Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

කැනඩා ඕවර 20/20 කුසලානය ශ‍්‍රී ලංකාව දිනා ගනී

ජයසූරිය හා අජන්තගෙන් දස්කම්

ටොරොන්ටෝ (ඒ.එෆ්.පී.)
සනත් ජයසූරිය ආක‍්‍රමණශීලි පිතිහරඹයක නියැලෙමින් ද අජන්ත මෙන්ඩිස් පන්දුවෙන් දස්කම් දක්වමින්ද ශී‍්‍ර ලංකාව පාකිස්තානයට එරෙහිව කඩුලු 5 ක ජයග‍්‍රහණයක් කරා මෙහෙයවූ අතර ශ‍්‍රී ලංකාව කැනඩා ඕවර විස්සයි 20 කුසලානය දිනා ගත්තේය.
ලකුණු 133 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගයේ තවත් ඕවරයක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 133 ක් ලබා ගැනීමට සමත්විය.
ජයසූරිය (40) හා මහේල උඩවත්ත (25) ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕවර 7 ක් තුළදී ලකුණු 66 ක් රැස් කළහ.
ෂොයිබ් අක්තාර්, සොහායිල් ටන්විර් හා උමා ගුල් ගේ පන්දුවලට මේ දෙදෙනා නරඹන්නන් 9,000 ක් ඉදිරියේ පිටියේ සෑම දිශාවකටම පහර එල්ල කළහ.
ජයසූරිය විශේෂයෙන් අක්තාර්ගේ පන්දුවලට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් ඔහුගේ පළමු ඕවරයේදී හතරේ පහරක්ද ඉන්පසුව ‘මිඩ් විකට්’ හරහා පිට පිට හයේ පහරද එල්ල කළේය. මේ අභියෝගය හමුවේ පාකිස්තානය සිය දඟ පන්දු යවන්නන් කැඳ වූ අතර ෂයිඩ් අෆ්රිඩි, උඩවත්ත දවාලීය. ෂොයිබ් මලික්, ජයසූරිය දවාලීය.
නායක මහේල ජයවර්ධන ලකුණු 5 කට දැවී ගියද කෞෂල්‍ය වීරරත්න (12) හා චාමර කපුගෙදර (නොදැවී 17) ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කරාගෙන ගියහ.
ඊට කලින්, අජනත් මෙන්ඩිස් පාකිස්තාන මැද පිතිකරු පෙළට තිරිංග දමමින් ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර මේ අනුව ඔහු මෙම සමස්ත තරගාවලියේ කඩුලු 11 ක් ලබා ගැනීමට සමත්විය. පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් ආරම්භක පිතිකරු සල්මන් බට් ලකුණු 44 ක් ලබාගත් අතර ඔහු සහ ෂොයිබ් මලික් හා කම්රාන් අක්මාල් මෙන්ඩිස්ට බිලිවූහ.

No comments: