Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

ශබ්ද දූෂණය පාලනය කිරීමට යෝජනාවලියක් සකස් කොට තිබෙනවා - ඇමැති පාඨලී චම්පික රණවක

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා මනාව අධ්‍යයනය කොට සකස් කළ යෝජනාවලියක් පරිසර අමාත්‍යාංශය දැනට සකස් කොට ඇති බවත් එය දේශපාලන ඇදීම්වලින් තොරව සියලු දෙනාගේම එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) ප‍්‍රකාශ කළේ ය.
සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවේ පිළිතුරු කතාව කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.
සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළ ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එඩ්වඩ් ගුණසේකර මහතා - කලාකරුවන් බොහෝ පිරිසක් ආදායම් ලබන්නෙ සංදර්ශන වලට සහභාගී වෙමින්.
නමුත් ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම රාතී‍්‍ර 10 දක්වා සීමා කිරීම මගින් කලාකරුවන් විශාල පීඩාවකට පත්වෙලා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එ. ජා. ප.) - මේ කාරණාව අපි මුල සිටම මතු කළේ අරමුණු ගණනාවක් සහිතව. කලාකරුවො කියන්නෙ රටක සිටින වැදගත්, වටිනා පිරිසක්.
(නියෝජ්‍ය කතානායක පි‍්‍රයංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දිමුතු බණ්ඩාර අබේකෝන් මහතා (ජ. වි. පෙ.) - කෙසේ වෙතත් සමස්ථයට බලපාන ආකාරයට මෙම තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගෙන තිබෙන්නෙ.
සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා - මෙම ප‍්‍රශ්නයට අපිට විසඳුම් සොයන්නට අමාරුයි.
පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලි චම්පික රණවක මහතා - මෙම සිද්ධිය පිළිබඳ ව ඇත්ත තත්ත්වය ගැන සඳහන් නොකරයි බොහෝ දෙනෙක් අදහස් දක්වන්නෙ. ශබ්ද දූෂණය පිළිබඳ රෙගුලාසි නැහැයි යන්න වැරදි කරුණක්.
ශබ්ද දූෂණයට අදාළ රෙගුලාසි 1996 දී පනවා තිබෙනවා ප‍්‍රජා ඝෝෂා පනත නමින්.
වැලිගම ප‍්‍රදේශයේ පල්ලියක ඇති වූ සිද්ධියක් මුල් කර ගනිමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගත්තේ ආගමික ආයතනවලින් නිකුත් කරන ශබ්ද සම්බන්ධයෙන් දත්ත මධ්‍යම පරිසර අධිකාරිය මඟින් රැස් කිරීමෙන් අනතුරුවයි මේ සම්බන්ධ රෙගුලාසි සකස් කළේ.
2006 ජනවාරි 30 තමයි මෙය ඉදිරිපත් කළේ.
මේ සම්බන්ධයෙන් පැනවූ නඩුව අධිකරණයේ මේ වන විට විභාග වෙනවා. ඊයේත් මේ නඩුව කතා කළා.
මා ඇමැති ධූරයට පත් වීමට පෙරදී තමයි අමාත්‍යාංශයේ ශබ්ද දූෂණ තාක්‍ෂණ කමිටුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් වෙනත් අයටත් මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාව ලබා දුන්නා. එහෙත් දෙපිරිසක් පමණයි මෙහි දී ඉදිරිපත් වුණේ.
2006 ජනවාරියේ සකස් කළ මෙම රෙගුලාසි 33 වතාවක් සංශෝධනය කළා. අමාත්‍යාංශය වශයෙන් අප මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න සෑම පාර්ශවයකට ම අවස්ථාව ලබා දුන්නා.
බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විවිධ ආගමික නායකයන් අපට කරුණු දැක්වූවා, එතුමන්ලා ශ්‍රේෂ්ඨාධිකරණයටත් කරුණු දැක්වුවා.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආගමික කටයුතුවලට අදාළව විශේෂෂ සංශෝධන ගෙන ආවා.
ශබ්ද දූෂණය පාලනය කිරීම සම්බන්ධ නීති රීති සියලු දෙනාගේම එකඟතාව ඇතිව සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

No comments: