Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

ජනාධිපතිතුමා සියලු ජන කොටස්වලට එක වගේ සලකනවා -රිෂාඩ් බදියූදීන් - නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති

වන්නියේ මුදා නොගත් ප‍්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා රජය ගෙන තිබෙන කි‍්‍රයාමාර්ග මොනවාද ? උතුරේ යුද මෙහෙයුම් පිළිබඳ, තමිල්නාඩු ප‍්‍රාන්තයේ ස්ථාවරය සහ වර්තමාන දේශපාලන පෙළගැසීම් ගැන මෙන්ම අවතැන් ජනතාවට බලපාන ප‍්‍රශ්න පිළිබඳ ඇමැති රිෂාඩ් බදියූදීන් මහතා දැක් වූ අදහස් පහත දැක්වේ.
වන්නියේ මුදා නොගත් ප‍්‍රදේශවල ජනතාවට ලැබිය යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේදී සිදුවන අඩුපාඩු නිසා එම ප‍්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවට දෙමළ සන්ධාන මන්තී‍්‍රවරු හා ඇතැම් මාධ්‍ය ආණ්ඩුවට චෝදනා කරනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ඔබේ අදහස් මුලින්ම දැනගන්න කැමතියි.
දෙමළ සන්ධාන මන්තී‍්‍රවරුන්ගෙන් සහ ඇතැම් මාධ්‍ය නඟන මේ චෝදනාව මම තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.
පසුගිය සති දෙක තුළ රජය මගින් වන්නියට අවශ්‍ය කරන සියලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීලා තිබෙනවා.
වන්නිය කියන්නේ අපේම රටේ කොටසක්. වන්නියේ ඉන්නෙත් අපේ රටේ ජනතාව. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුපාඩුවක් නැතිව සැපයීම අපේ යුතුකමක්.
මම එක දෙයක් කියන්න කැමතියි අද මේ ජනතාවට ලොකුම සතුරුකම කරන්නේ දෙමළ ජනතාවගේ විමුක්තිකාමීන්ය කියා ගන්නා එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.
මතකයෙන් පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ ආහාර ලොරිවලට කොටි සංවිධානය කළ දේ තමන්ගේ ජනතාව ගැන අබමල් රේණුවක හෝ ආදරයක් තියෙනව නම් ඔවුන් එහෙම දෙයක් කරන්නේ නැහැ.
සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකයෙකුටම සතුරුකම් කළේ කොටි සංවිධානය. ඔවුන් විමුක්තිකාමී සංවිධානයක් කියා කවුරු හරි කියනවා නම් ඒක විහිළුවක්.
අද කොටි සංවිධානය තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයන් සල්ලිවලට අරගෙන දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරු කොටින්ට පක්ෂව කතා කරන්නේ මරණ බය නිසයි. අද වෙනකොට එල්.ටී.ටී.ඊ.සංවිධානයට ඉදිරි පැවැත්මකුත් නැහැ.
මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ ආණ්ඩුව සියලු ජනකොටස්වලට සමාන ලෙස සලකන ආණ්ඩුවක්. ඒ බව අද එල්.ටී.ටී.ඊ. යෙන් ඉවත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතු වුණ කරුණා හා පිල්ලෙයාන්ලත් පිළිඅරගෙන තියෙන්නේ.
උතුරේ සටන් නිසා අවතැන් වූ ජනතාව සහල් මෙටි‍්‍රක් ටොන් එක්දහස් පන්සිය දහ අටක් යවල තියෙනවා.
ඊට අමතරව තිරිඟු පිටි මෙටි‍්‍රක් ටොන් තුන්සිය හැත්තෑ අටක් සීනි මෙටි‍්‍රක් ටොන් දෙසිය පනස් පහක්, පරිප්පු, පොල්තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් වන්නියටත් අවතැන් වූ පිරිස් පැමිණ සිටින මන්නාරම දිස්ති‍්‍රක්කයටත් යැව්වා.
ඉදිරියේදී අවශ්‍යතා මත තවත් ආහාර ද්‍රව්‍ය තොග එම ප‍්‍රදේශවලට යැවීමට සැලැසුම් කරල තියෙනවා.
ඒ වගේම අවතැන් ව සිටින ජනතාවට පිසූ ආහාර ලබාදීමට රුපියල් මිලියන තිහක මුදලක් මුලතිව් සහ කිලිනොච්චියේ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට මුදා හැරල තියෙනවා.
රජය උපරිමයෙන් එම ජනතාවට අවශ්‍ය පහසුකම් සපයමින් ඉන්නේ.
ඒ නිසා කවුරු හරි කියනව නම් රජය දෙමළ ජනතාවට සලකන්නේ නැහැ. හිරිහැරකරනව කියනව නම් ඒක වැරදි කතාවක්.
ඔබ කියන්නේ යුදමය වාතාරණය උග‍්‍ර වී තිබෙන මේ මොහොතේදී පවා වන්නියේ දෙමළ ජනතාව සර්ව සම්පූර්ණ ජීවිතයක් ගත කරන බවද ?
යුද්ධයක් තියෙන ප‍්‍රදේශයක මුළුමනින්ම සාමාන්‍ය තත්ත්වයක් තියෙන්න බැහැ. ඒත් අපිට වන්නියේ ජනතාවගේ එදිනෙදා ජීවිතය සඳහා අවශ්‍ය කරන දේවල් ලබාදීමට පුළුවන් වෙලා තියෙනවා.
අපිට ජාත්‍යන්තර ආධාර ලැබුණත් නැතත් වන්නියේ ජනතාව වෙනුවෙන් උපරිම සේවය ලබාදීමට කටයුතු කරල තියෙන්නේ.
ශී‍්‍ර ලංකාවේ යුද්ධය නවතා සටන් විරාමයකට දෙපාර්ශවය යොමුකරන ලෙස බලකරමින් තමිල්නාඩු ප‍්‍රාන්තය ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කරනවා. ඒ බලපෑම් ශී‍්‍ර ලංකාවට බලපානු ඇත්තේ කොහොමද ?
ශී‍්‍ර ලංකාව කියන්නේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ දිස්ති‍්‍රක්කයක් නෙමෙයි වෙනම ස්වාධීන රටක්. ඒ නිසා තමිල්නාඩුවට ලංකාව ගැන කතා කරන්න තියෙන අයිතිය මොකක්ද ? අපෙ රටේ ප‍්‍රශ්න අපිට විසඳ්‍රගන්න පුළුවන්.
ඒ නිසා ඔවුන්ට අපිට බලපෑම් කිරීමට අයිතියක් නැහැ. ඕනෑම කෙනෙකුට මේ ඇත්ත තේරෙනවා. ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප‍්‍රශ්නය අපිට ඉන්දීය මධ්‍යම රජය සමඟ රාජ්‍යතාන්ති‍්‍රක ආකාරයට විසඳ්‍රගන්න පුළුවන්.
එහෙම නැතිව ඉන්දියාවේ ප‍්‍රාන්ත සමඟ අපේ ගණුදෙනු නැහැ. ජනාධිපතිතුමාටත් ඉන්දීය අගමැතිතුමාටත් අර්බුදය විසඳ්‍ර ගැනීමට පුළුවන්.
අපිට මතකයි පසුගිය කාලයේදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දීය රජය ලබාදුන් සහයෝගය. ඒ පිළිබඳ අපි ඉන්දීය රජයට ස්තුතිය පළකළ යුතුයි.
මේ යුද්ධය සිදුවන්නේ දෙමළ ජනතාවට විරුද්ධව නෙමෙයි එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී කණ්ඩායමට විරුද්ධවයි.
ඒත් සමහරු ශ‍්‍රී ලංකා රජය දෙමළ ජනතාව සාමූල ඝාතන යුද්ධයක් සිදුකරන බවට වැරදි අර්ථකථන ලබාදෙනවා. මේ සියල්ල කොටි හිතවාදීන්ගේ කුමන්ත‍්‍රණ.
අපි මේ මොහොතේ දේශපාලන බේද අමතක කරල රට ගැන සිතා එකට එකතු විය යුතුයි. සියලු දෙනා එක හඩින් ඇත්ත තත්ත්වය ජාත්‍යන්තරයට පහදා දිය යුතුයි.
රජය දේශපාලන විසඳුම් අතහැරල යුද්ධය ගැන විතරක් සියයට සියයක් විශ්වාස තියලා නැහැ.
ජනාධිපතිතුමාගේ අදහස ත‍්‍රස්තවාදය පරාජය කරන අතර දෙමළ ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමයි. ආණ්ඩුව නිතරම මේ ගැන සඳහන් කරනවා.
යාපනය, මන්නාරම සහ වන්නි ප‍්‍රදේශවල ජීවත් වූ මුස්ලිම් ජාතිකයන් ලක්ෂයකට අධික පිරිසක් අද පුත්තලම ඇතුළු දිවයිනේ සෙසු ප‍්‍රදේශවල සුබසාධන කඳවුරුවල ජීවත් වෙනවා. ඔවුන් තම උපන් ප‍්‍රදේශ අතහැර විත් අවුරුදු දහයකටත් අධිකයි. මේ පිරිස්වලට බලපාන ගැටලු විසඳීමට ආණ්ඩුවේ අවධානය යොමු වී නැද්ද ?
මමත් ඇවිල්ලා ඔය කියන පිරිස අතරින් කෙනෙක් මම ඔවුන්ගේ නියෝජිතයා මට පාර්ලිමේන්තු යන්න පුළුවන් වුණේ. මේ ජනතාවගේ ඡන්දය නිසයි. ඒ නිසා මේ අයගේ ප‍්‍රශ්න පිළිබඳව මා වඩාත් සංවේදී ලෙස සොයා බලනවා.
උතුරෙන් පුත්තලමට පැමිණි සමහර අය දැන් ඒ ප‍්‍රදේශයේ හොඳ ජීවන තත්ත්වයකින් යුතුව ජීවත් වෙනවා. ඔවුන්ගෙන් සමහරකුට නම් ප‍්‍රශ්න නැති තරම්.
ඒත් ප‍්‍රශ්න තියෙන අසරණ වූ අයත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඔවුන්ට රජය පිළිසරණ විය යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නේ. ඒ අදහස ප‍්‍රායෝගික ලෙස කි‍්‍රයාත්මක කිරීමටත් මම කටයුතු කරනවා.
මන්නාරම දිස්ති‍්‍රක්කය මුදාගෙන අවසන්. වන්නි මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙනවා. ඉදිරියේදී මේ ප‍්‍රදේශ සාමකාමී වුනහම ප‍්‍රදේශ අතහැර ආ සියලු ජනකොටස් ඒ ඒ ප‍්‍රදේශවල පදිංචි කරවීම තමයි අපේ අරමුණ.
නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම කොටි ග‍්‍රහණයෙන් මුදාගෙන අවසානයි. පසුගිය කාලයේදී ත‍්‍රස්ත කි‍්‍රයා නිසා නැගෙනහිර වැසියන් විශාල ප‍්‍රමාණයක් ගම්බිම් අතහැර පලා ගියා. අද වන විට එසේ අසරණ භාවයට පත් ජනතාවගේ සුබසාධන කටයුතුවල අලුත්ම තත්ත්වය මොන වගේද ?
අපහසුතාවට පත් වූ උන්හිටි තැන් අහිමි වූ නැගෙනහිර ජනතාවගේ සියයට අනූවක්ම යළිත් තමන්ගේ සුපුරුදු ජීවිතය ආරම්භ කරලයි තියෙන්නේ.
ඒ සඳහා රජයෙන් ලැබිය යුතු සියලු ආධාර උපකාර ලබාදුන්නා.
නිවාස අහිමි වූ අයට නිවාස ලබාදීම ඇතුළු සියලු පුනරුත්ථාපන කටයුතු අවසන් වෙමින් පවතිනවා. දැනටමත් නැගෙනහිර පළාතේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ යථා තත්ත්වයට පත් කිරීමට පුළුවන්කම ලැබිල තියෙනවා.
වසර දෙකකටත් අඩු කාලයකදී නැගෙනහිර පළාත යථා තත්ත්වයට පත් කිරීමට පුළුවන් වීම රජය ලැබූ ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. අද මේ පළාතේ ජනතාව ජාති බේදයකින් තොරව සාමකාමී ජීවිතයක් ගත කරනවා.
ඒත් පසුගිය කාලයේදී දෙමළ සහ මුස්ලිම් ජන කොටස් අතර විවිධ ගැටුම් ඇතිවුණා. එවැනි තත්ත්වයක් තුළ නැගෙනහිර පළාතේ සාමකාමී වටපිටාවක් තියෙනවා කියලා ඔබ කියන්නේ කොහොමද ?
සමහර දේ්ශපාලනඥයන්ට නැගෙනහිර පළාත අස්ථාවර කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ පටු පරමාර්ථ ඉටුකර ගැනීමට අපි ඉඩ තියන්නේ නැහැ. කොළඹ නගරයේ ජනතාවට ජාති ආගම් බේදයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් නැගෙනහිර පළාතේ එහෙම ඉන්න බැරිකමක් නැහැ.
ඉදිරි අයවැය යෝජනාවලදී ආණ්ඩුව නියෝජනය කරන සුළු ජාතික මන්තී‍්‍රවරුන්ගේ සහාය විපක්ෂයට ලබා ගැනීමේ උත්සාහයක් තිබෙන බවට දේශපාලන ලෝකයේ ආරංචි පැතිරෙනවා. එහෙම වුණොත් අයවැයට කුමක් වේවිද ?
කාලයෙන් කාලයට මේ වගේ ආරංචි පැතිරෙනවා පසුගිය අවුරුද්දෙත් අයවැයේදී මේ වගේ ආරංචි පැතිරුණා. මේ පාරත් ඕව ආරංචි විතරයි. ආණ්ඩුවත් අපිත් අතර තියෙන සම්බන්ධය බිඳ දැමීමට සමහරු උත්සාහ කරනවා.
ඒත් මම දකින විදිහට ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තමයි සුළු ජාතික ප‍්‍රජාව වෙනුවෙන් හොඳම සේවය සිදුකරලා තියෙන්නේ. ඒ නිසා සුළු ජාතික ප‍්‍රජාවට මේ ආණ්ඩුවෙන් මදි පුංචිකමක් වෙලා නැහැ.
ඒ නිසා අපේ මන්තී‍්‍රවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුවක් නැහැ. මට ස්ථිරයි මෙවරත් ආණ්ඩුව නියෝජනය කරන සියලුම සුළු ජාතික මන්තී‍්‍රවරුන්ගේ සහයෝගය ලැබෙන්නේත් ආණ්ඩුවටම තමයි කියලා.
අපේ ජන කොටස්වලට වගේම මුළු රටටම සේවයක් සිදුකරන්න. පුළුවන් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමෙන් පමණයි.
ඒ නිසා මේ මොහොතේ ආණ්ඩුව අතහැරල විපක්ෂයට යන්න හිතනවා නම් ඒක දේශපාලන මෝඩකමක්.
අපි ජනාධිපතිතුමාග් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේ ඇමැතිකම්වලට තියෙන ආශාව නිසා නෙමෙයි රටටත් ජනතාවටත් සේවයක් සිදුකළ යුතු නිසයි. අපිට සැමදාම දේශපාලනයේ රැඳී සිටින්න ලැබෙන්නේ නැහැ.
ඒ නිසා අපිට බලය තියෙන මේ කාලයේදී රටට සේවයක් කළයුතුයි.
මම නියෝජනය කළ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් රටට ජනතාවට සේවයක් සිදුකරන්න බැහැ ඒ නිසයි මම මීට අවුරුදු හතරකට පෙර රජයට සම්බන්ධ වුනේ ඒ නිසයි මුස්ලිම් කොංග‍්‍රසයට ඕනෑ මේ ආණ්ඩුව පෙරළලා යු. ඇන්. පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්න අපිට ඕනෑ රටට සේවයක් කරන්න.
සාකච්ඡා කෙළේඋදිත ගුණවර්ධන

No comments: