Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

කලාවක් විය යුතු පොත් කියැවීම

සැප්තැම්බර් මාසය පුරාවට ඇති වූ සාහිත්‍ය ප‍්‍රබෝධයෙන් පසු එළඹ ඇත්තේ ජාතික කියවීමේ මාසයයි.
දිනෙන් දින බිහිවන නව තොරතුරු සමාජයක ජීවත් වන අප විශ්වයක මහා දැනුම් සම්භාරය වෙත ළඟා විය හැකි එක ම මාර්ගය වනුයේ පොත පත කියවීමයි.
එතුළින් යම් පුද්ගලයකු පරිපූර්ණ බවින් යුක්ත වන්නා සේම පරිපූර්ණ මිනිසකු බුද්ධිමත් බවින් ද පොහොසත් වනු ඇත.
දැනුම ලබා ගැනීමට පමණක් නොව ආස්වාදය හා රසඥතාවය ලබා ගැනීමටද කියවීම තුළින් හැකිවනු ඇත. විදෙස් ජාතික ඇන්තනී ටෙ‍්‍රාලොප් නම් පුද්ගලයා පවසා ඇත්තේ,
“ලබන අන් සෑම සතුටක් ම කාලයා ගේ ඇවෑමෙන් ක‍්‍රමයෙන් අඩුවී ගියත් කියවීමෙන් ලබන ආස්වාදය බොහෝ කල් රැදී පවතී” යන්න ය.
වර්තමාන සමාජය දෙස බලන විට තරඟකාරී ජීවිතය තුළ කියවීමේ ප‍්‍රවණතාවය ගිලිහීයමින් පවතී.
අද බාල පරපුර පොතපත කියවීම වෙනුවට කිසිම ඵල ප‍්‍රයෝජනයක් නොමැති පහත් පෙළේ රූපවාහිනී වැඩසටහන් නැරඹීමටත්, අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි භාවිතයටත්, පහත් ආශාවන්ගෙන් ළමා සිත් අසහනයට පත් කරවන සමහර පුවත්පත් පරිශීලනයටත් හුරු වී ඇත.
කුඩා කල සිට ම දරුවන් පොත පතින් දුරස්වීමේ අනිටු විපාකයන් හේතුවෙන් සමාජයේ සාරධර්ම කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතී. මෙවන් පසුබිමක් ඇතිවීම කෙරෙහි දෙමව්පියන් ගේ වගකීම ද සුළු පටු නොවේ.
පවුල් ඒකකයෙන් ආරම්භ වන කුඩා සමාජය තුළ වැඩිහිටි පුද්ගලයන් ද පොත පත පරිශීලනය තුළින් ජීවිතය ජය ගැනීමට තම දරුවන්ට ආදර්ශයක් විය යුතුය.
අද බොහෝ දෛනෙකු පවසන පහසු ම පිළිතුර වන්නේ කියැවීමට වෙලාවක් නැති බවයි. පොත පත කියැවීමට වෙලාවක් වෙන්කර ගැනීම තමා සතු කාර්යයකි.
දැනුමින් පෝෂණය වීමට නම් පොත පත කියවීම අත්‍යවශ්‍ය සාධකයක් වුණද වර්තමානයේදී එයට එල්ල වන බාධක බොහෝ ය. මෙහිදී පාඨකයා මුහුණ දෙන ප‍්‍රධාන ම ගැටලුව වන්නේ ප‍්‍රමාණවත් තරම් පුස්තකාල පහසුකම් නොතිබීමයි.
ලංකාවේ ප‍්‍රධාන අගනගර ආශ‍්‍රිතව තරමක් හෝ අංග සම්පූර්ණ මහජන පුස්තකාල පැවතිය ද නගරයෙන් ඈත්ව ගම්බද ප‍්‍රදේශ ආශි‍්‍රතව මහජන පුස්තකාල පහසුකම් පවතින්නේ නම් ඒ අල්ප වශයෙනි.
පුස්තකාලවල කියවීමට සුදුසු ප‍්‍රමාණවත් එකතුවක් ගොඩ නගා නොතිබීම තවත් එක් බාධාවකි. විශේෂයෙන් ම බොහෝ පුස්තකාලවල ඇත්තේ පැරැණි පොත්, සඟා, පුවත්පත් කිහිපයක් පමණි.
නමුත් ඉන් පරිභාහිරව නවීන හා කාලීන තොරතුරු ඇතුළත් පොත්, සඟා ආදී තොරතුරු මාධ්‍ය පුස්තකාල තුළ නොතිබීමත් එක ම පොත පත නැවත නැවතත් පාඨකයාට කියවීමට සිදුවීමත් පාඨකයාගේ කියවීමේ රුචිකත්වය පිරිහීයාමට තවත් සාධකයකි.
එවැනි එකතුවක් ගොඩනැගීම සඳහා ප‍්‍රමාණවත් මුදල් ප‍්‍රතිපාදනවල හිඟතාවයද අද පුස්තකාල මුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවකි.
තව ද නිවෙස් වල රූපවාහිනිය හා ගුවන් විදුලිය භාවිතයට අධික ලෙස ඇබ්බැහි වීම නිසා පොත් පත් පුවත්පත් ආදිය කියවීම හා භාවිතය බොහෝ සෙයින් සීමා වී ඇත.
ළමයින් කුඩා කළ සිටම කියවීමට උනන්දු කරවීමට දෙමව්පියන්ගේ උනන්දුවක් නොදැක්වීමත් බොහෝ පවුල්වල ආර්ථිකමය දුෂ්කරතා හේතුවෙන් කියවීමට අවශ්‍ය පොත පත ගැනීමට ඇති වන බාධාවන් ආදිය ද වර්තමානයේදී බොහෝ පාඨකයන් මුහුණ දෙන ගැටලුවකි.
කියවීමේ වටිනාකම හා වැගත්කම ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් බව හුවා දක්වමින් සෑම පුද්ගලයකුම කියවීමට නැඹුරු කරවීමට ගනු ලබන ප‍්‍රයත්නයේදී පුස්තකාල පද්ධතියේ කේන්ද්‍රස්ථානය වූ ජාතික පුස්තකාලය මගින් කරනු ලබන මෙම කාර්ය භාරය ඉතා අගය කොට සැලකිය යුත්තකි.
සැබවින් ම කියවීමේ පාඨක රුචිය වර්ධනය කිරීමෙහි ලා වසරේ විශේෂ මාසයක් ලෙස ඔක්තෝබර් මාසය ‘ජාතික කියවීමේ මාසය’ ලෙස නම් කිරීම ඉතා කාලෝචිතය.
මෙරට පුස්තකාල පද්ධතියේ නියමුවා වන ජාතික පුස්තකාලයට ඒ පිළිබඳව ප‍්‍රශංසාවට ලක් කළ යුත්තේ කය මිස සිත නැති මිනිසුන් මෙලොවට බිහි කිරීම වෙනුවට දැනුම පිපාසිත පාඨක ප‍්‍රජාවක් බිහි කිරීමට දරන උත්සාහය නිසාත්, තිබහට දිය බිඳක් සේ දැනුමට පොත පත කියවීමේ අවශ්‍යතාවය සියලුම ප‍්‍රජවට හුවා දැක්වීමත් හේතුවෙනි.
විශේෂයෙන්ම වත්මන් රජය තුළින් අනාගත බුද්ධිමත් පරපුරක් උදෙසා අධ්‍යාපනයට මුල් තැනක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ දීප ව්‍යාප්තව ගමින් ගමට නගරයෙන් නගරයට පුස්තකාල ගොඩනැගිලි ස්ථාපිත කිරීම හා සංවර්ධනය කිරීම, රජය හා විවිධ සංවිධාන ඒකාබද්ධව පොත්පත් හා වෙනත් උපකරණ පුස්තකාල සඳහා පරිත්‍යාග ලෙස බෙදා දීම වැනි කාර්යයන් තුළින් දැනුමින් පිරිපුන් මිනිසුන් පරපුරක් බිහිකිරීමේ උදාර කර්තව්‍යයට උර දෙන්නේ ද දැනුමින් පිරිපුන් නායකයන් වීම සතුටට කාරණාවකි.
සැබවින්ම පොත්පත් තුළින් ලොව දකින සාර්ථක ජීවිතයක් ගත කරන්නකු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ආර්. ඒ. සකුන්තලා සෙනෙවිරත්නපුස්තකාල විද්‍යා අධ්‍යයන අංශයකැලණිය විශ්වවිද්‍යාලය

No comments: