන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව, එම පරීක්ෂණ සඳහා වැයවන මුදල් දැරීමටත් එම සමාගම් එකඟ වුණා.
මේ සාම්පල සිංගප්පූරුවට යැවීමට සිදුවුණේ මෙරට ( I TI ඊට අවශ්‍ය පහසුකම් නොතිබූ නිසයි. අදාළ උපකරණ මෙරටට ගෙන්වා පරීක්ෂණ කරන්න ගියානම් කල්ගතවන නිසා අහඹු ලෙස ලබාගත් මෙම සාම්පල සිංගප්පූරුවට යැව්වා.
එම පරීක්ෂණ වාර්තාව අපට ලැබුණේ 15 දා. ඒ අනුව කොත්මලේ මැලිබන්, නෙස්පෙ‍්‍ර්, ඇන්කර්, ඩයමන්ඩ් යන කිරිපිටි වර්ග පහේම මෙලමයින් හෝ සෞඛ්‍යයට අහිතකර දෑ අඩංගු නොවන බවට සඳහන්.
එම වාර්තා අපි බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට යොමුකළා. මේ හැරුණුවිට අනෙක් පරීක්ෂණ වාර්තා ඉදිරි දින කිහිපය තුළ අපට ලැබීමට නියමිතයි. පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන්නේ ඒඹ්ඉ නම් සිංගප්පූරු පරීක්ෂණ ආයතනය විසින්.
මේ කටයුතු එසේ සිදුවන අතර චොක්ලට් නිෂ්පාදන සමාගමක චීන කිරිපිටි ඇතැයි අපට මහජනයාගෙන් තොරතුරක් ලැබුණා.
මේ ගැන සොයාබලා ගතයුතු පියවර සාකච්ඡා කිරීමට එන්නැයි අප ලිඛිතව කළ දැනුම්දීම මේ සමාගම නොතකා හැරිය නිසා අපරාධ නීතිය යටතේ අප අධිකරණය හමුවට ගියා.
ඒ අනුව එම නිෂ්පාදන සඳහා චීන කිරිපිටි යොදාගැනීම අත්හිටුවමින් අපි මහේස්ත‍්‍රාත් උසාවියෙන් නියෝගයක් ලබා ගත්තා.
එම සාම්පල්ද අපි පරීක්ෂාවට යැව්වා. වාර්තා ආ විගස අධිකරණයට ඉදිරිපත් කර සුදුසු කි‍්‍රයා මාර්ග ගන්නවා.
මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් මෙලමයින් ඇතැයි සොයාගත් ආහාරද්‍රව්‍ය 60 ක් පිළිබඳ ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත්කර, ඒවා මෙරට තහනම් කර තිබෙනවා. ඒවා අලෙවිකිරීම වැළැක්වීම සඳහා ඔබට කි‍්‍රයාකළ හැකිද ?
මෙවැනි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර පාලන ඒකකයට බලතල තිබෙනවා.
මේ නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඒ අනුවයි.
අපි පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේ කාරණයට මැදිහත්වුණේ ඊට අමතරවයි.
නමුත් මෙහිදී අපි වෙළෙඳපොළට ගිහින් භාණ්ඩ අත්අඩංගුවට ගනිමින් කි‍්‍රයා කළොත් ජනතාව මේ ගැන කලබල විය හැකියි.
අපි මුලින් සාම්පල් ලබාගෙන පරීක්ෂණ සඳහා යොමුකළේ එවැනි තත්ත්වයක් ඇති නොවන්නැයි දැන් එහි ප‍්‍රගතිය විමසා බලා අවශ්‍යය පියවර ගන්නට පුලුවනි.
ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව ප‍්‍රසිද්ධ කරල තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරු අනුවයි පරීක්ෂණවලදී කරුණු සනාථවන තෙක්. අපට වෙනත් කි‍්‍රයාමාර්ග ගන්න බැහැ.
එම ලැයිස්තුවේ සඳහන් ආහාර ද්‍රව්‍යයක් කිසියම් වෙළඳසැලක අලෙවිකරන බවට ඔබට තොරතුරක් ලැබුණොත් නීතියට අනුව ඒ ගැන ක‍්‍රියා කරනවාද ?
යම් ආහාර ද්‍රව්‍යයක මෙලමයින් හෝ මිනිස් පරිභෝජනයට අහිතකර දෙයක් අඩංගු යැයි අපට වාර්තාවක් ලැබුණොත් පොලීසිය සමඟ එක්ව ඊට එරෙහිව කි‍්‍රයාකරන්න අපට පුලුවනි.
එවැනි තහවුරුවක් නැතිව අපි කි‍්‍රයාත්මක වුණොත් ජනතාව කලබල වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ළමයින්ගේ ආහාරවර්ග ගැන පවා සඳහන්වන නිසා විශාල ප‍්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවනි.
ඒ නිසා අනවශ්‍ය කැළැඹීමක් ඇති නොවන පරිදි අපි මේ කටයුතු අදියරෙන් අදියර ඉදිරියට ගනිමින් සිටින්නේ.
මන්චි ලෙමන්පෆ් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව අහිතකර ප‍්‍රචාරයක් ගෙනයාමේ තත්ත්වයක් මේ සමඟ මතු වුණා නේද
ඒ ප‍්‍රචාරය ඇතිවෙලා තිබුණේ විදේශ රටකයි. පසුව අන්තර්ජාලය සහ ඉ ර් ඉ පණිවුඩ ඔස්සේ එය ව්‍යාප්ත කෙරුණා. නමුත්, එවැනි වාර්තා පළවූ පමණින් අපට පියවරක් ගන්න බැහැ.
කෙසේ නමුත් එම වාර්තා පිළිබඳ අදාළ සමාගමත් සමඟ ඇමැතිතුමා සහ අපි සාකච්ඡා කළා. පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් මන්චි ලෙමන් පෆ් වෙළඳපොළෙන් තාවකාලිකව ඉවත්කරගන්නා බව සමාගම අපිට දැනුම් දුන්නා.
දැන් එම වාර්තා ලැබී තිබෙනවා. ඒඅනුව මන්චි ලෙමන් පෆ්වල අහිතකර දේවල් නැති බව තහවුරු වුණා.
වර්තමාන වෙළෙඳ රටාව ගොඩනැගිල තියෙන්නේ සාධාරණ වෙළෙඳ්‍රමක් තුළින් ලාභ ඉපැයීමට වඩා ලාභය උපරිමකර ගැනීම (profit maxinaitation) මත පදනම්ව ඒ ඔස්සේ සමාගම් අශිෂ්ට තරඟයක යෙදෙනු දැකගත හැකියි. එහි ප‍්‍රතිඵලයක් භාණ්ඩවල ගුණාත්මක භාවය පිරිහීම. එය සෘජුව පාරිභෝගිකයාට බලපානවා. එහිදී පාරිභෝගික අධිකාරිය අවශ්‍ය තරම් මැදිහත්වීමක් කරනවාද?
එසේ බාල අන්දමින් භාණ්ඩ නිපදවනවා යැයි පැමිණිල්ලක් අපට ලැබුණොත් පනත අනුව අපට කි‍්‍රයාකරන්න පුලුවනි.
අපට වැටලීම් කණ්ඩායමකුත් තියෙනවා. එවැනි තොරතුරු අනුව ඔවුන් කි‍්‍රයාත්මක වෙනවා.
තමන් කරන පැමිණිලි සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ග ගන්නවා ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති නොවනවා නම් ඔවුන් උදාසීන වෙනවා. ඇතැම්විට දූෂණ නිලධාරී තන්ත‍්‍රයක් හේතුවෙන් මේ විශ්වාසයට හානි සිදු වෙනවා. මෙවැනි තත්ත්වයන් ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද ?
අපේ නිලධාරීන් වැටලීම් ඇතුළු ඔවුන්ගේ කාර්යයන් ඉතාම කාර්යක්ෂම ලෙස කරගෙන යන බව මම පැහැදිලිවම කියන්න ඕන. පැමිණිලි පිළිබඳ ගත් කි‍්‍රයාමාර්ග, නීති කටයුතු ආදී සියල්ල පිළිබඳ ඇමැතිතුමාට දිනපතා වාර්තා කළ යුතුයි.
අපට තිබෙන පහසුකම් අනුව, දුෂ්කරතාවන් පවා දරාගනිමින් අපේ නිලධාරීන් රාජකාරිය උපරිමයෙන් කරනවා.
අනෙක, යම් පදනමන් නැතිව නිකරුණේ නිලධාරීන්ට චෝදනා කළොත් සිදුවෙන්නෙ ඔවුන් අධෛර්යය වන එකයි. ඒ නිසා එසේ නොවන පරිදි නිලධාරීන් සමඟ දෛනික සාකච්ඡා පවා පවත්වමින් අපි මේ කටයුතු කරගෙන යනවා.
පැමිණිලි වගේ දේවල් සම්බන්ධයෙන් ඇමැතිතුමාගේ උපදෙස් යටතේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අංශය අලුතෙන් ඇති කළා. එමගින් පාරිභෝගික පැමිණිලි ඔස්සේ සොයාබලා නඩු පවරනවා.
මෙවැනි අංශයක් ඇති කෙරුණේ පළමුවතාවටයි. එම තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ලෙස චන්ද්‍රිකා තිලකරත්න මත්මිය කටයුතු කරනවා.
ක්ෂණික දුරකථනය වන 2321691 මඟින් හෝ ෆැක්ස් අංක 2399148 මඟින් ජනතාවට අප වෙත තොරතුරු ලබාදීමට පුලුවනි.
මෙවැනි සංකල්ප තව තවත් වර්ධනය කරමින් පාරිභෝගිකයාට හොඳ සේවයක් ඉටුකිරීම අපේ බලාපොරොත්තුවයි.
ඕනෑම අවස්ථාවක එම අංකඔස්සේ අප අමතා වගකීමෙන් යුතුව තොරතුරු ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. ලිඛිතවත් තොරතුරු එවන්න පුලුවනි..
එසේ ලැබෙන තොරතුරු පරීක්ෂාකර බලා අප විසින් අවශ්‍ය කටයුතු සඳහා යොමු කරනවා. සමථයකට පත්කළ හැකි කාරණා සම්බන්ධයෙන් එසේ කරනවා.
සෙසු ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය අපට තිබෙනවා.අපගේ තොරතුරු අංශය මාසිකව රාජ්‍ය දෙපාර්තමේන්තු ආයතන කරා ගොස් මේ දේවල් ගැන මහජනයා දැනුවත් කරනවා.
මෙය එකවරම කි‍්‍රයාත්මක කළහැකි දෙයකුත් නොවෙයි. ඒ නිසයි අදියරෙන් අදියර කි‍්‍රයාවට නංවන්නේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ කාර්්‍යයන් සපුරාලීමේදී අදාළ වෙනත් ආයතනත් සමඟ සම්බන්ධීකරණය සතුටුදායකයි ද?
ඇමැතිතුමා අධිකාරියට සභාපතිවරයකු පත්කළා. ඔහු යටතේ විධායක අධයක්ෂවරු තිදෙනෙක් ඉන්නවා. ඊට අමතරව 30 දෙනෙකුගෙන් පමණ සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා.
යම් කිසි තීරණයක් ගන්නේ එම මණ්ඩලය හරහායි. නිදසුනක් ලෙස ගෑස් මිල ගත්තොත්, එම සමාගම් දෙක මිල වැඩිකිරීම සඳහා මාස දෙකෙන්දෙකට ඉල්ලීම් කරනවා.
එම ඉල්ලීම් යොමු කරන්නේ සභාපති වරයාටයි. ඔහු එය අදාළ අංශයට යොමුකරනවා. එහිදී සවුදි ඇරැම්කෝ මිල සහ වෙනත් කාරණා සළකා බලා එය අනු කොමිටියට යොමුකරනවා.
ඔවුන් එම මිලගණන් නියමකිරීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම සිදුකරනවා එතැනින් ඔබ්බටයි ඇමැතිතුමාත් මේ ගැන විමසලා මිල ගැන තීරණයක් ගන්නේ.
විශේෂයෙන් ආහාර වර්ග වෙත අවධානය යොමුකළොත්, ඒවායේ ඉහළ පෝෂණ ගුණයක් ඇතැයි කියා පෑමට සමාගම් නොයෙක් උපක‍්‍රම භාවිත කරනවා. ඇතැම් විට ඒවායේ අන්තර්ගත යැයි ඔවුන් පවසන දේවල් සමාගම්වල නිර්මාණ මිසක් ඇත්තටම තියෙන දේවල් නොවෙයි. එසේ පාරිභෝගිකයා නොමඟ යැවීමට ඉඩ දෙන්නේ ඇයි ?
සමාගම් අතර තරඟයත් මීට හේතුවක් එවැනි අක‍්‍රමිකතා සිදුවන බව අපට වාර්තා වුණොත් එම පැමිණිලි පාරිභෝගික අධ්‍යක්ෂ ජනරාල් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ කවුන්සිලය වෙත යොමුකරනවා.
ඒවා ගැන සම්පූර්ණ පරීක්ෂණයක් සිදුවන්නේ එහිදී.
අවශ්‍යනම් විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන්ගේ සහාය ලබාගන්නවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආහාර පාලන ඒකකය, ආහාර පනත උල්ලංඝණය වී ඇති දැයි සොයා බලනවා. පාරිභෝගිකයන්ගෙන් අපට පැමිණිල්ලක් ඉදිරිපත් වුණොත් ආහාරවර්ගවල අන්තර්ගත එවැනි දෑ පිළිබඳ සොයාබැලීමට රජයේ රස පරීක්ෂඛ වෙත යොමුකරනවා.
එහිදී මිනිස් පරිභෝජනයට අහිතකර යැයි වාර්තා වුණොත් අදාළ නිෂ්පාදන වලට එරෙහිව අපි කි‍්‍රයා කරනවා.
පැමිණිල්ලක් නැතිවත් අපි කි‍්‍රයාත්මක වන අවස්ථා තියෙනවා. නිදසුනක් තමයි මේ කිරිපිටි ප‍්‍රශ්නය. නමුත් මේවා සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීමේදී ඊට අවශ්‍ය දැනුම පහසුකම් ආදී සියල්ල තිබෙන්නේ ආහාර පාලන ඒකකය සතුවයි.
කිරිපිටි විසවීම පිළිබඳ කාරණය මෑතක ආන්දෝළනයට තුඩුදුන් විශාල ගැටලුවක්. මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාවට ගතහැකි කි‍්‍රයාමාර්ග මොනවාද?
නූතන වෙළෙඳ තරගකාරිත්වය තුළ මෙවැනි දේවල් අපේක්ෂාකළ හැකි නිසා ඒවා ගැන විමසිල්ලෙන් සිටින ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලනවා.
මෙවැනි අවස්ථාවක කලබල වියයුතු නැහැ. මෙහිදීත් අපි ඇමැතිතුමාගේ මෙහෙයවීමෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගත්තා. මහජන සහාය හරිම වැදගත්. ඇතැම්විට ව්‍යාජ පැමිණිලි පවා ලැබෙනවා.
වන්දි මුදලක් අපේක්ෂාවෙන් හෝ වෙනත් අරමුණකින් ඔවුන් එසේ කරනවා විය හැකියි.
එවැනි දේ වලින් වළකින ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලාසිටිනවා. ඕනෑම අවස්ථාවක වගකීමේ සහගතව අපිට පැමිණිල්ලක් යොමුකරන්න අපේ නිලධාරීන් ඉතා කාර්යක්ෂමව ඒවා ගැන විමර්ශනය කරන්න සූදානම්.
යම් යම් පියවර ගැනීමේදී දැනට ඇති පාරිභෝගික විධි විධාන ප‍්‍රමාණවත් ද?
ළඟදීම මේ පනත සංශෝධනය වෙනවා. ඇමැතිතුමා ඒ ගැන කි‍්‍රයා කරලා, නීති බලතල තවත් දැඩිකර දඩමුදල් සංශෝධනය කිරීම් වැනි දේත් සිදුකර පනත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරලයි තියෙන්නේ.
එය අනුමත වී ලැබුණු පසු නව පනත කි‍්‍රයාත්මක වන විට අපේ බලතල තවත් පුළුල් වෙනවා.
අපි මෙවැනි කි‍්‍රයාමාර්ගවලින් ඔබ්බට යමින්, දැනුවත් කිරීමේ කි‍්‍රයාවලියකත් යෙදෙනවා. විශේෂයෙන් එහිදී පාසල් දරුවන් හරහා එම පණිවුඩ සමාජයට රැගෙන යා හැකියි.
එහිදී ඔක්ත¤බර් - නොවැම්බර්, දෙසැම්බර් මාස 03 දී දකුණු පළාත කේන්ද්‍රකරගනිමින් පාසල් ආශ‍්‍රිතව අපි එම වැඩ පිළිවෙළ කි‍්‍රයාවට නංවනවා. ඉන්පසු සෙසු පළාත් කරාත් යොමුවෙනවා. එමඟින් සාර්ථක ප‍්‍රතිඵල ලබන්න හැකිවන බව අපට විශ්වාසයි.
සාකච්ඡා කළේධම්මික සෙනෙවිරත්න

No comments: