Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

කොටි සංවිධානය වළපල්ලට

ලොව දරුණු ත‍්‍රස්තවාදී සංවිධාන අතර එල්ටීටීඊ ය ද ප‍්‍රබල ත‍්‍රස්තවාදී සංවිධානයකි. මූලාරම්භයේ සිට අද දක්වා එල්ටීටීඊ සංවිධානය කෙමෙන් කෙමෙන් වර්ධනීය අවස්ථා කරා ගොස් වර්තමානය වන විට දරුණු පසුබෑමකට මුහුණපා සිටියි.
උතුරේත් නැඟෙනහිරත් සීමා මායිම් සලකුණු කළ එල්ටීටීඊයේ ඊළාම් සිතියම මේ වන විට ඉතා සුළු ප‍්‍රදේශයක පමණක් සීමා වී ඇත.
මුල් යුගයේ මතවාදීමය ගැටුමක් ලෙසින් ඇරඹුණු දෙමළ නැගී සිටීම පසුකාලීනව එහි මුහුණුවර වෙනස් කරගත් රැඩිකල් මුහුණුවරක් ගන්නට විය.
ඝාතන, පැහැර ගැනීම් අවි අත දැරීම දක්වා ගොස් ත‍්‍රස්තවාදී සංවිධානයක් දක්වා එය දරුණු මුහුණුවරක් ගන්නට විය.
ඉල්ලීම්
නිදහස් සටනේ පටන් එක්ව එක රොදට නිදහස ඉල්ලා විමුක්ති සටනක නියැළුනු සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු ජාතීන් 1948 නිදහස නැමැති විජයග‍්‍රහණය ලැබුවේ එක්ව නැගී සිටීම නිසා ය.
නමුදු පසුකාලීනව දෙමළ ජනතාව ද තමන්ට අනන්‍ය ගැටලු තිබෙන බවට මතවාදී වශයෙන් කෙරුණු ගොඩනැගීම හරහා මතුවුණ ජාතික ගැටලුව ක‍්‍රමයෙන් වර්ධනය වන්නට විය.
1983 කළු ජූලිය ගැටුම වර්ධනය කළා පමණක් නොව, තව තවත් දෙමළ ජනතාව තුළ වූ ආකල්පමය වෙනසක් ද සිදු කරන ලදී.
1975 දී දොරෙයිඅප්පා ඝාතනය කළ එල්ටීටීඊය ගැටුම කොතරම් දුර දිග ගොස් තිබේ ද යන්න පසක් කළ අතර 80 දශකයේ මැද භාගය වන විට අවි දරන සන්නද්ධ සංවිධානයක් බවට පත් විය.
දමිළ තරුණ කොටස් එතෙක් පැවති මතවාදී ගැටුමෙන් ඔබ්බට ගොස් තම ඉල්ලීම් දිනා ගැනීමට යැයි පවසමින් හඬ නැගී ය.
නමුදු කලක් ගතවෙද්දී එල්ටීටීඊ සංවිධානය, වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ නායකත්වය ලබමින් බලසම්පන්න ත‍්‍රස්තවාදී සංවිධානයක් බවට පරිවර්තනය විය.
දකුණේ පාලනය
කලින් කලට දේශපාලන නායකත්වයන් වෙනස් වුව ද ගැටුමට නිසි පිළියම් නොදෙන්නට දකුණේ නායකයින් අපොහොසත් විය.
එම තත්ත්වය තුළ උපායශීලීව නැගී සිටි එල්ටීටීඊ සංවිධානය සාම සාකච්ඡා, විදෙස් මැදිහත්වීම්, ජාත්‍යන්තර ප‍්‍රචාරණ ආදියෙන් සහය ලබමින් ක‍්‍රමයෙන් නැගී සිටියේ ය.
එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමය තුළ උතුරේ භාණ්ඩ සඳහා පනවා තිබූ සීමා බන්ධන ඉවත් කෙරිණි, ඒ එවක රජය සාමය සඳහා වූ අපේක්ෂා පෙරදැරිව සිදු කළ සාම සාකච්ඡා අරුත් ගන්වනු පිණිස ය.
රජයේ නම්‍යශීලීත්වය පෙන් වූ එවන් අවස්ථාවන් පවා සූක්ෂම ලෙස යොදා ගත් එල්ටීටීඊය අනාගත අරමුණු සහිතව එදා තහනම ඉවත් වු යකඩ, සිමෙන්ති, බයිසිකල් බෝල වැනි දෑ රැස් කරන්නට විය.
ඒ එල්ටීටීඊ සංවිධානයේ දීර්ඝකාලීන අවශ්‍යතා සහ නඩත්තුව වෙනුවෙනි. ඔවුන් ඒවා යොදාගත්තේ තම සංවිධානයේ අභිමානය ප‍්‍රදර්ශනය කරනු පිණිස ය.
සාම සාකච්ඡා යන ආකර්ශනීය වචනය කොටි සංවිධානයට තම අභිමතාර්ථ ජයගන්නට ආශිර්වාදයක් ම විය. සෑම සාම සාකච්ඡාවකට ම, ගිවිසුමකට ම මැදිවුණු කොටි සංවිධානය මාන බැලුවේ දේශපාලනමය විසඳුමක් කරා යොමු වීමට නොව තව තවත් වාසි ලබා ගන්නට ය.
ඒ – 9 මාර්ගය විවෘත කළ අවස්ථාවේ දී පවා විශාල වශයෙන් භාණ්ඩ හා උපකරණ එල්ටීටීඊ පාලන ප‍්‍රදේශවලට රැගෙන යන්නට එල්ටීටීඊ සංවිධානයට හැකි විය.
නායකත්වය
2005 අග භාගයේ දී මෙම තත්ත්වයේ ද කිසිදු වෙනසක් සිදු නොවූ අතර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ නායකත්වය යටතේ සාම මාවතට ද ගොස් බැලූ රජය එල්ටීටීඊ ස්ථාවරයේ වෙනසක් නොවන බව දැන යුදමය ප‍්‍රවේශයක් කරා යොමු විය. මාවිල්ආරුවෙන් එදා ඇරඹුණු ත‍්‍රස්තවාදය පැරදවීමේ සටන අද කිලිනොච්චි නගරය පෙනෙන මානයට පැමිණ සිටියි.
එල්ටීටීඊ සංවිධානය පරදවමින් ආ ගමනේ ජයග‍්‍රාහී සන්ධිස්ථාන රැසකි. 2008 වර්ෂයේ මුල සිට මේ දක්වා උතුරු යුද පෙරමුණේ ද ජයග‍්‍රහණ ලබන්නට ආරක්ෂක හමුදාවන්ට හැකි විය.
ආරක්ෂක හමුදාවන් ගේ මානුෂීය මෙහෙයුම්වල සන්ධිස්ථානයක් වෙමින් යුද හමුදාවේ 57 වැනි සේනාංකය අපෙ‍්‍ර්ල් 24 වැනිදා මඩු ප‍්‍රදේශය ඇතුළු මඩු පල්ලිය ද එල්ටීටීඊ ග‍්‍රහණයෙන් මුදා ගන්නා ලදී.
පසුව 2008 මැයි 09 වැනිදා අඩම්පන් නගරයත්, මැයි 16 වැනිදා පාලම්පිඩ්ඩි නගරයත්, මැයි 23 වැනිදා මුන්ඩිමුරිප්පු ගම්මානයත් ආරක්ෂක හමුදා නතු කර ගත්තේ ය.
එමෙන් ම 2008 ජුනි 29 වැනි දා මන්නාරම සහල් නැලිය ආරක්ෂක හමුදා විසින් අත්පත්කර ගත් අතර ජූලි 11 වැනිදා නැදුන්කන්ඩාල් ගම්මානය ද කාර්ය සේනා අංක 02 විසින් එදින ම නච්චි ගම්මානයත් අත්පත් කර ගත්තේ ය.
ජූලි 16 වැනිදා වෙඩිතලතිව්හි ද බලය අත් කර ගන්නා ලදී. 2008 ජූලි 20 වැනිදා වෙඩිතලතිව් පසුකර උතුරට ගිය යුද හමුදා භට පිරිස් කොටින් ගේ මන්නාරම පිහිටි විශාලතම බල කඳවුර වූ ඉලුප්පකඩවායි අත්පත් කර ගත්තේ ය.
සසුව ජූලි 24 වැනිදා මුලික්කන්ඩාල් මින්නනිරංචන් හා මරත්තිකන්දාල් ප‍්‍රදේශ ද, අගෝස්තු 02 වැනිදා වෙල්ලන්කුලම නගරය ද නාවික භට පිරිස් විසින් ඉරණතිවු දූපතේ ද බලය තහවුරු කර ගන්නා ලදී.
කාර්ය සාධන 02 ක බලකාය විසින් මුළු මුලන්කාවිල් නගරය අත්පත් කර ගත්තේ අගෝස්තු 12 වැනිදා ය. අනතුරුව අගෝස්තු 21 වැනිදා නච්චිකුඩාහි පිහිටි එල්ටීටීඊයේ ඉදිරි ආරක්ෂක වළල්ලට ආරක්ෂක හමුදා සමීප විය.
ජූලි 15 වැනිදා පෙරියමඩු ප‍්‍රදේශයත්, අගෝස්තු 13 වැනිදා කල්විලාන් නගරය ද අත්පත් කර ගත් හමුදා සේනාංක අගෝස්තු 22 වැනිදා තුනªක්කායි සහ උයිලන්කුලම නගර ද මුදා ගත්හ.
යුද හමුදා භට පිරිස් මල්ලාවි නගරය මුදා ගත්තේ සැප්තැම්බර් 02 වැනිදා ය. එමෙන් ම පසුගිය සැප්. 18 දා කරබාකුලම්, නච්චිකුඩාහි 1.5 කි. මී. බලය අත්පත් කර ගත් අතර සැප්තැම්බර් 25 වෙනිදා කිලිනොච්චිය, වන්නක්පුල්ලිකුලම් ද තමන් සතු කර ගත්තේ ය.
මුලතිව් යුද පෙරමුණේ නයාරු අත්පත් කර ගැනීමත්, කිලිනොච්චි යුද පෙරමුණේ කිලිනොච්චි නගරය අත්පත් කර ගැනීමත් ආරක්ෂා හමුදාවන්ගේ මීළඟ ඉලක්කය වී ඇත. ඒ වෙනුවෙන් යුදබිමේ ඉදිරියට ඇදෙන සේනාංක සිය උපරිම පරිශ‍්‍රමය දරමින් සිටියි.
වර්තමානය
එල්ටීටීඊ සංවිධානය ගෙවුණු දශක තුනක කාලය තුළ අත්නොවිඳි පරාජයන් ලබමින් මේ වන විට දරුණු අවසානයකට ළඟා වෙමින් සිටියි.
යුද විරාමයට කෙතරම් උත්සාහ දැරුව ද කිසිදු විරාමයක් ලබා නොදෙමින් දිගින් දිගට ම මාවිල්ආරුවේ සිට ප‍්‍රහාර එල්ල කරමින් ආ මානුෂීය මෙහෙයුම් ගමන තුළ ජයග‍්‍රහණ රැසක් ලබන්නට ආරක්ෂක හමුදා සමත් විය.
යුදමය වශයෙන් පිරිහී සිටින එල්ටීටීඊ සංවිධානයට ආරක්ෂක හමුදාවන්ට මුහුණ දෙන්නට ශක්තියක් එදා මෙන් අද නැත. දැන් උදා වී තිබෙන්නේ මව්බිම ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ අවසන් අදියරයි.
මීට පෙර කිසිදු රජයකට මෙතරම් දිගු ගමනක් එන්නට හෝ එහි අසලකටවත් ළඟා වෙන්නට හැකි වුයේ නැත. යුද්ධය තීරණාත්මක මොහොතක් කරා රැගෙන විත් ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ කෙටි දුරක් පමණි.
ඒ කෙටි දුර ද සියලු දේශපෙ‍්‍ර්මී බලවේග එක්ව යා යුතු ය. මන්ද මෙය ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ මාවතේ අප ලබන අවසන් අවස්ථාව වන බැවිනි.
මෙම තීරණාත්මක මොහොතේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර අවදියෙන් සිට ආරක්ෂක අංශවලට ආශිර්වාදයක්වීම ලක්වැසි ඔබේ යුතුකමයි.
කවිමල් සූරියආරච්චිජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය

No comments: