Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 10, 2008

ඉදිරියේදී තැපැල් කන්තෝරුවෙන් ලීසිං සේවාත් ගන්න පුළුවනි - මහින්ද විජේසේකර තැපැල් හා විදුලි සංදේශ ඇමැති

රාජ්‍ය ආයතන විකිණීම වෙනුවට ඒවා කාර්යක්‍ෂම හා ලාභදායි කර වඩා පුළුල් ජනතා මෙහෙවරකට යොමු කිරීම වත්මන් ආණ්ඩුවේ පිළිවෙත බව පහදන තැපැල් ඇමැති මහින්ද විජේසේකර මහතා මෙකි පිළිවෙත යටතේ තැපෑලේ අනාගත ගමන මෙසේ පැහැදිලි කරයි.
තවත් ලෝක තැපැල් දිනයක් පසුගියදා ගෙවීගිය මේ වනවිට අප රටේ තැපැල් සේවාවේ පවතින තත්ත්වය තැපැල් ඇමැතිවරයා වශයෙන් ඔබ තේරුම් ගන්නේ කෙසේද කියා මුලින්ම අහන්න සතුටුයි.
ඇත්තට ම ලංකාවටත් ඉතා කීර්තිමත් තැපැල් සේවා ඉතිහාසයක් තිබෙනවා. තැපැල් සේවය අපේ රටේ ජනතාවගේ ලේ නහරවලට බද්ධව තිබු දෙයක්. කාලයක් අපේ තැපැල් සේවාව අද්වීතිය තැනක තිබුණා. නමුත් අද එහි තත්ත්වය වෙනස් වී තිබෙනවා.
ඔබ කියන ඒ වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද?
අද වන විට අපේ රටේ තැපැල් සේවය ආකාර්යක්‍ෂම , ඵලදායිතාවයක් නොමැති ඒවාගේම තරඟකාරීත්වයක් නොමැති සේවාවක් බවට පත්වෙලා. අපේ තැපැල් සේවය මේ තත්ත්වයට පත්වීම කණගාටුවට කරුණක්. අපිට හැමදාමත් පාඩු ලබන තැපැල් සේවාවක් පවත්වාගෙන යන්න බෑ. අපි ඉතා ඉක්මනින් මේ නරක තැනින් තැපැල් සේවාව ගොඩගත යුතුයි.
තැපැල් සේවාව ගොඩගත යුතුයි කියමින් ඉන්නවා වෙනුවට තැපෑල වැටුණු තැනින් නැඟිට වීමට ඔබට විධිමත් වැඩ පිළිවෙලක් දර්ශනයක් තියෙනවාද?
තැපැල් සේවාව විතරක් නොවෙයි. මේ රටේ පාඩු ලබන සෑම රාජ්‍ය අංශයක්ම ගොඩගැනීමේ විධිමත්, නවීකරණය වූ වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුයි. අපි තැපැල් විෂයය සම්බන්ධවත් “ මහින්ද චින්තන” ප‍්‍රතිපත්ති මාලාවට සමගාමීව වෙනමම දස අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කළා. ඒක අපි එළි දැක්කුවා.
ඒ වැඩපිළිවෙලට අනුව තැපැල් සේවාව ගොඩ ගතහැකි මාර්ග විතරක් නොවෙයි, අපේ තැපැල් සේවාවේ පවතින අඩුපාඩුත් ඒවා ඇති වීමට බලපෑ හේතු කරුණු කාරණාත් දක්වා තිබෙනවා.
අපි මේ දස අවුරුදු තැපැල් නවීකරණය කිරීමේ වැඩපිළිවෙලයි සකස් කළේ. හේතු ඵලවාදය අනුව ඵලය පමණක් නොව ඵලය ඇති වීමට බලපාන හේතුවත් නසා දැමිය යුතුයි යැයි බුදු රාජාණන් වහන්සේ දේශනා කළා.
තැපැල් සේවාවේ දුර්වලතා හා ඒවා ඇති වීමට බලපෑ හේතුන් පරාජය කිරීමට තමයි අපිත් අධිෂ්ඨාන කරගෙන ඉන්නේ.
එහෙම නම් අපි පළමුව අපේ රටේ තැපැල් සේවාවේ පවතින දුර්වලතා ගැන කතා කරමු. දෙවනුව ඒවා මඟ හැරවීමට ඔබතුමා ඇතුළු පිරිස ඉදිරිපත් කරන යෝජනා ගැන කතා කරමු ?
අපේ තැපැල් සේවාව ආකාර්යක්‍ෂම, ඵලදායිතාවය අඩු හා තරඟකාරි නොවන බව මම මුලින්ම කිව්වා. එසේ වීමට හේතුව නව ලෝකයේ තාක්‍ෂණ දියුණුවට සමාගමීව අපේ තැපැල් සේවාව ඉදිරියට ගමන් නොකිරීම අපේ “ සේවාව“ නව ලෝක තැපැල් සේවාවේ දියුණුව ගලපා ගෙන නෑ. අද ලෝක තැපැල් සේවාව “ ව්‍යාපාරික කි‍්‍රයාවලියක් “ බවට පරිවර්තනය වෙලා තියෙනවා.
ඒත් අපි, තැපැල් කන්තෝරුවට සේවා ලබා ගැනීමට ජනතාව පැමිණෙන තුරු බලා ඉන්නවා. අපි සිතන්නේ “ කාර්යාල මානසිකත්වයෙන්” මේ තත්ත්වයෙන් අපේ තැපැල් සේවාවේ නිරත 19,000ක් වු සේවක පිරිස මුදා ගැනීමයි අපේ අරමුණ.
වැඩි වැඩියෙන් තැපැල් කන්තෝරුවට ජනතාව ගෙන්වා ගැනීමට අපි නිර්මාණත්මකව සිතා නව චින්තනයකින් වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. අපි තැපැල් කන්තෝරුවේ තිබෙන ඉඩකඩට වැඩි වටිනාකමක් එකතු කළ යුතුයි. තැපැල් කන්තෝරුවේ සේවා විවිධාංගීකරණය කළ යුතුයි.
අපේ රටේ තැපැල් සේවාවේ නිලධාරිවාදය තියෙනවා. දුෂණය, කම්මැලිකම බහුලයි. විනය පිරිහිලා මේවා නැති කරන්න අපිට පුළුවනි. අපි ඒ දුබලතා උදුර, දමන්න කටයුතු කරලා නැහැ. දැන් නව දැක්මක් අනුව වැඩ කටයුතු කරන්නයි අපේ බලාපොරොත්තුව.
ඒ සඳහා ඇති සූදානම ගැනත් කියමුද?
ලෝක තැපැල් සේවාවේ දියුණු තත්ත්වය දිහා අපි අද බලන්න ඕනෑ. අද තැපැල් සේවාව මුළුමනින් ම සිදුවන්නේ නව තාක්‍ෂණය මත . ඒවාගේම තැපැල් සේවය සඳහා ඉලෙක්ටෙ‍්‍රානික් උපකරණ බහුලව භාවිතා කෙරෙනවා.
ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ අද වන විට ලෝකයේ තැපැල් සේවාව මෙහෙයවීමට බහුජාතික සමාගම් අත ගසා තිබීම නමුත් අපේ රටේ තැපැල් සේවයේ නිරතව ඉන්නේ රාජ්‍ය අංශය. පෞද්ගලික අංශයේ සහායක් හෝ දායකත්වයක් හෝ ලබා ගැනීමට අපි උනන්දු වෙලා නැහැ.
මම එක් කරුණක් කියන්නම්. අපිට ලංකාව පුරා තැපැල් කන්තෝරු හාරදහස් හත්සියයක් තිබෙනවා. මේ ජාලය අපිට සම්පතක්.
ප‍්‍රධාන තැපැල් කන්තෝරු, උප තැපැල් කන්තෝරු, නියෝජිත තැපැල් කාර්යාල වාගේ විවිධ, මට්ටම්වලට මේ ජාලය වර්ගීකරණය කරලා තියෙනවා.
නමුත් මේ ඉඩකඩ අපි වෙළෙඳ සේවාවක් ලෙස තැපෑලේ දියුණුවට යොදාගෙන නෑ.
මේ නිසා අපේ තැපැල් සේවාව දැන් පාඩු පිටයි පවත්වා ගෙන යන්නේ. ගිය අවුරුද්දේ විතරක් තැපැල් සේවාවේ පාඩුව රුපියල් ලක්‍ෂ තිස් දහසයි. ඒ කියන්නේ කෝටි තුන්සීයයි.
අපි වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් මේතරම් විශාල මුදලක් ඉල්ලාගෙනයි තැපැල් සේවාව පවත්වාගෙන යන්නේ. මේක රටට මහා බරක්.
මේ දැවැන්ත පාඩුව මකා දැමීමට ඔබ සූදානම්ද?
ඔව් ! අපේ තැපැල් සේවාව නැංවීමේ දස අවුරුදු සැලැස්මට අනුව, පළමු වසර දෙක, තුන තුළම මේ ලබන පාඩුව මකා ගැනීමටයි ඉලක්ක කරගෙන ඉන්නේ. වසර 2009, 2010 වන විට අපි තැපැල් සේවාව ලබන අධික පාඩුව මකා ගන්නවා.
වසර 2012 වනවිට අපි ලාභ ලබන තත්ත්වයට තැපැල් සේවාව ගෙන එනවා. එතැන සිට මේරටේ ජනතාවට වඩා යහපත් පාඩු ලබන්නේ නැති තැපැල් සේවාවක් ලබා දෙනවා.
අදාල තැපැල් සේවාව කි‍්‍රයාත්මක වීමේදී තැපැල් සේවයට සහ එහි නිරත සේවක පිරිසට අසාධාරණයක් සිදුවෙනවාද?
කෙසේවත් ම එවැන්නක් සිදු වන්නේ නෑ. අපි තැපැල් සේවය නවීකරණය කරන්නේ තැපැල් සේවයට, එහි නිරත සේවකයාට අගතියක් කිරීමේ අරමුණින් නොවෙයි. අපි වඩාත් ජනතාවාදී සේවාවක් විදිහටයි තැපැල ගෙන එන්න බලාපොරොත්තු වන්නේ.
තැපැල් සේවයේ නිරත 19,000ක් තරම් වන සේවක පිරිසගෙන් එක් අයෙකුගේවත් රැකියාවක් අහිමි කිරීමක් හෝ එක සේවකයකු හෝ ඉවත් කිරීමක් නව වැඩපිළිවෙල යටතේ සිදුවන්නේ නෑ. අපි විසිවන හා විසි එක් වැනි සියවසට ගැලැපෙන තාක්‍ෂණය තැපැල් සේවාවට හඳුන්වා දෙනවා.
ඊට අමතරව තැපැල් කාර්යාලවලින් ජනතාව ලබන සේවාවන්ට අමතරව තවත් විවිධ සේවා ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා.
ඔබ කියන ඔය ලාබ ලැබීමේ කාර්යයේදී තැපෑලට අලුත් අංග එකතුවෙනවා කීවා නේද?
දැනට තැපැල් කන්තෝරුවලින් ඉටුවන සේවාවලට අමතරව තරගකාරී ලෙස බැංකු සේවා ආරම්භ කිරීමටත්, ලීසිං පහසුකම් ලබා ගැනීමට ඉඩකඩ විවර කරදීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව දැනටමත් “ එච්. එස්. බී. සී” “ ඩී. එෆ්. සී. සී” , “ එල්. ඕ. එල්. සී” වැනි සමාගම් අපි සමඟ එකතුව ව්‍යාපාරික කටයුතුවල යෙදීමට සූදානම්.
මේ වෙනස ඔබ හඳුන්වන්නේ තැපැල් සේවාව විවිධාංගීකරණය කිරීම ලෙසයි. නමුත් තැපැල් වෘත්තීය සමිති හා වෙනත් අය කියන්නේ මෙය තැපැල් සේවාව පෞද්ගලීකරණය කිරීමේ මුල් පියවර බවයි.
මම ඔය චෝදනාව ප‍්‍රතික්ෂේප කරනවා. අපි තැපැල් සේවාවේ වෙනස සිදු කිරීමට වෘත්තීය සමිති හා සේවක පිරිස් සමඟ සුහදව කථා කළා. අපි කරන වෙනස තුළින් දැන් පාපැදියෙන් ගොස් තැපැල් බෙදන ලියුම්කරුට යතුරු පැදියෙන් ගොස් ලිපි බෙදීමට ඉඩකඩ ලබා දීමට අපි සූදානම්.
ඒවාගේම දැනට වඩා ඉහළ සුබසාධන ප‍්‍රතිලාභ අපි තැපැල් සේවාවේ නිරත අයට ලබා දෙනවා. එසේ සිදු කිරීමට හැකි ක‍්‍රමවේද අපි සතුයි.
මොකක්ද ඒ ක‍්‍රමවේද?
ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම් හා උපදෙස් මත “මහින්ද චින්තන වැඩපිළිවෙල “ යටතේ කිසිම රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නෑ. නමුත් ඒවා තවදුරටත් පාඩු ලැබීමට ඉඩ හැරීමට බෑ. ඒ අනුවයි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ හවුල්කාරීත්වය සහිතව තැපැල් සේවාව දියුණු කිරීමට අපි සිතුවේ.
අපි දැනටමත් මැලේසියා අයි ටොෆියා සමාගම සමඟ ගිවිසුමක් අස්සන් කොට තැපැල් සේවාවේ දියුණුවට පියවර ගන්නවා.
දිගු කලක් තිස්සේ තැපැල් සේවක පුරප්පාඩු පියවා නැතැයි චෝදනාවක් නැගෙනවා. ඒක ඇත්තද?
ඒ කතාවේ එක ඇත්තක් තිබෙනවා. අපේ දෙපාර්තමේන්තුවේ තිබෙන පුරප්පාඩු පියවන්නේ නැතිව, ඇතැම් නිලධාරීන් අතිකාල සේවාවේ නිරත වෙනවා. සේවක පුරප්පාඩු පියවා ස්ථිර සේවකයෙකු බඳවා ගත්තොත් අතිකාල දීමනා සඳහා වැයවන මුදල අඩුකර ගත හැකියි.
ඒ අනුව අපි ළඟදීම තැපැල් සේවක පුරප්පාඩු පියවනවා. මේවාට එරෙහි වන අය සමඟ සුහදව සාකච්ඡා කොට ප‍්‍රශ්න, ගැටලු විසඳ්‍ර ගන්නවා.
සාකච්ඡා කෙළේ ජයසිරි මුණසිංහ

No comments: