Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 8, 2008

ජානක පෙරේරාගේ ඝාතනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ- ජෝන් අමරතුංග

එකම හැඟීමෙන් සන්නද්ධ වී
මවුබිම දිනවීමට සහාය වන්න
- අගමැති රත්නසිරි වික‍්‍රමනායක
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
ජානක පෙරේරාගේ ඝාතනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ
- ජෝන් අමරතුංග

එජාපය සැමදා කළේ පාක්ෂිකයින්ගේ මරණ විකුණාගෙන කෑමයි
- මහින්දානන්ද අලුත්ගමගේ
කරුණා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යොමු කිරීමේ ගෞරවය ජනපතිට හිමි වෙනවා
- අමීර් අලි
කොටින්ට තිබෙන එකම මඟ කරුණා පෙන්වා දී තිබෙනවා
- විමල් වීරවංශ
එකම හැඟීමෙන් සන්නද්ධ වී මවුබිම දිනවිය යුතු මොහොතේ අවම වශයෙන් ඒ සඳහා වන මූලික අවශ්‍යතාව ඉටුකර ගැනීමට පමණක් වත් සහාය වන ලෙස සෑමදෙනාටම ආරාධනා කරන බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප‍්‍රකාශ කෙළේය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) පෙරවරු 9.30 ට රැස්විය.
විනයාගමුර්ති මුරලිදරන් මහතා නව මන්තී‍්‍රවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් හා ලිපි ලේඛන හා වාර්තා පිළිගැන්වීමෙන් පසු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කෙළේය.
අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ ප‍්‍රකාශ කෙළේය.
උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ජානක පෙරේරා මහතාත් එම මැතිණියත් ඇතුළු විසිතුන්දෙනෙක් (23) ඊයේ උදෑසන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් අනුරාධපුරයේදී ජීවිතක්ෂයට පත් වුණා.
ඒ සම්බන්ධයෙන් රජයේත්, මගේත්, සාතිශය සංවේගය පළ කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නවා. දේශපාලන මතිමතාන්තර අනුව අපි කුමන පිලක හිටියත්, ඔහු වීරෝදාර රණවිරුවෙක් බව අප සියලු දෙනාම පිළිගන්නා කරුණක්. ත‍්‍රස්තවාදියාට අවශ්‍ය එවැනි මිනිසුන් වගේ ම සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීමයි. අපේ රජය ත‍්‍රස්තවාදියාට එරෙහිව සටන් වදින්නේ අන්න ඒ නිසයි.
උතුර ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා වූ මෙහෙයුම් වේගවත් කරලා \;බන මොහොතක් මේ. ත‍්‍රස්තවාදියාට දැඩි ප‍්‍රහාර එල්ල කරන අතරම එම ප‍්‍රදේශවල ජනතාවගේ සුබසාධනය වගේම පහසුව සඳහා අපේ රජය විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කරනවා. එහි පියවරක් හැටියට තමයි අප ඒ ප‍්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ලබාදීමට පියවර ගන්නේ. නමුත් මොකද්ද වුණේ..?
ත‍්‍රස්තවාදයට උදව් කරමින්, ත‍්‍රස්තවාදියාට අවශ්‍ය උපකරණ සපයාදීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ ගන්නවා. නැත්තං කොහොමද ආහාර ද්‍රව්‍ය ගෙනියන කන්ටේනර්වල රහස් කුටි හදලා යුද උපකරණ ගෙනියන්නෙ ..? ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ දැඩි විමසිලිමත්කම නිසා ඒවා අනාවරණය වුණා. මොකක්ද මේ වැඩපිළිවෙළේ අරමුණ..? කාටද මේවා කරන්න අවශ්‍ය..? මේ පිටුපස විශාල කුමන්ත‍්‍රණයක් තිබෙන බවයි අපේ අදහස.
මේ රටින් ත‍්‍රස්තවාදය තුරන්කර දමනවාට කිසියම් පිරිසක් කැමැති නැති බව අපට හැෙඟනවා. අනෙක් කාරණාව උතුරේ ජනතාවට සහන සැපයීමේ මාර්ග ප‍්‍රමාද කිරීම හරහා, නවතා දැමීමට කි‍්‍රයාකිරීම හරහා එම ජනතාව කළකිරීමට පත් කිරීමේ උවමනාවක් කාට හෝ තිබෙනවා. මේ පුද්ගලයන් කවුද ...? ඔවුන් සොයා ගැනීම සඳහා අපට විශේෂ සොයා බැලීමක් කරන්න සිද්ධවෙනවා. හදිසි නීතිය සම්මත කිරීම මඟින් අපට ඒ සඳහා පසුබිම සකස්කරගත හැකියි. ඇතැම් බටහිර රටවල් ලෝකයේ ත‍්‍රස්තවාදය පිටුදැකීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. ඒවාට විරුද්ධව හඬක් නොනගන කිසිවක් නොකියන ඇතැම් පිරිස් අපේ රජය ගෙනයන කි‍්‍රයාමාර්ගවලට එරෙහි වෙනවා.
ස්වාධීන රාජ්‍යයක අභ්‍යන්තර අර්බුද විසඳ්‍ර ගැනීම සඳහා එම රටේ ජනතා ඡන්දයෙන් පත්වුණ රජයකට කි‍්‍රයාකරන්න බැරිද කියලා මම අහන්න කැමතියි. ත‍්‍රස්තවාදියා වටා එතුණු රැහැන් හිරවෙන තරමට වේදනාවෙන් හඬ තලන්නේ වෙනත් අය. එතකොට අපට තේරුම්ගත හැකියි රුව දේව දූතයාගේ් වුණාට හඬ සාතන්ගේ බව. අප අහන්නේ සාමාන්‍ය ජනතාව විශ්වාසයෙන් අදහන දෙවියන්ට මුවාවෙලා යක්ෂයින්ගේ අරමුණු ඉටුකරන්නේ ඇයි කියලයි. එතකොට අසරණ වන්නේ එම ජනතාවයි. මේ රටේ පොදු මහජනතාවට අවශ්‍ය නිදහසේ සාමකාමීව ජීවත්වීමයි. ත‍්‍රස්තවාදය නිමාවට පත්වෙලා සාමය රජකරන දිනයක් ගැන ඔවුන් සිහින දකිමින් ඉන්නවා. පරපණ නැසීම ප‍්‍රතික්ෂේප කළත් කොටි නායකයාගේ අවසානය කවදා සිදුවේදැයි ඔවුන් විමසිල්ලෙන් පසුවෙනවා. එය හැකි ඉක්මනින් සිදුවේවා කියන එකයි ඔවුන්ගේ ප‍්‍රාර්ථනය. අපගේ වීරෝදාර හමුදා සාමාජිකයන් එම ප‍්‍රාර්ථනය ඉටුකිරීම සඳහා පසුනොබා ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ගේ දොර, අඹුදරුවෝ, සහෝදර සහෝදරියන් පමණක් නොවෙයි තමන්ගේ ජීවිතය ගැන පවා තැකීමක් නොකර අපේ රණවිරුවන් පෙරමුණට යනවා. ඔවුන්ට ආශිර්වාද කරමින් ශක්තියක් වීම අපගේ යුතුකමයි.
ඒ යුතුකම සෑම සියලුදෙනා අතින් ම ඉටුවෙනවාද කියලා තමන්ගෙන්ම විමසා බලන්න කියලා මම ආරාධනා කරනවා. මුළු රටම මුහුණ දෙන පොදු අර්බුදයකදී අනෙක් සියලු කාරණා ගැනෙන්නේ දෙවෙනි තැනටයි. ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් පසු දේශපාලන වාද කළ හැකියි. රාජ්‍ය බලය ලබා ගැනීමට සටන් කළ හැකියි. නමුත් කොතරම් පිරිසක් එය අවබෝධයෙන් කටයුතු කරනවාද කියන ගැටලුවක් අපට තිබෙනවා. මේ අවස්ථාවේදී කළයුතු වන්නේ රට තවත් අර්බුද වෙත යොමු කිරීම නොවෙයි. සමස්ත ජනතාවම පොදු සතුරාට එරෙහිව පෙළගැස්වීමයි. ඒ වගකීම මේ රටේ සියලු දේශපාලන පක්ෂ මඟින් ඉටුවෙනවදා කියන ප‍්‍රශ්නය මෙම සභාවට ඉදිරිපත් කරන්න කැමතියි.
ත‍්‍රස්තවාදය නවතා දැමීම සඳහාත්, ත‍්‍රස්ත කි‍්‍රයා වැළකීම සඳහාත් අවශ්‍ය කි‍්‍රයාමාර්ග අනුගමනය කළයුතුයි. හදිසි නීතිය සම්මත කිරීම ඒ සඳහා පදනම දැමීමක්. එම පදනම මත සිට රටේත් ජනතාවගේත් ආරක්ෂාව ගොඩනැංවිය හැකියි. අවසානය තමන්ගේ ගෙදර දොරකඩට ඇවිත් තිබෙන බව ඉව වැටුණු කොටියා මරහඬ දීමෙන් පමණක් නවතින එකක් නැහැ. දත නිය විළිස්සන්න පුළුවන්. අවසාන වතාවටත් ජීවිත ආශාවෙන් කුමක් හෝ මහා විනාශයක් කරන්න පුළුවන්. අපි ඊට සූදානමින් මුහුණදිය යුතුයි. තැනින් තැන විශේෂ පරීක්ෂාවකට ලක් කරන්නෙත් හදිසි සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන්නෙත් එම නිසයි. මේ කටයුතු සඳහා සියලු දෙනාගෙන්ම සෑම ආකාරයකම සහාය අපට අවශ්‍ය වෙනවා. එසේ නොවීමෙන් සිද්ධ වෙන්නේ මේ රටේ අහිංසක සාමානය ජනතාවගේත්, කි‍්‍රයාන්විතයේ සිටින සෙබළාගේත් ජීවිතය අවධානමට පත් කිරීමයි. අන්තර්ජාතික යුද නීතියට පවා ගරු නොකර කොටි සංවිධානය අද උපක‍්‍රම පාවිච්චි කරනවා. විවිධාකාරයේ වායු වර්ග භාවිත කරමින් හමුදා සාමාජිකයන්ට පහර දෙනවා. අවසන් හුස්ම හෙළන මොහොතේදී හෝ විනාශකාරී අරමුණු වලින් බැහැරවෙන්න ත‍්‍රස්තවාදියා සූදානම් නැති බවයි එයින් පෙනෙන්නේ. ආයුධ අතහැරලා සාමකාමී මාවතට ප‍්‍රවේශවීමෙන් තමන්ගේත්, ජනතාවගේත් දියුණුව සලසාන්න ඔවුන් සූදානම් නැහැ. එම නිසයි අප ඔවුන්ට නිසි පාඩම් කියාදෙන්න කටයුතු කරන්නේ. එම කටයුත්තේදී අපට කැප කිරීම් කරන්නට සිද්ධවෙනවා. මේක සාකච්ඡාවෙන්, සම්මන්ත‍්‍රණයෙන් පිළියම් සොයන අවස්ථාවක් නොවෙයි. අවි ආයුධ අතට ගත් ත‍්‍රස්තවාදීන් සමඟ කරන ගනුදෙනුවක්.
පසුගිය සැප්තැම්බර් පළමුවෙනිදා (01) සිට ඔක්තෝබර් පළමුවෙනිදා (01) දක්වා කාලය තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් නිසා ති‍්‍රවිධ හමුදාවේත්, පොලීසියේත් සාමාජිකයන් දෙසීයක් (200) ජීවිතක්ෂයට පත් වුණා. තවත් නවසිය අනූහත් දෙනකු (997) තුවාල ලැබුවා. ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා එම කාලය තුළ රටට අහිමි වුණ සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව දහතුනක් (13) සාමාන්‍ය වැසියන් විසිනව දෙනකු (29) ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් නිසා එම කාලය තුළ තුවාල ලැබුවා. මේ සංඛ්‍යාවලින් ඇතැම් විට සතුටුවෙන කොටස් ඉන්න පුළුවන්. නමුත් උපන් බිම ගැන හැඟීමක් තිබෙන කෙනකු මෙයින් සතුටු නොවන බව අපි දන්නවා. එම කැපකිරීම්, ජීවිත පූජාවන් කරමින් මවුබිමට ජයග‍්‍රහණ අත්කර දුන් වීරෝදාර රණවිරුවන්ට හැමදාමත් ජාතියේ ගෞරවය හිමිවෙන බව කිව යුතුයි. කිලිනොච්චියේ තිබෙන එල්.ටී.ටී.ඊ. බල කඳවුරු අද දෙදරුම් කා තිබෙන්නේ එම කැප කිරීම් නිසයි. නායකයන් යැයි කියාගත් පිරිසට උන්හිටි තැන් අමතක වෙලා තිබෙන්නේ රණවිරුවන්ගේ නොසැලෙන ධෛර්යය නිසා බවත් ඔවුන්ට ගෞරවයක් ලෙස සඳහන් කළයුතුයි. සයුර, ගුවන, වගේම ගොඩබිම අරා ඉඳින අපේ බලසේනාවන් ත‍්‍රස්තවාදියාට මරණයේ සුවඳ දැනෙන්නට සළස්වා තිබෙනවා. කිසිදිනෙක නොදැණුනු මරණීය වේදනාවක් දැන් ත‍්‍රස්තවාදියාට දැනෙන බව අපි දන්නවා. යුද්ධයත් දේශපාලනයත් වෙනස් මාර්ග දෙකක් බව වටහා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි මේ ජයග‍්‍රහණ රටට හිමිවෙන්නේ. එම නිසා රටේ අවශ්‍යතාව දේශපාලනයට ලඝු කරන්නට එපා කිලා අප ඉල්ලා සිටිනවා.
මෙය රටක් ලෙස පොදුවේ සියලු දෙනාම එක්විය යුතු අවස්ථාවක්. එකම හැඟීමකින් සන්නද්ධ වෙලා මවුබිම දිනවිය යුතු මොහොතක්. අවම වශයෙන් ඒ සඳහා වන මූලික අවශ්‍යතාව ඉටුකර ගැනීමට පමණක්වත් සහාය වන ලෙස සැමදෙනාටම මා ගෞරවයෙන් ආරාධනා කරනවා.
මෙය පුද්ගලයන් දිනවීමට කරන අරගලයක් නොවන බව අප සිහිතබා ගත යුතුයි. රටේ ස්වාධීනත්වයත් පොදු ජනතාවගේ යහපතත් සඳහාය මෙම කටයුතු සිදුවන්නේ. එසේ හෙයින් සාමය සහ මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහාත්, රාජ්‍ය දේපල ආරක්ෂා කිරීම සඳහාත් තවදුරටත් එක් මසක කාලපරිච්ඡේදයක් සඳහා දිවයින මුල්ලේම හදිසි අවස්ථා තත්ත්වයක් නොකඩවා පවත්වාගෙන යාම පිණිස මෙම සභාවේ සියලු මන්තී‍්‍රතුමන්ලාගේ සහයෝගය ලබාදෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා (එ. ජා. ප.) -
ගතවූ මාසයේ දී වූ සිද්ධීන් දෙස බලන විට හදිසි නීතිය සම්මත කිරීමෙන් සෙතක් තිබෙනවාද යන ගැටළුව අපට තිබෙනවා. ඒ වගේ ම පසුගිය මාසය පුරා බෝම්බ පිපිරීම්, පහරදීම්, මුදල් වංචා කිරීම් රැසක් සිදු වුණා.
ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනෙක් මියගියා. මේ අය තවදුරටත් ජීවත්විය යුතු අයයි. මේ මරණවල වගකීම රජය භාරගත යුතුයි. ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු අය ගේ අභාවයන් වෙනුවෙන් අපගේ ශෝකය ප‍්‍රකාශ කරනවා.
ජානක පෙරේරාට කොටි ත‍්‍රස්තවාදීන් ගේ තර්ජන තිබුණා. ඔහුට ආරක්‍ෂාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට සිදු වුණා. මැතිවරණයෙන් පස්සේ ඔහුට ලබාදී තිබුණ ආරක්‍ෂාව ඉවත් කළා. ජානක පෙරේරා මහතා ගේ ඝාතනය සම්බන්ධයෙන් විවිධ කතා තිබෙනවා.
හුසේන් බයිලා මහතා -
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයින් ගේ නම් සඳහන් කරමින් විවිධ ප‍්‍රකාශ කරනවා. මෙවැනි ආකාරයට හැසිරෙන්නට ඉඩ දෙන්නට නොහැකියි.
ජෝන් අමරතුංග මහතා -
අද දිව්රුම් දුන්න මන්තී‍්‍රවරයාගේ හැසිරීම ලංකාව විතරක් නෙවෙයි, ලෝකෙම දන්නවා. මම එයාගෙ චරිතෙ ගැන කතා කරන්නෙ නැහැ.
කතානායකවරයා -
දිව්රුම් දුන්නෙ එක් මන්තී‍්‍රවරයෙක්. ඒ නිසා විවිධ අන්වර්ථ නාම යොදා ගනිමින් අපහාස කරන්නට එපා.
ජෝන් අමරතුංග මහතා -
ජානක පෙරේරා මහතා ගේ ඝාතනය පිළිබඳ ව සිදු කරන විවිධ ප‍්‍රකාශ දෙස බලනවිට අපට සැකයක් ඇති වෙනවා. ඒ නිසා මෙම ඝාතනය ගැන ජාත්‍යන්තර වශයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකැර යුතුයි.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා මූලාසනයට පැමිණියේය.
මඩකළපුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෙයනන්ද මූර්ති මහතා (දු. පා. ස.) -
දේශපාලකයින් කියනව නැඟෙනහිර ජනතාව අද සාමකාමීව ජීවත් වෙනව ඛ්යලා. නමුත් නැඟෙනහිර පළාතේ අදටත් ත‍්‍රස්තවාදී කටයුතු සිදුවෙනවා. මුරකපොළු පරීක්‍ෂා කිරීම් වැඩිකර තිබෙනවා. දෙමළ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වෙලා ඉන්නවා. අත්අඩංගුවට ගැනීම් ප‍්‍රශ්න කිරීම් දවස ගානේ සිදුවෙනවා.
බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා -
ජානක පෙරේරා මහතා ගේ ඝාතනය සම්බන්ධයෙන් අපි ශෝකය පළකරනවා. එ. ජා. ප. ය හැමදාම කළේ තම පාක්ෂිකයෙක් මියගියා ම ඒ මරණය විකුණගෙන කෑමයි. ඒ වගේම මේ ඝාතනයේ වගකීම රජයට එල්ල කිරීමට විපක්‍ෂ නායකයා හා ජෝන් අමරතුංග මහතා උත්සාහ කළා.
නමුත් මෙහිදී මම යමක් කිව යුතුයි. මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ ආණ්ඩුවේ නැහැ. මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ ඉන්නෙ කොටින්ට විතරයි.
තමන්ගේ සගයා මරාදාපු එල්. ටී. ටී. ඊ. කි‍්‍රයාකාරකම හෙළා දකින්න කියල මම එජාපයට අභියෝග කරනවා. මේ ඝාතනය සිදු වුණාට පස්සේ එජාපය ආණ්ඩුවට චෝදනා කරනවා. මේ ඝාතනයේ වගකීම එල්. ටී. ටී. ඊ. යට පවරන්න තරම් කොන්දක් රනිල්ට නැහැ.
ඒ විතරක් නෙවෙයි, ශ්‍රේෂ්ඨ රණකාමියෙක් මියගියාට පස්සේ මේ අය ශෝක ප‍්‍රකාශ කරනවා. රනිල් ප‍්‍රකාශ කරන මේ ශෝක ප‍්‍රකාශය අදින් ඉවරයි. මට අනුරාධපුරයේ එ. ජා. ප. සාමාජිකයෙක් කතා කළා. මෙහි වගකීම ඔහු පවරන්නේ විපක්‍ෂනායකයාට. මේ ඝාතනය ගැන අපටත් සැකයි.
එ. ජා. ප. නායකයාට එරෙහි ව නායකත්වයක් අභියෝගයක් එල්ල වෙනකොට ඒ නායකත්වය විනාශ කරන්නට විපක්‍ෂය නායකයා හැමදාම කටයුතු කළා. ජොන්ස්ටන්ල කියන කතා බොරු නෙවෙයි. ගාමිණී අතුකෝරළටත් රනිල් වික‍්‍රමසිංහ කළේ මේ වගේම දෙයක්. ලලිත් ඇතුළත්මුදලි වගේ අය මැරෙන වෙලාවෙත් මේ වගේ චෝදනා කළා.
මේ ඝාතනය ගැන අපි හොයනවා. අපට සාධාරණ සැකයක් තිබෙනවා මේ ඝාතනය පසුපස ඉන්නේ එක්සත් ජාතික පක්ෂයද කියලා. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එ. ජා. ප. ය වෙනදට තියෙන්නෙ හවස. පසුගිය දිනයේ විතරක් ඇයි උදේ තිබ්බේ.
මුරලිදරන් මහතා ගේ දිව්රුම් දීම ගැන මම සතුටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අපට, පක්‍ෂයට ලියුමක් එවල තියෙනවා සන්ධානයෙන් ඉවත් වන බවට. එහෙම ඉවත් වෙනව නම් අපට ගත හැකි හොඳම විසඳුම තමයි නැඟෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීමට කටයුතු කිරීම. ජනාධිපතිවරයා හොඳම තීරණය කි‍්‍රයාත්මක කළා. අද වෙනකොට නැඟෙනහිර ජනතාව නියෝජනය කරන්නට මුරලිදරන් මන්තී‍්‍රවරයා හා ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා ඉන්නවා.
ඉතිහාසයේ සිදුවූ යම් යම් වැරැදි නිසයි මෙම ගැටළුව ත‍්‍රස්තවාදයක් දක්වා පුලුල් වුණේ. ඒ ත‍්‍රස්තවාදය විනාශ කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. නැගෙනහිර මහ ඇමැතිවරයා ලෙස චන්ද්‍රකාන්තන් මහතා දිව්රුම් දෙන විටත් ඇතැම් අය රජයට විවිධ චෝදනා එල්ල කළා. මුරලිදරන් මන්තී‍්‍රවරයා ගේ අද කතාව අහගෙන හිටිය නම් එජාප මන්තී‍්‍රවරුන් ඉල්ලා අස්වෙන්න ඕනේ. මුරලිදරන් මහතා කිව්වා මහින්ද චින්තනය යටතේ නැගෙනහිර සිදුවන සංවර්ධනය ගැන.
ජානක පෙරේරා මහතාට ආරක්‍ෂාවට අපි අටදෙනෙක් දුන්නා. ඒ අට දෙනාගෙන් කිහිප දෙනෙක් නැවත එව්වෙ ජානක පෙරේරා මහතාම යි. මේ ප‍්‍රහාරයෙන් 28 දෙනෙක් මිය ගියා. විශේෂයෙන් ම මා දැන්වත් කියනවා විපක්‍ෂ නායකයනට ත‍්‍රස්තවාදය පරාජය කරන්නට එකඟ වෙන්න කියලා.
පාලිත රංගෙ බණ්ඩාර මහතා - විපක්‍ෂ නායකවරයාට පහර ගසමින් සඳහන් කළ කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි ඉල්ලනවා.
මුලසුන - ස්ථාවර නියෝගවලට පටහැනි දේ තිබුණ හොත් ඉවත් කරනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා (ජා. නි. පෙ.) - විනයාගමුර්ති මුරලිදරන් මහතා මන්තී‍්‍රවරයෙක් ලෙස අද දිවුරුම් දුන්නා. මීට වසර කිහිපයකට පෙර කොටි සංවිධානය සමඟ එක් ව රට බෙදීමේ කි‍්‍රයාමාර්ගයට සම්බන්ධ ව ඔහු කටයුතු කළා. පසුගිය එ.ජා.ප කාලෙ සාම රෙද්දෙන් ශී‍්‍ර ලංකාවේ බෙල්ල කැපීමට එල්. ටී. ටී. ඊ නායකයන් රටින් රටට ගෙන යන විට එදා කර්නල් කරුණා නම් වූ ඔහු ගේ කි‍්‍රයාදාමයට අප එදා විරුද්ධ වුණා. බෙදුම් වාදය වෙනුවෙන් කටයුතු කළ කර්නල් කරුණා ගේ දේශපාලනයට අප එදා විරුද්ධ වුණා. එදා කර්නල් කරුණා ගේ දේශපාලනයට පක්‍ෂ වූ අය අද විනයාගමුර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවට එන කොට විරුද්ධ වෙන්නේ ඇයි?
අද ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම දේශපාලනයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වී හමාරයි. ඔහු මන්තී‍්‍රවරයකු බවට පත්වීමෙන් ;දමළ ජනතාවට හා ලොවට හඬ ගා කියන්නේ වැදගත් පණිවුඩයක්. කර්නල් කරුණා රටින් රටට යවන කොට කැමැති වූ අය අද ඔහු මන්තී‍්‍රවරයකු වීම ගැන අකමැති ඇයි? එල්. ටී. ටී. ඊ සමඟ සිටින කරුණා හොඳයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ට පැමිණි විනයාගමුර්ති මුරලිදරන් ට විරුද්ධයි. පිල්ලෙයාන් එල්. ටී. ටී. ඊ යේ ඉන්න කොට හොඳයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආවා ම නරකයි. අප එල්. ටී. ටී. ඊ කරුණාට විරුද්ධ යි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පැමිණි මුරලිදරන්ට පක්‍ෂයි.
ජාතික දේශපාලනයට පිවිසෙන විට විරුද්ධ වන අය කර්නල් කරුණාට පක්‍ෂ වුණේ කොහොමද? විනයාගමුර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් සනිටුහන් වන්නේ පිරිබාහරන්ගේ පරාජයයි. පරිබාහරන්ට විරුද්ධ වූ විනයාගමුර්ති පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙක් වීම ඔහුට විරුද්ධව එල්ල කළ කාල තුවක්කු ප‍්‍රහාරයකට වඩා බලවත්.
ගයන්ත කරුණාතිලක මහතා මුලසුනට පැමිණියේ ය.
වීරවංශ මහතා - ඉතිරිව සිටින කොටි සාමාජිකයන්ට තිබෙන එකම මාර්ගය විනයාගමුර්ති මුරලිදරන් මන්තී‍්‍රතුමා පෙන්වා දී තිබෙනවා. එකම විසඳුම බෙදුම්වාදය නොවන බව එම මාර්ගය බව එතුමා පෙන්වා දී තිබෙනවා.
මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ හදන්නේ කවුද? කොටි සංවිධානය හැර එවැනි බෝම්බකාරයෝ හදන්නේ වෙන කවුද? කොටි සංවිධානය ජානක පෙරේරා මහතා මරා දැමීමට වඩා වේදනාකාරී කි‍්‍රයාව නම් ඒ, එතුමාගේ ඝාතනයට වගකිව යුත්තේ කොටියා බවත් ඔහු පරාජය කිරීමට අප එකමුතු විය යුතු බවත් නොකියා සිටීමයි. එසේ නොකියන්නේ ඇයි?
යුද හමුදාවේ සිට කොටින්ට විරුද්ධව සටන් කර පසුව ජාතික දේශපාලනයට පැමිණි අය කොටින් විසින් විනාශ කළා. එදා ලකී අල්ගම එසේ ඝාතනය කළා. අද ජානක පෙරේරා ට කළෙත් එයයි. කොටියා දෙන පණිවුඩය පැසිස්ට් වාදයට හතුරා මිතුරා කියා කිසිවෙක් නැති බවයි. මේ පොළව නායකයන් නැති මුඩු බිමක් බවට පත්කිරීමටයි කොටි දෙමළ නායකයන් මරා දැම්මේ, ඊට පසු ජාතික දේශපාලනයේ සිටි නායකයෝ මැරුවා. ඊට පසු ලකී අල්ගම හා ජානක පෙරේරා මැරුවා. කොන්ද පණ නැති නායකයන් පමණක් ඉතිරි කර ගැනීම හා දේශපාලන භූමිය පඹයන් ගෙන් පිරි රටක් බවට පත් කිරීමයි කොටියා ගේ අරමුණ.
මේ කුමන ඝාතනයෙන් වත් පාඩමක් ඉගෙන ගන්නෙ නැත්නම්, පැසිස්ට් වාදය මේ පොළවෙන් අතුගා නොදමා බෝම්බ කාරයාට හොර ඔප්පු හදනවා නම් ඊට වඩා ජාතික අපරාධයක් නැහැ. ජානක පෙරේරා මහතා මරා දැම්මේ කොටියා යැයි නොකියා ඔහුට වෙන උප්පැන්නයක් හදන්න යාම තරම් අපරාධයක් තවත් නැහැ. මේ පෙන්නුම් කරන දේශපාලන වරදින් අප ගැලවෙන්න ඕනෑ.
පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පාලිත රංගෙ බණ්ඩාර මහතා (එ.ජා.ප.) - ජානක පෙරේරා මහතා ඇතුලු විසිඅට දෙනකුගේ ඝාතනය අප හෙළා දකිනවා. එම පවුල්වලට අපේ කනගාටුව පළ කරනවා. අද ඓතිහාසික දිනයක්.
ජානක පෙරේරා මහතා ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා කි‍්‍රයා කළ සුවිශේෂ පුරුෂයෙක්. ඔහුට එල්. ටී. ටී. ඊ යෙන් හෝ වෙනත් සංවිධානයකින් හෝ තර්ජනයක් නැති බව එදා කියන කොට ජා.නි.පෙ මන්තී‍්‍රවරුන් මෙහි සිටියා.
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේ ය.
ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා - ජානක පෙරේරා ඝාතනය කළේ කොටියා විසින් යැයි පිළි නොගැනීම ගැන කනගාටුයි. අංගුලිමාල බණ කීවා වැනි කතාවක් තමා අප ඇහුවේ.
පිළියන්දල පොලිසියේ සිදු කරන ලද පැමිණිල්ලක් ඉවත් කර ගන්නැයි අහිංසක ගුරුවරියකට කරැති තර්ජනය ගැන පරීක්‍ෂා කරන්නැයි ආරක්‍ෂක ලේකම්තුමාගෙන් මා ඉල්ලනවා. එසේම බහු විවාහ චෝදනා නැගී ඇති කෙනෙක් සිටී නම් ඒ ගැනත් පරීක්‍ෂා කරන්නැයි මා ඉල්ලනවා.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ. ජ. නි. සං.) - දොරේ අප්පා නගරාධිපති ඝාතනයෙන් පටන් ගත් ත‍්‍රස්තවාදය අවුරුදු තිස් ගණනක් පුරා පවතිනවා. ත‍්‍රස්තවාදය අවසන් කළ යුතුයි.
පත්කළ මන්තී‍්‍ර රවුෆ් හකීම් මහතා (ශී‍්‍ර. ල. මු. කො.) -
අද මේ පාර්ලිමේන්තුවේ දී අලුත් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයකු වශයෙන් කරුණා අම්මාන් දිව්රුම් දුන්නා. මෙමගින් මේ පාර්ලිමේන්තුවේ නව පරිච්ඡේදයක් ඇති වනවා. ඔහු මේ පාර්ලිමේන්තුව තුළ කෙලෙස හැසිරෙයි ද කියා අපි බලාගෙන ඉන්නවා.
පත්කළ මන්තී‍්‍ර එල්ලාවල මේධානන්ද හිමි (ජා. හෙ. උ.) - මේ රටේ ත‍්‍රස්තවාදය වැළැක්වීමට කි‍්‍රයා කළ වීර සෙන්පතියකු වූ ජානක පෙරේරා මහතාගේ ඝාතනය ගැන බොහෝ දේ කතා කළා. යුධ හමුදාවේ සිටියදී නිවැරැදි ගමනක් ගිය ජානක පෙරේරා මහතා විශ‍්‍රාම යෑමෙන් පසු වැරැදි මගක ගිය බවයි මට නම් හැඟෙන්නේ.
දේශීය වෛද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා -
උතුරුමැද පළාතේ හිටපු විපක්‍ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු කුරිරු ලෙස මිය ගිය පිරිස වෙනුවෙන් මාගේ ශෝකය පළ කරනවා. ජානක පෙරේරා මහතා මම බොහෝ කලක සිට දන්නවා. වැලිඔය සටන් බිමේදී තමයි මම ඔහුව හඳුනා ගත්තේ.
ත‍්‍රස්තවාදීන් අපට වඩා ඉතා සූක්‍ෂමයි. ඔවුන් තම ඉලක්කය ගැනීමට බොහෝ කල් බලාගෙන සිටිනවා. උතුරුකරයේ ජයග‍්‍රහණ ලබාගත නොහැකි තැන ඔවුන් ප‍්‍රභූ ඝාතනයන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා :-
අනුරාධපුර බෝම්බ ප‍්‍රහාරයෙන් 28 දෙනෙක් ඊයේ මිය ගියා. මියගිය සෑම දෙනෙක් වෙනුවෙන්ම අපගේ ශෝකය ප‍්‍රකාශ කරනවා. රට වෙනුවෙන් සේවය කළ විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක්, ඔහුගේ බිරිඳ, තවත් පළාත් දේශපාලඥයෙක්, මාධ්‍යවේදියෙක් මේ පිරිසට අයත්. ආපදා සහන සේවා අමාත්‍යංශය මේ විපත සිදු වූ විගස ඔවුන්ට වන්දි ලබාදීමට ලක්‍ෂ 38ක මුදලක් වෙන් කළා.
කලක් ආයුධ අතේ තබාගෙන සිටි පුද්ගලයෙක් වන විනයාගමූර්ති මුරලිදරන් අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගෙන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු බවට පත් වී තිබෙනවා.
එලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඔහු යොමු කිරීමේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිමි වෙනවා.
අපේ පළාත නියෝජනය කරන පුද්ගලයකු ලෙස පාර්ලිමේන්තුවට ඔහු පැමිණීම පිළිබඳ මා සතුටු වෙනවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා
පසුගිය මාසය තුළ මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වලට ශෝකය පළ කරමින් මා කතාව අරඹනවා. එසේම ඊයේ දිනයේදී මිය ගිය ජානක පෙරේරා මහතා සහ ඒ මහතාගේ බිරිඳ ඇතුළු පිරිස වෙනුවෙන් ද අපගේ ශෝකය පළ කරනවා.
ජානක පෙරේරා ඝාතන සිද්ධියට පුදුමාකාර ප‍්‍රචාරයක් රාජ්‍ය මාධ්‍යයෙන් දුන්නා. සිද්ධිය සිදුවීමට පෙර ස්වාධීන රූපවාහිනියේ පිරිසක් අනුරාධපුරයට ගොස් හිටියා.
තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර යාපා මහතා :-
මෙතුමා රාජ්‍ය මාධ්‍ය අපහසුවට පත් කරන්නට හදනවා. මොන හේතුවකට ද මේ ආකාරයට රාජ්‍ය මාධ්‍යයට හා එහි සිටින පුද්ගලයින්ට පහර ගහන්නට හදන්නේ. මෙම සිද්ධිය සිදුවූ මොහොතේ පටන් රාජ්‍ය මාධ්‍ය නිවැරැදි ආකාරයට මෙම සිද්ධිය වාර්තා කළා.
සෞඛ්‍ය ප‍්‍රවර්ධන ඇමැති ජයරත්න හේරත් මහතා :-
ජානක පෙරේරා මහතා ගේ ඝාතනයත් විකුණන්නට එජාපය හදනවා. කුරිරු ත‍්‍රස්තවාදය නිසා ඝාතනයට ලක්වූ එකම තැනැත්තා ජානක පෙරේරා මහතා නෙවෙයි. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ, කදීර්ගාමර්, සී. වී. ගුණරත්න වගේ ඇමැතිවරු රැසක් මෙලෙස ඝාතනය වුණා. අපට කිසිදු තර්කයක් නෑ. ජානක පෙරේරා මහතා දක්‍ෂ සෙන්පතියෙක්. නමුත් එතුමාගේ දේහය විකුණමින් එජාපයේ බංකොලොත් භාවය වසාගන්නට උත්සාහ කරන්නට එපා.
විපක්‍ෂ නායකවරයා ඇතුළු එ. ජා. ප. ය තමයි ජානක පෙරේරා මහතා ඝාතනය වන තැනට පිඹුරුපත් සකස් කළේ.
විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා :-
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලු පිරිසගේ ඝාතනය ගැන මගේ ශෝකය පළකරනවා. මෙය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදී ගොදුරක් බවද එක එල්ලේ කිවහැකියි.
ජනතාව හැම විටම අවදියෙන් සිටිය යුතුයි. මන්ද ත‍්‍රස්තවාදියාට තැනක් වේලාවක් නැහැ. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහයෝගය දෙන්නයි අප හැම රටකින්ම ඉල්ලනවා. රටවල් කිහිපයක් එල්. ටී. ටී. ඊ. ය තහනම් කැර තිබෙනවා. කිලිනොච්චියේ මුල්ලකට තල්ලුවී ඇති එල්. ටී. ටී. ඊ ය ජනතාව බිය ගැන්වීමට කි‍්‍රයා කරනවා විය හැකියි.
ශී‍්‍ර ලංකාණ්ඩුව දේශපාලන විසඳුමකට දැඩිව කැපවන බව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ඉකුත්දා පැවසුවා.
ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික අවස්ථාවක් අප දුටුවා. විනයාගමූර්ති මුරලිදරන් මහතා බෙදුම්වාදයට එරෙහිව මන්තී‍්‍රවරයකු ලෙස දිව්රුම් දීමෙන් එල්. ටී. ටී. ඊ. යට පාඩමක් කියා දෙනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රවි කරුණානායක මහතා (එජාප) -
නීතිය හා සාමය බිඳ වැටීමත් රටේ හැම තැනකම දක්නට ලැබෙනවා. ඇත්තෙන්ම සත්‍යය වසන්වී තිබෙන්නේ. ත‍්‍රස්තවාදය අවසන් කළ යුතුයි. එය අත්‍යාවශ්‍යයි. එහෙත් එය අවසන් වන්නේ කවදාද ?.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. කජේන්ද්‍රන් මහතා (දෙජාස) -
වන්නි ප‍්‍රදේශයේ රෝහල් වල බෙහෙත් හිඟයි. ලොරි පනහකින් ආහාර හා ඖෂධ ලබා දුන්නත් එය ප‍්‍රමාණවත් නැහැ.
මහාමාර්ග ඇමැති ටී. බී. ඒකනායක මහතා -
හදිසි නීති විවාදයේදී හමුදා කි‍්‍රයාන්විතය ගැන කිසිවක් සඳහන් කළේ නැහැ.
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.
ඒකනායක මහතා -
ත‍්‍රස්තවාදය ගැන එල්ටීටීඊ ය වගකිව යුතු බව කියන්න එජාපයට ශක්තියක් තිබුණේ නැහැ. එල්ටීටීඊ ය ගැන හොදින් දන්නා කටුක අත්දැකීම් ඇති එහි සාමාජිකයෙක්ව සිටි විනයාගමුර්ති මුරලිදරන් මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් බවට පත්වීම වරදක් බව කීමට එජාපය උත්සාහ කළා.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. ශ‍්‍රිකාන්තන් මහතා (දෙජාසං) -
දෙමළ ජනතාවට එරෙහි අප‍්‍රකාශිත යුද්ධයක් කරන බව ජාත්‍යන්තර ප‍්‍රජාවට කියා පෑ යුතුයි. මේ යුද්ධයෙන් කොටින් පරාජය කරන බව රජය කියනවා. කොටි කිසි විටෙක ආයුධ බිම තබා සාකච්ඡාවට ආවේ නැහැ.
කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.
සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා -
හදිසි නීති විවාදයට සහභාගි වූ සියලු මැති ඇමැතිවරුන්ට ස්තුතිය පළ කරනවා. අද විවාදයේදී ජානක පෙරේරා මහතාගේ ඝාතනය ගැන බොහෝ අය කතා කළා. මේ ඝාතනය ගැන අපගේ රජය දැඩි ශෝකය පළ කරනවා. මේ ඝාතනය සිදු කළේ එල්. ටී. ටී. ඊ. ය බව මුළු රටම දන්නවා. ඒත් විපක්ෂ නායකවරයා හෝ එ.ජා.පයේ කිසිවෙක් මේ ඝාතනය එල්.ටී.ටී.ඊ. ය කළ බව ඛ්යන්න කැමති නෑ.එල්.ටී.ටී.ඊ. ඝාතන සංස්කෘතිය කි‍්‍රයාත්මක කළේ එ.ජා.ප. යට එරෙහිව බව එම පක්ෂයට අමතක වෙලා. එ. ජා. ප. යේ නායකයන් රැසක් එල්. ටී. ටී. ඊ..ය මගින් ඝාතනය කළා. එල්. ටී. ටී. ඊ. ය මෙම ඝාතනය හරහා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.
අද කරුණා අම්මාන් ආයුධ අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළඳගෙන මන්තී‍්‍රවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමෙන් ත‍්‍රස්තවාදීන්ට ඉතා හොඳ පිළිතුරක් ලබාදී තිබෙනවා.
හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත විය.
පාර්ලිමේන්තුව අද (08) උදේ 9.30 ට රැස් වේ.

No comments: