Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

විමල් වීරවංශ සර්ව පාක්ෂික සමුළුවට එක්වෙයි

මහින්ද අලුත්ගෙදර
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂය සහභාගි වන බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා කියා සිටියේ ය. සමුළුව රැස්වීමට වඩා වැදගත් වන්නේ එමගින් රටට සිදුවන යහපත කුමක් ද යන්න බවද හෙතෙම අවධාරණය කළේ ය.
ජනවාර්ගික අර්බූදයට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ මෙම සමුළුව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ කීපයක්ම නියෝජනය කරයි. ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාමාර්ගයක් සඳහා කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවද ඒවා සියල්ල ජය ගෙන ජනවාර්ගික අර්බූදයට ස්ථිරසාර විසඳුමක් ලබා දිය යුතු නිසා මෙම සමුළුව සඳහා ඉදිරියේ දී සහභාගි වන බව විමල් වීරවංශ මහතා කියා සිටියේ ය.

No comments: