Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

සක්විතිගේ වක්කඩේ පොලිස් හකුරු

සක්විති රණසිංහ විසින් කරන ලද මුදල් වංචාව නිසා මෙම තැනැත්තා ගේ නාමය ලංකා ඉතිහාසයටද එක්වන වංචා නාමයක් වනු නොඅනුමානය. ඒ මක්නිසාද යත්, මෙම මහා පරිමාණ මුදල් වංචාව ඔහු විසින් ඉතා සැළසුම් සහගතව මෙන්ම අති සාර්ථකව මෙතෙක් කාලයක් පවත්වා ගෙන ආ නිසාවෙනි.
මෙම මහා පරිමාණ මුදල් වංචාව ගැන කතා කිරීම අපට එතරම්ම වැදගත් නොවූවද, අප විසින් දැන ගත යුතු එක්තරා වැදගත් කරුණක් ඇත. එනම් මෙම තැනැත්තාගේ ව්‍යාපාරයේ මුදල් තැන්පත් කර ඇති පිරිසකගේ වගතුගය.
එනම්, වැඩි වශයෙන් සක්විති ව්‍යාපාරයේ කෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇත්තේ ශී‍්‍ර ලංකා රජයේ පොලිස් නිලධාරීන්ය. ශී‍්‍ර ලංකා පොලීසියේ පොලිස් නිලධාරීන්ට මේ අයුරින් කෝටි ගණන් මුදල් උපයා හොර රහසේ බැංකුවල තැන්පත් කිරීමට තරම් හැකියාවක් නොමැති පිරිසක් බව අපි දනිමු.
ඒ මක් නිසාද යත් ඔවුන්ද රජයේ සේවක කොට්ඨාශයක් වන නිසාය. ඔවුන්ද අනිකුත් රජයේ සේවකයින් මෙන් තම ජීවිකාව කරගෙන යනු ලබන්නේ බලවත් ආර්ථික අසීරුතා මධ්‍යයේය.
තත්ත්වය එසේ තිබියදී මේ අයුරින් රහසේ පුද්ගලික බැංකුවල මුදල් තැන්පත් කර ඇත්තේ ශී‍්‍ර ලංකා රජයටත් හොර රහසේය.
කිසිවෙකුටවත් හෙළි නොවන අන්දමින් මෙලෙස තැන්පත් කළ මුදල් ප‍්‍රමාණයන්හි තත්ත්වය මේ අන්දමින් ප‍්‍රසිද්ධියට පත්වේවි යයි ඔවුන් මොහොතකටවත් නොසිතන්නට ඇත.
මේ වන විට සක්විති රණසිංහ යන අය විසින් මෙම සියලු තැන්පත්කරුවන්ගේ මුදල් වංචාකර ඇති බව රහසක් නොවේ.
එහෙත් දැන් දැන් කාගේ කාගේත් කතා බහට ලක් වී ඇත්තේ පොලිස් නිලධාරීන් හා තව තවත් අය මේ අන්දමින් කෝටි ගණන් මුදල් තැන්පත් කිරීම සඳහා ඒවා උපයා ගත්තේ කෙසේද යන්න ගැනය.
හොර වංචා දූෂණ වැළැක්වීම සඳහා පත්කර ඇති ශී‍්‍ර ලංකා පොලීසිය, අනෙකුත් පුද්ගලයින්ට වඩා වැඩියෙන් අල්ලස් හා දූෂණ කටයුතුවලට සම්බන්ධ වී ඇති බව නිතර නිතර ජනමාධ්‍ය මගින් අපට දැනගන්නට ලැබුණි.
ඔවුන් විසින් මෙලෙස තැන්පත් කරන ලද අසාධාරණ “මුදල් වක්කඩේ සැඟ වූ හකුරු” මෙන් මේ වන විට දිය වී ගොස් ඇත.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව, “අසාධාරණ ලෙස උපයන මුදල් යා නොදෙන බව සත්‍යයක් වී ඇත.” උන්වහන්සේ දේශනා කළේද දහඩිය මහන්සියෙන් සාධාරණ අයුරින් මුදල් උපයන ලෙසටය.
කෙසේ වෙතත්, සක්විති රණසිංහ යන අයට රජය විසින් දඬුවම් පැමිණ වීමට පෙර රජය විසින් කඩිනමින් කළයුතුව ඇත්තේ, පොලිස් නිලධාරීන්ට කෝටි ගණන් මුදල් ලැබුණේ කෙසේද යන්න ගැන සොයා බැලීමය.
අල්ලස් ගැනීම වැනි දෑ මගින් කෝටි ගණන් මුදල් උපයා ගත් පොලිස් නිලධාරීන්ගේද මුදල් වංචාවෙන් ලබා ගැනීම ගැන සක්විති රණසිංහ නැමැත්තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙකි.
ඔහු හොරුන්ගෙත් හොරෙකි. එනම් “කම්බා හොරෙකි.” රජුන්ගෙන් රජෙකි. එනම් සක්විති රජෙකි. එනම් “සක්විති” රජු යන්නෙන් හැඳින්වෙන්නේ රජවරුන්ගේත් රජ්ජුරුවන්ටය. ඇතැම් පොලිස් නිලධාරීන්ද “කම්බා” හොරුය. ඔවුන්ද අල්ලස් ලබා ගන්නේ හොරුන්ගෙන්ය.
රජයෙන් ඉල්ලා සිටිය යුතුව ඇත්තේ සක්විති රජ්ජුරුවන් විසින් කරන ලද වංචා හා දූෂණ ගැනත් කම්බා හොරුන් විසින් කෝටි ගණන් මුදල් ඉපයූ ආකාරයත් සොයා බලා අසාධාරණ අයුරින් උපයා ඇති සියලු මුදල් රජයට පවරා ගන්නා ලෙසය.
කුමාරදාස සුමිත‍්‍රාරච්චිමොරොන්තුඩුව.

No comments: