ජගත් පේර්මචන්ද්ර
ශ‍්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ලෙමනේඩ් කුසලාන පළමු කොටසේ අවසාන මහ තරගය අද (07දා) කොළඹ මේට්ලන්ඩ් ක‍්‍රසන්ට් හි සී.සී.සී. පිටියේදී පැවැත්වේ.
අවසන් පූර්ව වටයේදී තර්ස්ටන් විද්‍යාලය පරාජය කළ ආනන්ද විද්‍යාලය ද බෙනඩික්ට් විද්‍යාලය පරාජය කළ මහානාම විද්‍යාලය ද අවසන් තරගය සඳහා අද පිටියට පිවිසෙනු ඇත.
1978 වසරේදී ඇරැඹි 17 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක සූරයන් වෙමින්, ඊට පසුවද අවස්ථා කිහිපයක දීම සූරතාව දිනාගත් ආනන්ද විද්‍යාලය මෙවර මතීෂ පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.
ප‍්‍රථම වරට 17 න් පහළ පළමු පෙළ අවසන් තරගයකට පිවිසෙන මහානාම කණ්ඩායම සජිත් රුබේරු විසින් මෙහෙයවනු ලැබේ.
මහානාම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස විපුල සිත්තමගේ මහතා කටයුතු කරන අතර ඔහු 1985 වසරේ 17 න් පහළ දෙවැනි පෙළ සූරතාව දිනූ කණ්ඩායමේ නායකයා ද වෙයි. සහාය පුහුණුකරු ලෙස මංජක පෙරේරා මහතා ද කී‍්‍රඩාභාර ආචාර්යවරයා ලෙස ලෙස්ලි හරිස්චන්ද්‍ර මහතා ද කටයුතු කරයි.
ආනන්ද විද්‍යාලයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ලකී රොජර්ස් මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස අරවින්ද අමරසේකර මහතා ද කී‍්‍රඩා භාර ආචාර්යවරයා ලෙස ප‍්‍රියංකර නන්දසේන මහතා ද කටයුතු කරයි.
ආනන්ද විද්‍යාලය -
මතීෂ පෙරේරා (නායක) ගීෂාන් විමලධර්ම, උදේශ් නදීරංග, මධුමාල් ජයරත්න, පසිඳු මධුශාන්, සචින් දේවගේ, රුවින්ද ශ්‍යාමේන්, මිනුර ජනාධි, සචිත‍්‍ර පෙරේරා, තිසර ගොඩහේවා, සංජීව උඩවත්ත, අසංක රන්තිලකගේ, නලීන් ධනංජය, රසික ජයරත්න, චමත් දිමන්ත
මහානාම විද්‍යාලය -
සජිත් රුබේරු (නායක) රන්දික වැලිකන්නගේ, හෂාන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, අරවින්ද ද සිල්වා, තරිඳු නිපේන්ද්‍ර, රුසිරි දිල්ෂාන්, ළහිරු වීරකෝන්, චානුක රූපසිංහ, චතුර ප‍්‍රනාන්දු, උදක සුපුන්, සරොජ් ගමගේ, ජනිත් රණසිංහ, දුලාන් චතුරංග, ඔෂාන් චන්දුල
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment