Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

කඨින අර්ථවත් කරමු

‘කඨින පින්කම මෙහෙම නරකද?’ යන මැයෙන් 2008 සැප්තැම්බර් 22 ‘දිනමිණ’ ‘අපි ලියමු’ පිටුවට පිටිදූව ධම්මික හිමියන් ලියන ලද ලිපිය කියැ වූ අපට මෙසේ ලියා එවන්නට සිදුවිය.
වර්තමාන බෞද්ධ සමාජය බෞද්ධ යථාර්ථයෙන් බැහැරව සාම්ප‍්‍රදායික බෞද්ධ පිළිවෙත් අනුගමනය කරන බවක් පෙනේ.
අද බෞද්ධ සමාජයේ මෙම කඨින පූජාවටද හිමිව ඇත්තේ ද සාම්ප‍්‍රදායික වත් පිළිවෙත් වලින් හික්මවන ලද අර්ථසම්පන්න නොවන වැඩපිළිවෙළක් අනුගමනය කරමින් ඉදිරියට යන අන්ධභූත ප‍්‍රතිපදාවකි.
එදා දඹදිව බුදුසසුන තුළ පැවිදි වූ භික්ෂු සමාජයට සිවුරු සපයා ගැනීම අති දුෂ්කර කාර්යයක් විය. භික්ෂූන් වහන්සේට චීවර පූජාවට රජ සිටු පවුල්වල ප‍්‍රභූන් ඉදිරිපත් වුණද සිවුරු සඳහා වන රෙදි නිෂ්පාදනය ඉතා දුර්වල අඩියක පැවතුණේය.
එමෙන්ම බහු භාණ්ඩික සේවනය භික්ෂුවට අකැප වූ නිසා සිවුරු පූජා කර ගැනීමට දානපතින්ට අවස්ථාව නොලැබුණ ද විය හැකිය.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි භික්ෂූන් වහන්සේ දහවල් පිණ්ඩපාතය කර ජල පහසුව ඇති ස්ථානයකට පැමිණ ජලස්නානය කොට සිවුර සෝදා අව්වේ දමා එය වේලෙන තුරු අඳනයෙන් සිට ඇත.
සිවුර වේලුන පසු අඳනය ද සෝදා වේලා ගැනීම සිදුකර ඇත. මේ තත්ත්වයට හේතුව අපිස් ජීවිතයට හුරුවීමට දැක්වූ කැමැත්තට වඩා සිවුරු හිඟය බව පෙනේ.
එසේ නම් එකල භික්ෂුවකට සිවුරක් පූජා කිරීම විශේෂයෙන් කඨිනයක් (තිබෙන සිවුරට අමතරව සිවුරක්) පූජාකිරීමට ලැබීම මහා භාග්‍යයකි. එමෙන්ම මෙය මහත්ඵල මහානිසංසද වේ’
එහෙත් අද කඨින පූජා කිරීම තනිකරම සාම්ප‍්‍රදායි ඉටුකිරීමක් බවද පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට, අර ධම්මික හිමියන් පවසන පරිදි නගරයේ ජනතාව විශාල උත්සවශ‍්‍රීයෙන් විශාල වියදමක් කර පූජා කළත් එවන් චීවර බොහෝ භික්ෂූන් වහන්සේලා පොරවන්නේ නැත.
එමෙන්ම, බොහෝ විට ලැබෙන අටපිරිකර නම් දායක පක්ෂයටම විකිණීමට පුරුදු වී සිටියි. තවද විවිධ ආකාරයෙන් ස්වාමීන් වහන්සේලා පිටරටවලින් ලැබෙන වැඩි වටිනාකමකින් යුතු සිවුරු පරිහරණයට භික්ෂූන්වහන්සේ පුරුදුව සිටී.
සමහරවිට අර දායක පක්ෂය ඉතාම ශ‍්‍රද්ධාවෙන් පූජා කරනු ලබන සිවුරු ඉතාම නොවටිනා දේ ලෙස පන්සලේ වෙනත් කටයුතුවලට යොදා ගනී.
සමහරවිට ප‍්‍රමිතියෙන් තොරවීම මෙයට හේතුවිය හැකිය. සමහරවිට ඒවා කපු රෙදි නිසා විය හැකිය.
සමහර ගම්බද ප‍්‍රදේශවල ස්වාමීන් වහන්සේලා පන්සලේ දී පෙරවීමට මේවා යොදා ගනී. එහෙත් ඒ බොහෝ ස්වාමීන් වහන්සේලා ද ගමනක් යන විට පොරවා යන්නේ වටිනාකමින් උසස් සිවුරුය.
ඒ පන්සල පැත්තෙනි. දායක පැත්තෙන්ද මෙහි අඩුපාඩු ඇත. කඨින පෙරහර ද ගමේ සිටින කොල්ලන් ගේ විනෝද චාරිකාවක් වී ඇත. රාතී‍්‍ර යන මෙම පෙරහරට අත ගැසීම අඩු වී ඇත.
පෙරහර යන තරුණ පිරිස් බෙරයද, හොරණෑවද, වාදනය කරන්නේ බුදුගුණ ගී තාලයකට නොව ඉතා පහත් අශ්ලීල අසභ්‍ය ගී තාලයන්ට අනුවයි. පන්සලේ සිටින නිසා මේවා භික්ෂූන් නොදන්නවා ඇත.
කෙසේවත් බොහෝ විට කඨින පූජා පෙරහර සද්ධාව ජනනය කරන්නක් නොව, හුදු විනෝදය උපදවන්නක් බවට පත්වී ඇත.
මෙලෙස කඨීන පූජාවේ තත්ත්වය පහළට වැටී ඇති අවදියක අර වටිනාකමක් නැති භික්ෂූන් වහන්සේද සතුටින් අනුකම්පාවෙන් පරිහරණය නොකරන, කඨින පූජාව වෙනස් කොට ඒ යන වියදමින් රණවිරුවන්ට යම් පරිත්‍යාගයක් කරන්නට පෙළඹෙන්නේ නම් එය ආගමික මෙන්ම ජාතික මෙහෙවරක් ද වන්නේය.
භික්ෂූන් වහන්සේලාට චීවර පූජාව අනවශ්‍ය බව මෙහිදී අදහස් නොකරමි. භික්ෂූන් වහන්සේට කඨින චීවර පූජාව උන්වහන්සේලාට ඇති අවශ්‍යතාවය අනුව පූජාකළ යුතුය.
අනවශ්‍ය ලෙස මේවා පූජාකොට උන්වහන්සේලාටද ඒවාට කරගන්නට දෙයක් නැතිව අලෙවි කරන තත්ත්වයට මෙම පූජාවන් සිදුනොකර අද රටේ විශේෂම මෙන්ම, ප‍්‍රධානම අවශ්‍යතාවය වන රණවිරු අවශ්‍යතා සඳහා කඨින චීවර මාසයේදී අර්ථාන්විතව කඨින පූජාකර අපතේ යන්න කටයුතු නොකරන්නටත් එය ජාතික අවශ්‍යතාවය ඉටුකරන්නට යොදා ගන්නටත් කල්පනා කරන්නේ නම් එය මහත්ඵල මහානිශංසද වන බව පෙන්වා දෙයි.
සාමවිනිසුරු බන්දුල සේනානායක රන්න සමූහ

No comments: