Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

චීන විස කිරි අපටත් ඇවිත් ද ?

බෙයිජිං ඔලිම්පික් උළෙලේ අසිරිය - සාර්ථකත්වය ලොවක නෙත් චීනය වෙත ආක්ශනය කිරීමෙහි සමත්විය. අභිමානවත් ඔලිම්පික් උළෙලක් පවත්වන්නට හැකිවීම පිළිබඳ අභිමානය තවමත් එලෙසම තිබියදී, ඉකුත් මස මුල් භාගයේදී චීනයෙන් වාර්තා වූ පුවතක් යළිත් ලෝක අවධානය චීනය වෙත යොමුකිරීමේ සමත්ව ඇත. ඒ, මේ වනවිට ලොව පුරා මහත් කැළැඹීමක් ඇතිකිරීමට හේතු වී ඇති චීන කිරි ප‍්‍රශ්නයයි. එය බියකරු ප‍්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් ව්‍යාප්ත වන්නට පටන්ගත්තේ චීනයේ සුප‍්‍රකට කිරි සමාගමක් වන ඉචදතභ සමාගම නිපද වූ කිරි පානය කළ ගන්ෂු පළාතේ දරුවන් 14 දෙනෙකු රෝගී වීමේ පුවතත් සමඟ ය.
ඔවුන්ගේ වකුගඩු ආශ‍්‍රිතව ගල් හටගෙන ඇතැයි රෝග නිශ්චයේදී සොයා ගැනිණ. කිරි විස වීමෙන් දරුවන් සිව්දෙනෙකු ඉතාමත් ඛේදනීය ලෙස මියගිය හ. කිරි විසවීමේ රෝග ලක්ෂණ පෙන්වූ දරුවන් 50,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා විය. මේ වන විටත් කුඩා දරුවන් 10,000 කට වැඩි පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව සඳහන් වේ. ප‍්‍රතිකාර ලබා නික්ම ගොස් ඇති පිරිස් 40,000කට ආසන්න ය.
මොනවද මේ මෙලමයින්
මෙම කිරිපිටි පිළිබඳ කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වූයේ ඒවායේ පෙ‍්‍ර¤ටීන් සාන්ද්‍රණය අධික වූ බවයි. ඊට හේතුව ‘මෙලමයින්(ර්ඥතචථඪදඥ) නමැති රසායනික සංයෝගය කිරිපිටිවලට එකතු වී තිබීම බව පර්යේෂකයෝ තහවුරු කළහ. මෙලමයින් යනු නයිට‍්‍රජන් බහුල රසායනික සංයෝගයකි. සාමාන්‍යයෙන් එය ප්ලාස්ටික් සහ පොහොර නිෂ්පාදනයේදී යොදා ගැනේ. එසේ නම්, මෙලමයින් කිරිවලට එකතුවූයේ කෙසේද ? මේ ප‍්‍රශ්නයට විසැඳුම් සපයාගැනීමේදී මූලික වශයෙන් ආකාර දෙකක් පිළිබඳ කරුණු හෙළි දරවු කරගෙන ඇත. පළමුවැන්න කිරි නිෂ්පාදකයන් විසින් නිෂ්පාදන කි‍්‍රයාවලිය අතරතුර කිරිවල පෙ‍්‍ර¤ටීන් ප‍්‍රමාණය ඉහළ දැමීම සඳහා කෘති‍්‍රම ලෙස මෙලමයින් කිරිවලට එකතු කිරීමයි.

කිරි බී ලෙඩ වී
මේ කරුණු ඔස්සේ සොයා බැලීමේදී පෙනීගොස් ඇත්තේ චීනයේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල කිරි ගොවිපොළවල දියුණු පාරිසරික තත්ත්වයන් නොතිබීම නිසා කිරි දෙනුන්ට ලැබෙන පෝෂණ තත්ත්වයද ප‍්‍රමාණවත් මට්ටමක නැත. එහි ප‍්‍රතිඵලය කිරි අස්වැන්න අඩුවීමයි. එවිට කිරි නිෂ්පාදනයේ යෙදෙන ගොවීහු තම ආදායම පිළිබඳ සළකා ඇස්වැන්න ප‍්‍රමාණාත්මකව වැඩිකර ගැනීම සඳහා කිරිවලට ජලය එකතු කරති.
නමුත් එමඟින් මුල් අදියරේදීම කිරවල පෝෂණ ගුණයට හානිදායී බලපෑම් ඇතිවේ. කිරිපිටි නිපදවන සමාගම් වෙත ලැබෙන්නේ අඩු ගුණාත්මක බවකින් යුතු දියර කිරිය. ජලය මුසු කිරීමෙන් අඩුවන පෝෂණ ගුණය ඉහළ නැංවීමට චීන කිරි ගොවීහු මෙලමයින් කිරිවලට එකතු කරති.
දෙවන ආකාරය ලෙස ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කිරි නිෂ්පාදන කි‍්‍රයාවලිය අතරතුර පාරිසරික බලපෑම් නිසාද මෙම තත්ත්වය ඇතිවීමට ඉඩ ඇති බවයි. එයද අවධානයට ලක්විය යුතු තත්ත්වයකි. කිරි ගොවිපොළවල පටන්ම දියුණු පාරිසරික තත්ත්වයන් මෙන්ම හොඳ මට්ටමේ පහසුකම්ද තිබීම අවශ්‍ය කරයි. දැනටමත් චීන බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වී ඇත.
කිරි විසවීම පිළිබඳ අනාවරණ වීමෙන් සිදු වූ විමර්ශනයන්හි ප‍්‍රතිඵලයක් ලෙස ඊට වගකිව යුතුයැයි සඳහන් පුද්ගයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට ද චීන රජය කි‍්‍රයා කළේය.
මූලික වශයෙන් මෙම සිදුවීම හා චීනයේ මුල් පෙලේ කිරි නිෂ්පාදන සමාගම් 03 ක් සම්බන්ධ බව පැහැදිලිවිය ලොව සෙසු රටලටද එහි හානිදායී බලපෑම් ව්‍යාප්තවීමේ අවදානම හා සම්බන්ධය. චීනයෙන් කිරිපිටි ආනයනය කරන රටවල් මේ පුවත නිසා කළබලයට පත්වීම ගැන ඒ නිසා මවිත වියයුතු නැත. තමන් වෙතින් බරපතළ වරදක් සිදුවී ඇති බව ඊට සම්බන්ධ සමාගම් මේ වනවිට පිළිගෙන තිබේ.
කිරි විසවීමේ සිද්ධිය මුල්වරට වාර්තා වී මාසයක් ගතවූ තැන පසුගිය ඉරිදා මේ බරපතළ වැරැදීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගැනීමට මුල්පෙෙලේ චීන කිරිපිටි සමාගම් තුනක් කි‍්‍රයාකළේය.කඪතඪ ර්ඥදඨදඪභ , ඕපඪඨඩබ ච්චඪපර එම සමාගම් 03 යි.
ඉන් කඪතඪ සමාගම සතුව ජ්ධදබඥපච සමාගමේ කොටස් 43%ක් තිබේ. ශ‍්‍රී ලංකාවද මේ ප‍්‍රශ්නය කෙරෙහි සංවේදී වීම කෙරෙහි එය මූලික වශයෙන් බලපාන ලද බව පැහැදිලිය.
චීන කිරි පිටි වෙළඳපොළ ආශි‍්‍රතව සිදුකරන ලද පරීක්‍ෂණ වලදී, මේ මාසය මුලදී ද මෙලමයින් සංයුතිය නියමිත සීමාව ඉක්මවා තිබූ කිරි සමාගම් ගණනාවක් පිළිබඳ අනාවරණ කරගත හැකි විණි. එම අවස්ථාවලදී ළදරු කිරි පිටි වර්ග පමණක් නොව වැඩිහිටියන් පරිභෝජනය කරන කිරි පිටි වර්ගද කිහිප වතාවකදීම පරීක්‍ෂාවට භාජන කෙරිණ. දිගින් දිගටම පරීක්‍ෂණ සිදුකරන බව සඳහන් කළ චීනයේ ආහාර ආරක්‍ෂාව පිළිබඳ මධ්‍යස්ථානය ලැබී ඇති ප‍්‍රතිඵල සැළකිල්ලට ගනිමින් කිරි හා කිරි ආශි‍්‍රත නිෂ්පාදන සමහරක් භාවිතයෙන් වළකින ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටියේ ය.
රට පුරා ප‍්‍රදේශ 18 ක් සම්දන්ධ කර ගනිමින් පරීක්‍ෂණ කටයුතු සිදුවී ඇති අතර, ආසන්නතම පරීක්‍ෂණවලදී මෙලමයින් සීමාව ඉක්මවා ගිය කිරිපිටි පිළිබඳ වාර්තා නොවූ බව සඳහන් වේ. මේ අතර චීන කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් රට තුළ ඇති කිරි නිෂ්පාදනාගාර සහ ගොවිපොළවල තත්ත්වය උසස් ලෙස පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද වාර්තා විය.
එතකොට අපේ රට
චීනයෙන් කිරිපිටි ආනයනය කරන රටවල් ද පරීක්‍ෂණ කටයුතු දැඩි කර ඇති අතර ඒවායේ දී අයහපත් ප‍්‍රතිඵල දක්වන සමාගම්වලට දැනටමත් අවවාදාත්මක ලිපි යොමු කිරීම සහ වෙනත් නීතිමය කි‍්‍රයාමාර්ග වෙත යොමුවී තිබේ. තම රටවලට කිරිපිටි ගෙන්වන සමාගම් මේ ප‍්‍රශ්නය පිළිබඳ දැඩි වගකීමකින් කි‍්‍රයා කළ යුතු බවද ඔවුන් දන්වා ඇත.
ශී‍්‍ර ලංකාවේ ද මීට අදාළ කි‍්‍රයා මාර්ග වෙත බලධාරීන් යොමු වූයේ චීනයේ කිරිපිටි විසවීම පිළිබඳ පුවත වාර්තාවනවාත් සමගම ය. කඩිනමින් ගනු ලැබූ පියවරයන් හි ප‍්‍රතිඵලයක් ලෙස රට තුළට විස සහිත කිරිපිටි ඇතුළුවීමට ඇති අවකාශයන් අවුරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වෙළෙඳ අමාත්‍යාංශයේත් බලධාරීන් ප‍්‍රකාශ කර සිටී. මෙම ප‍්‍රශ්නයේ ඇති බරපතළ බව වටහාගෙන ඇති නිසා ගතයුතු කි‍්‍රයා මාර්ග කෙරෙහි වගකීමෙන් යොමුව ඇතැයි ඔවුහු ප‍්‍රකාශ කරති.
මෙරටට කිරි පිටි ගෙන්වන සමාගම් ද දැනට මේ තත්ත්වය පිළිබඳ සහතිතයක් ලබාදී ඇති අතර එය තහවුරු කර ගැනීම සඳහා කිරිපිටි සාම්පල ජාත්‍යන්තර පරීක්‍ෂාවන්ට භාජන කර අවශ්‍ය වාර්තා ලබාගැනීම කෙරෙහි රජයට සහාය දක්වා ඇත.
අපිත් වෙළෙඳපොළ පරීක්ෂා කරනවා
බන්දුල ගුණවර්ධන, වෙළෙඳ, පාරිභෝගික කටයුතු හා සමූපකාර අමාත්‍ය
චීනයේ කිරිපිටි ප‍්‍රශ්නය පිළිබඳ ලෝක ප‍්‍රවෘත්ති මඟින් අනාවරණ කෙරුණේ සැප්තැම්බර් 11 වෙනිදා. මෙය දැනගන්නවාත් සමඟම පළමුවෙන්ම කි‍්‍රයාත්මක වුණේ පාරිභෝගික කටයුතු අධිකාරිය. ‘ඇන්කර්’ ලංකාවට ගෙන්වා බෙදාහරින ‘ෆොන්ටෙරා’ සමාගමේ කොටස් 43%ක් හිමි සමාගමකුත් චීනයේ කිරි වල මෙලමයින් ප‍්‍රශ්නයට සම්බන්ධයි.
ඒ නිසා ගරු ජනාධිපතිතුමා වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වා තත්ත්වය සොයා බලන හැටියට මට විධානයක් කළා. ඒ අනුව පසුදිනම අපි ෆොන්ටෙරා සමාගමත්, අනෙක් කිරිපිටි සමාගම් සියල්ලත් කැඳවා මේ ගැන සාකච්ඡාවක් පැවැත්වූවා.
එහිදී ඔවුන් සියලු දෙනාම කියා සිටියේ තමන් චීනයෙන් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නොගෙන්වන බවයි. නමුත් මේ බව සැකයකින් තොරව අප දැනගත යුතුයි. ඒ සඳහා කිරිපිටි සාම්පල් ඉතා සියුම් ලෙස පරීක්ෂාවට භාජන කිරීම සඳහා සිංගප්පූරුවට යැවීමට තීරණය කර එසේ කළා. මේ සඳහා දැරීමට සිදුවන වියදම් සමාගම් විසින් දැරිය යුතු වන බවත් අපි දැනුම් දුන්නා. දින 14 ක් තුළ එම පරීක්ෂණ වාර්තා ලබාදීමට එකඟ වී ඇති නිසා එය මේ සතිය තුළ ලැබෙතැයි අපි අපේක්ෂා කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පනත යටතේ මේ ගැන විමර්ශනය කර දැනට භාවිත කිරිපිටි සෞඛ්‍යයට අහිතකර නොවන බවට නිවේදනයක් නිකුත් කරලයි තියෙන්නේ.
කිරිපිටි ආශ‍්‍රිත වෙනත් නිෂ්පාදන ගැන වුණත් මෙතෙක් අපට පැමිණිලි ඉදිරිපත්වී නැහැ. එවැනි යම් හෝ පැමිණිල්ලක් පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් වුණොත් අප ඒ ගැන විමර්ශනය කරනවා.
ප‍්‍රශ්නය ගැන අපි අවදියෙන්
වෛද්‍ය පී. මදරසිංහ, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ
කිරිපිටි විසවීමේ ප‍්‍රශ්නය චීනයෙන් පටන්ගන්නවාත් සමඟම අපිත් මේ ගැන කි‍්‍රයාත්මක වුණා. මේ කිරි රටට ඇතුළුවනවා නම් වරාය හරහා හෝ පිටරටින් ගෙනෙන භාණ්ඩ සමඟ විය යුතු නිසා ඒ ගැන සැළකිල්ල යොමු කළා. ඒ අනුව, කරුණු කිහිපයක් ඔස්සේ අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
ත චීනයෙන් ගෙන්වන කිරිපිටිවලට රටට ඇතුළුවීමට ඉඩ නොදී ඒ කාරණය පිළිබඳ විමසිලිමත් වුණා. දැනටමත් එවැනි කන්ටේනර් 02 ක් වරායේ රඳවා තැබීමට පියවර ගත්තා. ඒවා නිදහස් කරනවාද යන තීරණය ගන්නේ සාම්පල් පරීක්‍ෂා කර අවශ්‍ය වාර්තා ලැබුණු පසුවයි. නමුත් එයින් පමණක් අප සෑහීමට පත්වන්නෙත් නැහැ. ආහාර උපදේශන හා තාක්‍ෂණික කමිටුව මඟිනුත් එය අනුමත විය යුතුයි. එසේ නොවුණොත් ඒවා නිදහස් කරන්නේ නැහැ.
ත චීනයෙන් මේ වසරේ ගෙන්වන ලද ආහාර වර්ග මොනවාදැයි විමසා බලා ආහාර පාලන ඒකකය ඒ අනුවත් කටයුතු කරනවා. දැනටමත් සිංගප්පූරුවට සාම්පල 27 ක් යවා තිබෙනවා.
එම වාර්තා දින 14 ක් තුළ ලැබිය යුතුයි. ඉන්දියාවටත් සාම්පල යැව්වා. කර්මාන්ත හා තාක්‍ෂණික ආයතනයටත්ගධ්ඊධ්ඝ පරීක්‍ෂණ සඳහා සාම්පල කිහිපයක් ලබා දුන්නා. මේ වාර්තා ඉක්මනින් අප වෙත ලැබෙයි.
ත චීනයෙන් විතරක්ම නොවෙයි. කිරි හෝ කිරි ආශි‍්‍රත නිෂ්පාදන – චීස්, බටර් වැනි දේ පවා මෙරටට ගෙනඒමේදී ඒවා මෙලමයින්වලින් තොර බවට අපට වාර්තාවක් අවශ්‍යයි. එම සහතිකය අදාළ රටේ සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කළ එකක් විය යුතුයි.
ත මෙවැනි ආහාර වර්ග ගෙන ඒමේදී කිරි නිපදවා ඇති රටගර්‍ණපඪඨඪද ඛ්ධභදබපරඝ ගැන අපි සැළකිලිමත් වෙනවා. නිදසුනක් ලෙස සිංගප්පූරුවෙන් කිරිපිටි ආනයනය කළත් එහි කිරිපිටි නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ නිසා සිංගප්පූරුවට කිරිපිටි ලැබුණේ කොහෙන්ද යන්න අප සොයා බලනවා. ඒ චීනයෙන් නම් ප‍්‍රශ්නයක්.
ත චොක්ලට් වැනි ආහාර වර්ග සම්බන්ධයෙනුත් පාරිභෝගික කටයුතු අධිකාරිය අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අපිත් ඒවායේ සාම්පල ලබාගැනීමට කි‍්‍රයා කළා. ඒවා පිළිබඳ වාර්තා ලබාගන්නවා.
ළදරු ආහාර ගැනත් අපි සැළකිලිමත්. මේ නිසා, අනවශ්‍ය ලෙස බියවිය යුතු නැති බව අපි ජනතාවට දැනුම් දෙනවා. මේ ප‍්‍රශ්නයේ බරපතළ කම අපි හොඳ්‍රකාර වටහා ගෙනයි ඉන්නේ. ඇත්තටම, මෙවැනි කිරි නිසා ඇතිවන මේ රෝගී තත්ත්වය සුව කිරීමට අසීරුයි. මුත‍්‍රා ගල් ඇති වුවහොත් ශල්‍යකර්ම සිදුකළ යුතු වෙනවා.
මා අවධාරණය කරන්නේ මේ ප‍්‍රශ්නයේ දී අපි ඉතාමත් වගකීම් සහගතව කි‍්‍රයා කරන බවයි. ඒ නිසා බියවීමට හේතුවක් නැහැ. දැනටත් වෙළඳපොළේ ඇති ආහාර වර්ගයක් ගැන ගැටලුවක් මතුවුණොත් ඒ ගැන සොයා බලා පැය 24 ක් ඇතුළත එය ඉවත්කරන්න අපිට හැකියාව තියෙනවා.
එය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ලවා එය කළ හැකියි. නිලධාරීන් 1600 ක් පමණ ඒ සඳහා අපට සිටින නිසා ප‍්‍රශ්නයක් නැහැ දැනට සමාගම්වලිනුත් මේ කටයුතු සඳහා අපට හොද සහයක් ලැබෙනවා.

No comments: