Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

මුලතිව් බේරා දෙන්නැයි ප‍්‍රභාගෙන් සරණාගතයන්ට කන්නලව්වක්

කොටි සංවිධානයේ පරිපාලන කටයුතු සියල්ල බිඳ වැටිලා
විජයානි එදිරිසිංහ
කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් මුලතිව් සරණාගත කඳවුරුවලට පැන ආරක්ෂක හමුදාවෙන් මුලතිව් බේරාගැනීමේ සටනට සහාය දෙන්නැයි ආයාචනය කර තිබේ.
බලහත්කාරයෙන් මහජනතාවට තර්ජන එල්ල කරමින් යුද්ධයට සම්බන්ධ කර ගන්නවා වෙනුවට මෙවර ප‍්‍රභාකරන් මහජනතාවට ආයාචනා කිරීමට පටන්ගෙන ඇත.
කිලිනොච්චි ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් පැමිණි සරණාගතයන් විශාල පිරිසක් මුලතිව් සරණාගත කඳවුරුවල සිටින බව එහි සිට පළා ආ වැසියෝ ප‍්‍රකාශ කර සිටිති. ඊයේ අලුයමද 39 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මුලතිව් සිට පළා ඇවිත් පුල්මුඩේදී ආරක්ෂක අංශ වෙත බාරවී තිබේ.
ප‍්‍රභාකරන් සරණාගත කඳවුරුවලට පැමිණ ආයාචනය කළ දිනයේ එහි සිටි පිරිසට ආහාර වේලක්ද ලබාදී ඇති බව කියැවේ.
මීට පෙර ප‍්‍රභාකරන් කිසිම අවස්ථාවක උතුරේ ජනතාව මුණගැසී නැත. ඔහු මුලතිව් සිට කිලිනොච්චි බලා යන අතරතුරදී සාමාන්‍ය ජනතාවට ඔහු දැක ගැනීමට ඉඩ නොලැබෙන පරිදි ඔහු යන රථ පෙළ දෙසට පිටුපස හරවා සිටිය යුතුව තිබිණි.
ආරක්ෂක හමුදා උතුරේ බලය ක‍්‍රමයෙන් තහවුරු කර ගැනීමත් සමඟ කොටි සංවිධානයේ පරිපාලන කටයුතු සියල්ලක්ම බිඳ වැටී තිබේ. දැඩි පිරිස් බල හිඟයකට මුහුණ දී සිටින කොටි නායකත්වය මේ වනවිට උතුරේ ජනතාවගෙන් සටන්වලට සහභාගි වන ලෙසට ආයාචනය කරන තත්ත්වයට පත්වී ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
කෙසේ වූවද මිනිස් පළිහක් ලෙස යොදාගෙන සිටින මේ පිරිසට මුලතිව් ප‍්‍රදේශයෙන් පළයාම තහනම් කර තිබේ. මේ නිසා මේ පිරිස් ආරක්ෂක හමුදා වෙතට යා ගැනීමට හැකියාවක් නොහැකිව සිරවී සිටිති.

No comments: