Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

ලෝක මලල කී‍්‍රඩා සභාපතිගෙන් රජයට පැසසුම් ෂෙහාන්ට හා සහාය දිවීමේ කී‍්‍රඩකයන්ට මුදල් තෑගි දෙයි

පි‍්‍රන්ස් ගුණසේකර
ශී‍්‍ර ලාංකේය කී‍්‍රඩා ඉතිහාසයේ ප‍්‍රථම වරට ශී‍්‍ර ලංකාවට පැමිණි ලෝක මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ලැමීන් ඩියැක් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මුණගැසී මෙරට මලල කී‍්‍රඩාවට රජය දක්වන සහයෝගය ඇගැයීමට ලක් කළ බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා “දිනමිණ” ට පැවැසීය.
ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් දිවා භෝජන සංග‍්‍රහයකට අරලියගහ මන්දිරයට ගිය ලැමීන් ඩියැක් මහතා ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංවර්ධන සැලසුම් ආසියාවේ හොඳම මට්ටමක පැවැතීම පිළිබඳ සිය ප‍්‍රසාදය පළකර ඇත.
පාසල් මට්ටමේ සිට ඉතා පහසුවෙන් මලල කී‍්‍රඩාවට දරුවන් යොමුකර ගත හැකි නිසා දක්ෂතා හඳුනාගන හැකියාවන් ප‍්‍රගුණ කිරීමට මලල කී‍්‍රඩා සංගමය හා රජය ගෙන යන වැඩපිළිවෙළට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඩියැක් මහතා ජනාධිපතිතුමා හමු වී ප‍්‍රකාශ කළ බව ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.
දින තුනක සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි ලැමීන් ඩියැක් මහතා සමග බිරිඳ බින්ටො ටොන්ඩුම් ඩියැක් හා ජ්‍යෙෂ්ඨ කළමණාකරු ජේ. ඉස්ලාම් යන මහත්ම මහත්මීහු මෙරට සංචාරයට එක්වූහ. එම පිරිස ඊයේ දහවල් දියගම ඉදිවන කී‍්‍රඩා සංකීර්ණය දැක බලා ගැනීමටද ගියහ.
එම කී‍්‍රඩා සංකීර්ණය ඉතාම උසස් මට්ටමකින් ඉදිවීම පිළිබඳ ප‍්‍රසාදය පළ කළ ලෝක මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපතිවරයා මලල කී‍්‍රඩාවට අවශ්‍ය උපකරණ හා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ උපකාර කිරීමටද එකඟතාව පළ කළේය.
අනතුරුව ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවට පැමිණ පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙලේදී අතිවිශිෂ්ට ජයග‍්‍රහණ අත්කර ගත් කෙටිදුර ධාවන සූර ෂෙහාන් අඹේපිටියට හා මීටර් 100ඔ4 සහය දිවීමේ කී‍්‍රඩකයන්ට මුදල් තෑගි පිරිනැමීය.
මීටර් 100 හා මීටර් 100ඔ4 රන් පදක්කම් දෙකක් දිනාගත් කෙටිදුර ධාවන සූර ෂෙහාන් අඹේපිටියට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක්ද කීත්ද මෙල්, රනිල් ජයවර්ධන හා රොෂාන් චාමර යන සහය දිවීමේ කී‍්‍රඩකයන්ට රුපියල් විසිපන්දහස බැගින්ද ලෝක මලල කී‍්‍රඩා සම්මේලන සභාපතිවරයා අතින් ප‍්‍රදානය කළේය.
දැනට 75 වැනි වියෙහි පසුවන සෙනගාල් ජාතික ලැමීන් ඩියැක් මහතා 1999 සිට ලෝක මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරයි.
1991 - 1999 කාලයේදී ලෝක මලල කී‍්‍රඩා සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය හෙබ වූ ලැමීන් ඩියැක් මහතා 1976 - 1991 කාලයේදී උප සභාපති ධූරය හෙබවීය.
ශී‍්‍ර ලාංකේය මලල කී‍්‍රඩාව පිළිබඳව හා මලල කී‍්‍රඩාව දියුණු කිරීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ ප‍්‍රසාදය පළකළ ලෝක මලල කී‍්‍රඩා සම්මේලන සභාපතිවරයා ඇතුළු පිිරිස හෙට මෙරටින් පිටත්වීමට නියමිතය.

No comments: