Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

සබරගමුව සංවර්ධනයේ දී පක්‍ෂ බේද නෑ එජනිස - එජාප එකඟතාවක

පොදු ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමේ දී පක්‍ෂ, පාට නොබලා කටයුතු කරන බවට සබරගමුව පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්තී‍්‍රවරු පොදු එකඟතාවයට පැමිණ සිටිති.
අනෙක් පළාත් සභාවලටත් ආදර්ශයක් සපයමින් මේ පොදු කතිකාවතට සබරගමුව පළාතේ මැති ඇමැතිවරුන් එළැඹියේ, ඉකුත් දා හික්කඩුව කොරල් ගාඩ්න්ස් හෝටලයේ පැවති තෙදින සම්මන්ත‍්‍රණයේ දීය.
පසුගිය අගෝස්තු 23 පැවති පළාත් සභා මැතිවරණයෙන් පසු පළාත් සභභාවට මන්තී‍්‍රවරු 44 දෙනෙකු තේරී පත් වූහ. ඉන් 25 ක් එ.ජ.නි.ස නියෝජනය කරන අතර 17 දෙනෙක් එ.ජා.ප ය නියෝජනය කරති.
ජ.වි.පෙය ට හිමි වූයේ ආසන 2 ක් පමණි. මෙම සියලු මන්තී‍්‍රවරු අතරින් 17 දෙනකු නවකයෝ වෙති.
මෙම සියලු මහජන නියෝජිතයන් නවක, ප‍්‍රවීණ හෝ ආණ්ඩු පක්ෂ / විපක්ෂ යනුවෙන් බෙදා වෙන් නොකර කිසිදු භේදයකින් තොරව එම නියෝජිතයින් එකම කණ්ඩායමක් සේ සබරගමු පළාතේ පොදු යහපත හා සංවර්ධනයට එකාවන්ව දායක කරගත යුතු යැයි සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ යෝජනාවක් අනුව පොදු කතිකාවතකට පිවිසීමේ සමාරම්භය සිදුවිණි.
දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කළේ පළාත් සභා ක‍්‍රමය මේ රටේ තුලිත සංවර්ධනයක් සඳහා වඩා යහපත් ක‍්‍රමයක් බවය.
මෙම ක‍්‍රමය හඳුන්වා දුන් පාලකයන් පවා බලතල පවරා ගනිමින් සහ මුදල් අවහිරතා මතු කරමින් පළාත් සභා ක‍්‍රමය දුබල කිරීමට කටයුතු කළද වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා කෙරෙහි ඉතා මිත‍්‍ර ආකල්පයක් දරණ බව කීය.
සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා සඳහන් කෙළේ ඡන්දයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වශයෙන් බෙදී කටයුතු කරනු වෙනුවට එක්ව කටයුතු කිරීම හරහා පළාතේ පොදු සේවා වඩා ඉහල මට්ටමකින් ඉටු කළ හැකි බවය.
මෙම අවස්ථාවට පළාත් සභාවේ මැති ඇමැතිවරු හා විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් වන හිටපු මහ ඇමැති ජයතිලක පොඩිනිළමේ, ඩබ්ලිව්. සෝමදාස, නිහාල් ෆාරුක්, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

No comments: