Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

කැනඩා ඕවර 20/20 තරගාවලිය පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී පාකිස්තානයට කඩුලු 3ක තියුණු ජයක්

ටොරොන්ටෝ (ඒ.එෆ්.පී)
ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර පෙරේදා පැවැති ඕවර 20 / 20 කි‍්‍රකට් තරගයේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.
ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල කඩුලු 9 ට ලකුණු 137 ක් රැස් කළ අතර පාකිස්තානය කඩුලු 7 ට ලකුණු 141 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.
නායක මහේල ජයවර්ධන හා අජන්ත මෙන්ඩිස් මේ තරගයට සහභාගි නොවූහ.
සිය ප‍්‍රථම ජාත්‍යන්තර තරගයට සහභාගි වෙමින් සිටි කෞශල්‍ය වීරරත්න කඩුලු 4 ක් ලබා ගැනීමෙන් පසුව පකිස්තානය එක් අවස්ථාවක ලකුණු 91කට කඩුලු 7 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියද “තරගයේ වීරයා” වූ ෂොයිබ් මලික් (නොදැවී ලකුණු 42) හා ෆවාඩ් අලාම් (නොදැවී 23) ඕවර 4ක් තුළදී ලකුණු 50ක් ඉනිමට එක් කිරීමට සමත් වූහ.
මලික් ජයග‍්‍රාහී හතරේ පහර එල්ල කළේය.
පාකිස්තානයට ජයග‍්‍රහණය සඳහා අවසාන ඕවරයේදී ලකුණු 13ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ අතර අලාම් ඔහුගේ තෙවැනි හයේ පහර එල්ල කළේය. මලික්, නුවන් කුලසේකර ගේ පන්දුවලට පිට පිට හතරේ පහර එල්ල කරමින් ජයග‍්‍රහණය තහවුරු කළේය.
ශ‍්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය, ෂොයිබ් අක්තාර්ට එරෙහිව පිට පිට හතරේ පහර 2 ක් එල්ල කළද ඊළඟ පන්දුවේදී ‘ෆයින් ලෙග්’ ස්ථානයට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
මහේල උඩවත්ත සහ ජෙහාන් මුබාරක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක් රැස් කළද ෂහිඩ් අෆ්රිඩ් හා මලික්ගේ පන්දුවලට එරෙහිව ඉදිරියට යාමට මැද පිතිකරු පෙල අසමත් වූහ. පාකිස්තානය වෙනුවෙන් අමාර් ගුල් කඩුලු 4 ක් ලබා ගත්තේය.
ශ‍්‍රී ලංකාව : කඩුලු 9 ට 137 (ඕවර 20)
මුබාරක් 39, චාමර කපුගෙදර 27, වීරරත්න නොදැවී 20 (ගුල් 13ට 4)
පාකිස්තානය : කඩුලු 7 ට 141 (ඕවර 19.5)
යූනුස් ඛාන් 24, ම්ස්බා උල් හක්, 20 මලික් නොදැවී 42, අලාම් නොදැවී 23 (මහරූෆ් 23ට 2, වීරරත්න 19ට 4)
ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අද අවසාන තරගයේදී මුණගැසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

No comments: