Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක්

සහීර් ඛාන් පන්දු 4 කදී කඩුලු 3 ක් දවාගෙන දැක්වූ විශ්මිත දක්‍ෂතාව හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාව ලකුණු 320 කින් පරාජය කිරීමට ඉන්දියාවට හැකි විය.
මොහාලී හි පැවැත්වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ඊයේ ඉන්දියාව ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ ටෙස්ට් තරගාවලිය 1 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට හැකි විය.
ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඉන්දියාවේදී මෙතෙක් පැවැති ටෙස්ට් තරග 38 කින් ඉන්දියාව ලැබූ 12 වැනි හා විශාලතම ජයග‍්‍රහණය ද මෙය විය.
සහීර් ඛාන් සමඟ හර්බජන් සිං, ඉෂාන් ෂර්මා ඔස්ටේ‍්‍රලියා දෙවැනි ඉනිම කඩා බිඳ දැමීමට ඉවහල් විය.
ප‍්‍රථම ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ පාදඟ පන්දු යවන කී‍්‍රඩක අමිට් මිෂාරා හා හර්බජන් එක්ව ඔස්ටේ‍්‍රලියා දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් බිඳ හෙළීය.
සහීර් ඛාන් ලකුණු 37 ක් ලබා සිටි හැඩින්ගේ කඩුල්ල ලකුණු 142 දී ද, වයිට්ගේ හා ලීගේ කඩුලු දෙක ලකුණු 144 දී දවාගැනීම ඉන්දීය ජයග‍්‍රහණයට වාසියක් විය.
තරගයේ වීරයා සම්මානය ඉන්දීය කි‍්‍රකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට හිමිවිය.
ඉන්දියා - ඔස්ටේ‍්‍රලියා තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ඔක්තොබර් 29 දා නවදිල්ලියේදී ආරම්භ වේ.
ඉන්දියාව ප‍්‍රථම ඉනිම ලකුණු 469
ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රථම ඉනිම ලකුණු 268
ඉන්දියාව දෙවැනි ඉනිම කඩුලු 3 කට ලකුණු 314
ඔස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම ලකුණු 268 - කැටිච් 33, හසී 54, වොට්සන් 78, ලී 35 (සහීර් 71/3, ෂර්මා 42/2, හර්බජන් 36/3, මිෂාරා 35/2)

No comments: