Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

නුගේගොඩ හන්දියේ පාලම් වැඩපොළ එතැන තදබදයත් අද - හෙට නිමයි

බදුල්ලේ සිට පැමිණෙන 99 මාර්ග අංකය සඳහන් බසයක් එකවරම තිරිංගය තද කර නවතිමින් යළිත් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට ඇදෙයි. පැය හයක පමණ සිට බදුල්ලෙන් පැමිණි බසයට දැන් නම් ඉදිරියට යන්නට සිදුවන්නේ ඉබි ගමනිනි.
ඒ නුගේගොඩ මංසන්ධියෙන් කොළඹ බලා පිටත්වීමටය. එතැන පවතින තදබදය මගහැරගත්තේ නම් නුගේගොඩ සිට ගමනට ගතවන්නේ විනාඩි කීපයකි. ඒ සඳහා අනිවාර්යයෙන්ම නවමං තැනීමට අවශ්‍යව ඇත. මේ එහි ඇරඹුම පිළිබඳ සටහනකි.
නගරයම එක ම ගාලගෝට්ටියක් බඳුය. එක ම මංතීරුව දෙකට බෙදාගෙන එහාට මෙහාට ඇදෙන බස් රථ, මෝටර් රථ ඉස්පාසුවක් නැතුව මාරුවන්නේ දැඩි අපහසුතා මධ්‍යයේය.
දූවිල්ලෙන් බේරෙන්නට නම් කවුළු නොවසා බැරිය. වැසි අධික සවස් කාලයේ නගරයම එක ම මඩ ගොහොරුවක් බවට පත්වන්නේ අනවසරයෙනි.
මේ සියලු අපහසුතා විඳිමින් පදික වේදිකාවක්වත් නැති පාරෙහි ගමන් කරන මිනිසුන්ට සුබ ආරංචියක පෙරනිමිති ද දිස්වන්නේ ඒ අතරතුරෙහිය.
මහත දෙහෙත බිම විදින යන්ත‍්‍ර ඩෝසර් විශාල කම්බි මැද කඩිමුඩියේ වැඩකරන ඉන්ජිනේරුවන්, කම්කරුවන්, මග දෙපස දිවා රාති‍්‍රයේ සේවය කරයි. මේ ඉදිවන්නේ නුගේගොඩ මංසන්ධියේ නවතම ගුවන් පාලමයි.
ඇඹිලිපිටිය, බදුල්ල, මොනරාගල, දෙහිවල, රාජගිරිය, රත්නපුර ආදී නගර කරා යෑමට ඇති හතරමංහන්දියේ ඉදිවන මෙම ගුවන්පාලමෙන් නුගේගොඩ පසුකර යන සැමට එකලෙස සෙත සැලසේ.
ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතාම වැදගත් ස්ථානයක් ලෙස මෙය හැඳිනගෙන ඇත්තේ, ඉතා ඉක්මනින් දියුණුවන නුගේගොඩ ප‍්‍රදේශය පමණක් නොව මහරගම, තුන්මුල්ල ආදී තදාසන්න නගරවල සිට ඈත එපිට බදුල්ලෙන් ඇඹිලිපිටියෙන් පැමිණෙන ජනතාවට පවා මෙහි වාසිය දැනෙන හැඟෙන බැවිනි.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවංගත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ මූලිකත්වයෙන් අරඹන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ ප‍්‍රථම පාලම ලෙස ඉදිවූ කැලණිය ගුවන් පාලමේ පළමු අදියර ලෝක වාර්තාවක් තබමින් දින 61කින් නිම කළ අතර දෙවන අදියර දින 75 කින් නිම කර ඇත.
මෙම පෙරසවි ගුවන් පාලම් ව්‍යාපෘතියේ ඉදිකෙරෙන දෙවන ගුවන් පාලම වන්නේ, වැඩබලන මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස පළමුවැනිදා වැඩ ආරම්භ කළ නුගේගොඩ මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමයි. මේ පිළිබඳ අදහස් දක්වන ටී. බී. ඒකනායක අමාත්‍යතුමා,
“ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත බි‍්‍රතාන්‍ය රජයෙන් මේ වසරේ අපට පාලම් 225ක් ලැබී තිබෙනවා. මේ පාලම් 225 ලැබීමත් සමඟ අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් ලබාදුන්නා.
පාලම්වලින් වැඩි ප‍්‍රමාණයක මුල ධනය ගුවන් පාලම් සඳහා යොදවන ලෙසට, ඒ අනුව අපි කැලණියේ ගුවන් පාලම ඉදිකිරීමෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කළා.
ඉන් අනතුරුව නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීමට මුල්ගල තැබුවා. මෙම පාලම ඉදිකිරීමේ දී හයිලෙවල් මාර්ගයේ ගමනාගමනයට ප‍්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මෙම හයිලෙවල් මාර්ගයේ පවතින තදබදය අවම කිරීමට මංතීරු දෙකක වැඩ පළමුවෙන් පටන් ගත්තා.
මේ වන විට එහි මූලික වැඩ කටයුතු කඩිනමින් සිදු කෙරෙනවා. ඒ වගේ ම මෙම පාලම ඉදිකිරීමේ දී එය සෑදීමට අවශ්‍ය ඉඩකඩ අත්පත් කරගැනීම් සඳහා මිලියන 2000 කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් කෙටි කාලයක් තුළ වෙළෙඳ සංගමයට සහ පදික වෙළෙඳ සංගමයට ලබාදීමට සිදුවුණා.
එසේ නොකර මෙය කේවල් කර කර ඉන්නත් අපට තිබුණා. හේතුව සමහර ඒවා අනවසර ඉදිකිරීම්. අපි එසේ සිතා වැඩ කළා නම් මේ ගුවන් පාලම හදන්න වෙන්නෙ දෙදහස් නමය වසරත් පසුවෙලා.
පාලම ඉදිකිරීමට මූල්‍ය අනුග‍්‍රහය මහා බි‍්‍රතාන්‍ය රජය ලබා දෙන අතර ඉදිකිරීම් කටයුතු එංගලන්තයේ මාබේ සහ ජොන්සන් සමාගමත්, ශී‍්‍ර ලංකාවේ ඇක්සස් ඉංජිනියරින් සමාගමත් ඒකාබද්ධව සිදුකෙරේ.
වැඩකටයුකු අධීක්‍ෂණය කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. පාලමේ ඉදිකිරීම් ඔක්තෝබර් පළමු වෙනිදා ඇරඹි අතර 2009 ජනවාරි 30 වැනිදා අවසන් කිරීමට ද සැලසුම් කර තිබේ. මින් පෙර මේ ස්ථානයේ ඉදිකිරීමට නියම වී තිබුණේ කොන්කී‍්‍රට් පාලමකි.
කොන්කී‍්‍රට් පාලමක් ඉදිකළානම් වැඩ අවසන් කිරීමට වසර තුනක් පමණ ගතවේ. කොන්කී‍්‍රට් පාලම වෙනුවට බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායේ තාක්‍ෂණය අනුව මෙහි වැඩ ආරම්භ කරන ලෙස ජනපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත්තේ එහෙයින් ඇමතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.
මේ පාලම ඉදිකිරීම හේතුවෙන් ඇතිවන තබදය වළක්වාගැනීමට මෝටර් රථවලට ගමන් කිරීමට අපි විකල්ප මාර්ග පෙන්වා දී තිබෙනවා. මේ වසරේ ගුවන් පාලම් 6ක් හෝ 7ක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
මින් පාලම් කිහිපයක වැඩ අරඹා හමාරයි; ඒ නුගේගොඩ, කැලණිය, පාණදුර, බත්තරමුල්ලෙ පාර්ලිමේන්තු වටරවුම, කොහුවල, යාපහුව, පොල්ගහවෙල, මීගමුව සහ ඔරුගොඩවත්ත යන ස්ථානවල මෙම ගුවන් පාලම් ඉදිකිරීමේ මූලික පරමාර්ථය වන්නේ නාගරිකව පවතින වාහන තදබදය අවම කිරීමයි.
නුගේගොඩ පාලම ඉදිකිරීම සඳහා කළ අත්පත් කර ගැනීම් සඳහා වන්දි ලබාදීම් සියයට අනූවක් පමණ මේ වන විට නිම කර හමාරය.
ඒ අනුව ගත්කල්හි ශී‍්‍ර ලංකාවේ කඩිනමින් ම වන්දි ලබාදී අවසන් එකම ස්ථානය නුගේගොඩ බව පැවසිය හැකිය.
“මහා මාර්ග ක්‍ෂේත‍්‍රයේ වන්දිත් එක්ක හිරවෙලා ඉන්න එකම රට අපි. පාලම් සෑදීම ප‍්‍රමාද වන්නේ ජනතාවගේ සහයෝගය මදිකමයි.
අපි අමාත්‍යංශය පැත්තෙන් කියන්නෙ ජනතාවට මේ ඉදිකිරීම් සඳහා උපරිම සහාය ලබාදීමට කටයුතු කරන ලෙසයි.” ඇමැතිවරයා කීය.
නුගේගොඩ ගුවන් පාලමේ කොන්ත‍්‍රාත්තුව කි‍්‍රයාත්මක කරනු ලබන්නේ ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන ඇක්සස් ඉංජිනියරින් සමාගම විසිනි.
එම සමාගමේ ඉංජිනේරුවරයෙකු වන රාජ රාජන් මහතා සහ වෘත්තීය උපදේශකවරයකු වන රංගන හේමචන්ද්‍ර මහතා මේ වන විට මෙම ගුවන් පාලමේ සිදුවන වැඩ කටයුතු පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.
පාලම ඉදිකිරීමේ උපදේශකත්වය එංගලන්තයේ මාබේ සහ ජොන්සන් සමාගමෙන් ලබා දෙනවා එම කොන්ත‍්‍රාත් එක කි‍්‍රයාත්මක කරන්නේ ඇක්සස් සමාගම.
මේ පාලමේ දිග මීටර් 261 ක් පළල මීටර් 8.7 ක්. පළමු අදියර සඳහා යන වියදම රුපියල් මිලියන 878 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ වන විට සිදු කරන්නෙ පොළොව යට සිදු කිරීමට ඇති වැඩ කටයුතුයි.
අනෙක් පාලම් වගේ මේ පාලම්වල කරන මූලික වැඩ පේන්නෙ නැහැ. මතුපිටින් පේන්න තියෙන එකම දේ ටකරන් වට කර ගෙන මඩ ගොඩක තියෙන යන්ත‍්‍ර ටිකක් විතරයි.
කොන්කී‍්‍රට් පාලම්වල නම් කරන වැඩ පේනවා. කොන්කී‍්‍රට් පාලම් සහ ස්ටේ‍්‍රට් පාලම් අතර වෙනසත් ඒකයි. මේ දිනවල පොළොව යටට මීටර් 100ක් විතර ගලටම යනතුරු ඩි‍්‍රල් කරල පාලම ඉදිකිරීමට අවශ්‍ය වැර කණු (ෆයිල් ) දැමීම මේ වනවිට කෙරෙනවා.
දැනට සේවයේ යෙදී සිටින්නේ සේවකයන් විස්සක් විතරක් වුණත් ඉදිරියේදී මෙම සේවක පිරිස 80ක් 100ක් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ යනවා.
මේ ඉදිකිරීම් කටයුතු සඳහා රියදුරන්ගෙන්, ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂයෙන් පොලිසියෙන් ලැබෙන සහය අපි අගය කරන්න ඕන. නුගේගොඩ මංසන්ධිය මඟහැර යා හැකි විකල්ප මාර්ග අපි පෙන්වා දී තිබෙනවා.
හැකි උපරිමයෙන් එම මාර්ග භාවිත කර අපට සහයෝගය දක්වන ලෙස අප වාහන පදවන්නන්ගෙන් ඉල්ලීමක් කරනව. මේ ස්ථානයෙන් නොයාම බැරි වහනවලටත් ඒක ලොකු පහසුවක්ද වේවි.”
තත්ත්ව පරීක්‍ෂණ නිලධාරී දිසානායක .
‘මුලින්ම මෙම ගුවන් පාලමේ සැලැස්ම එංගලන්තයට යවනවා. එහිදී නව තාක්ෂණය අනුව මැෂින් ආධාරයෙන් පාලම සෑදීමට අවශ්‍ය සියලු කොටස් සම්බන්ධ කර නැවතත් ඒවා වෙන වෙනම ගලවනවා.
පසුව එම ගැලවු කෑලි වෙන වෙනම අපිට එවනවා. අපි මෙහිදී එම කොටස් ක‍්‍රමානුකූලව සම්බන්ධ කරනවා. මෙම පාලමක වගකීම අවුරුදු සීයට වැඩියි.
පාලම් වැඩබිමේ කම්කරු ශාන්ත මහතා
‘අපි හොඳට වැඩ කරගෙන යනවා. දින විස්සෙන් කළ යුතු වැඩ දින පහකින් කර ඉවර කළා. අපි කරන්නෙ වැර කණු (ෆයිල් ) දාන එක . මේ පාලම හදන නිසා පාර දැන් අවහිර වෙලා.
ඒ නිසා ඉක්මනින් වැඩ ඉවර කර මේ පවතින අවහිරතාව අඩු කරන්න අපි වැඩ කරනවා. මේ වැඩ අපිට කොටස් වශයෙන් බෙදලා තියෙන්නෙ.
බැකෝ යන්ත‍්‍රය කි‍්‍රයාකරු සුදේශ් රුවන් .
‘බැකෝ යන්ත‍්‍රය වැඩ කිරීම අපහසු නැහැ. බොහොම කල්පනාවෙන් කරන්න ඕනෙ. අවශ්‍ය ප‍්‍රමාණයන්ට පොළොව හැරීම කරන්න ඕනෙ. වැඩ කොටස් වෙන් කර තිබෙන නිසා වැඩ කිරීම පහසුයි. “
මෙහි දැනට සිදු කෙරෙන වැර කණු යෙදීමට අවශ්‍ය කම්බි රෝල් සැකසීම පිළිබඳ කොන්ත‍්‍රාත්තුව බාරගෙන ඇත්තේ චාලක මහතා විසින් ඔහුගේ අදහස් මෙසේ ය.
‘ කම්බි වැඩ කිරීම හරිම අමාරුයි. පාලමේ මූලික අන්තිවාරම දැමීමට කම්බි යෙදීම අනිවාර්යයි. එනිසා එය නිවැරදි ප‍්‍රමිතියට අනුවම සිදු කළ යුතුයි. පාලමේ ශක්තිමත් බව රඳ්‍ර පවතින්නේ මේ වැර කණු මතයි.”
මෙම ඉදිවන ගුවන් පාලම අවට විවිධ රැකියාවල නිරතව සිටින පිරිසට ද බලපෑම් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා එවැනි පිරිස දක්වන අදහස් කිහිපයක්ද විමසා බැලීමට අපි වගබලා ගත්තෙමු.
නුගේගොඩ හන්දියේ තී‍්‍රරෝද රථ රියදුරෙකු වන ධර්මසේන ලොකුවැල්ල මහතා දැක්වූයේ මෙවැනි අදහසක්.
‘ පාලම හදන එක හොඳයි. ඒකෙන් වාහන තද බදය අඩු වෙනවා. මෙතෙක් කල් අපිට තී‍්‍රවිල් නවතා කියා ගැනීමට ස්ථිර තැනක් තිබුණෙ නැහැ. පාලම හැදුවාට පස්සෙ පාලම යට තී‍්‍රවිල් නතර කර තබා ගැනීමට අවසර දෙන බව පොලීසිය කියා තිබෙනවා. එය අපිට විශාල පහසුවක්.”
පාලම අසල පුවත්පත් වෙළෙඳමෙහි යෙදෙන ඩබ්ලිව්. සිරිවර්ධන මහතා.
පාලම අනිවාර්යයෙන්ම ඉදිවිය යුතු දෙයක්. එහෙම නැත්නම් මේ වාහන තදබදය ජනතාවට විශාල කරදයක්. බොහොම හොඳයි මේ කළ කටයුත්ත. මේ දිනවල දවල් රෑ දෙකේම ඒ කොම්පැනියෙ මහත්තුරු ඇවිත් වැඩ කරනවා. ආරක්‍ෂාව තියෙනවා. වැඩ හොඳට කෙරෙනවා.’
නව පාලම ඉදිකිරීමෙන් පාලම අසල ව්‍යාපාරික පිරිසටද විශේෂ බලපෑමක් සිදුවේ. චමත් පෙරේරා මහතා ඒ අවට සිටින ව්‍යාපාරිකයෙකි. අලුත් පාලම පිළිබඳ ඔහුට කියන්නට ඇත්තේ මෙවැන්නකි.
‘අපේ බිස්නස් ඔක්කොම පාඩුවෙලා. අලුතින් කඩයට බඩු දාන්න වෙළෙන්දො එන්නෙත් නැහැ. බඩු ගන්න ජනතාව එන්නෙත් නැහැ. පාර හොඳටම අවහිර වෙලා.
අපි වෙළෙන්දන්ගෙන් බඩු ගත්තෙ චෙක්වලට. මේ නිසා ඒ අය අපිට දැන් ණයට බඩු දෙන්නෙත් නැහැ. අපේ කඩ ඉවත් කළ යුතු තැන් ලකුණු කරලා තියෙන්නෙ.
අපිට තවම වන්දි දීලා නැහැ. අපිට ඉක්මනින් වන්දි දෙනවා නම් අපි මෙතැනින් යනවා. දූවිල්ල නිසා අසනීපත් වැඩියි. මේක මානව හිමිකම් කඩ වීමක්. අපි කියන්නෙ වන්දි දීලා මේ තැන්වලින් අපිව ඉවත් කරන්න කියන එකයි.’
යමක සාර්ථකත්වය දැකීමට නම් ඒ සඳහා කැපකිරීම්ද කළ යුතුය. එනිසා මේ ඉදිවන ගුවන් පාලමේ වැඩ කටයුතු කඩිනමින් නිම කර ගැනීමට නම් මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යය.
එදා කැලණිය ගුවන් පාලම ඉදිකළ කාල සීමාව තුළද ජනතාවට නොයෙක් පීඩාවන්ට මුහුණදීමට සිදුවිය. නමුත් එම සියලු පීඩාකාරී තත්ත්වයන් අද වන විට මගහැරී තිබේ.
එනිසා නුගේගොඩ ගුවන් පාලම ද ඉදිකරන මේ කාලය තුළ ජනතාවට අවිහිරතා ඇතිවීම වැළැක්විය නොහැකිය. එම අවහිරතා මඟ හැරෙන දිනය ඈතක නොවන බවද මතක තබා ගත යුතුය.
සටහනනදීකා දිල්හානි ඩයස්

No comments: