Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 7, 2008

එදා ප‍්‍රභා බේරාගත් ‘සුපර් මෑන්ලා’ අද නෑ

මීට පෙර සිටි කිසිදු ආණ්ඩුවක් නොකළ පරිද්දෙන් වත්මන් ආණ්ඩුව කොටි ත‍්‍රස්තවාදීන්ට පහර පිට පහර දෙමින් සිටී. දෙකෙන් එකක් වන තුරු මෙම පහරදීම සිදු කරන බව මේ වන විට ජනතාවද දනිති. කොටියාට තේරෙන භාෂාවෙන් කතාකරන එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බව ජනතාව කියති.
ත‍්‍රස්තවාදය මේ රටෙන් තුරන් කළ හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බව ජනතාව පමණක් නොව කොටි ත‍්‍රස්තවාදීහුද පිළිගනිති. නැගෙනහිර පළාත ත‍්‍රස්තවාදයෙන් මුළුමනින්ම මුදාගත් සේ උතුරු පළාතද මුළුමනින්ම මුදා ගැනීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බව කොයි කාගේත් විශශ්වාසයයි.
කිලිනොච්චිය නගරය පේන තෙක් මානයට ආරක්ෂක අංශ සාමාජිකයෝ ළඟා වෙමින් සිටිති. මේ වන විට කොටි සංවිධානයේ ප‍්‍රබල කඳවුරු රැසක්ම ගුවන් ප‍්‍රහාර එල්ලකර විනාශයට පත් කර ඇති අතර ගොඩබිමින් එල්ල කරන ලද ප‍්‍රහාර වලින්ද කොටි සාමාජිකයින්ට බරපතල හානි සිදුවී තිබේ. ප‍්‍රභභාකරන් ඇතුළු ඉතිරි කොටි නායකයින් කොයි මොහොතක හෝ ආරක්ෂක අංශ වලට කොටිවීමට ඉඩ තිබේ. වසර ගණනාක් පැවති මෙම කාලකන්නි ත‍්‍රස්තවාදි අර්බුදයේ තීරණාත්මක අවස්ථාවට අපි දැන් පැමිණ සිටිමු. එම තීරණාත්මක අවස්ථාවද ජයගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
* තීරණාත්මක මොහොත
සියලු කි‍්‍රයාවලින් නිසි ප‍්‍රතිඵලය ලැබෙන්නේ එවිටය. මීට පෙරද මෙසේ තීරණාත්මක අවස්ථාවලට පැමිණ අවසානයේදී සිදු වූයේ කිසිවෙකුත් නොසිතූ දෙයකි. මෙවරද එවැනි දෙයක් සිදුවෙතැයි කල්පනා කරනුයේ වෙනින් කව්රුත් නොවෙයි. හැමදාමත් බෙදුම්වාදය වෙනුවෙන් කඩේ ගිය තවමත් කඩේ යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලඥයින් ය. මොවුන් සිතනුයේ කෙසේ හෝ ප‍්‍රභාකරන් අවසානයේදී බේරේවි කියායි.
මෙම සංවිධාන හා දේශපාලඥයින් කෙතරම් බෙදුම්වාදය වෙනුවෙන් කඩේ යනවාදැයි සිතා ගැනීමටවත් නොහැකි තරම්ය. ඔවුන් එදා කඩේ ගිය ප‍්‍රමාණයටත් වඩා අද කඩේ යාමද විශේෂත්වයකි. ඒ නිසා ඔවුන් දෙවියන්ට යාඥා කරමින් සිටිනුයේ අවසානයේදී ‘සුපර් මෑන්’ කෙනෙකු හෝ පැමිණ ප‍්‍රභාකරන් බේරාගනු ඇත කියායි. බෙදුම්වාදය වෙනුවෙන් කඩේ යන සංවිධාන ඇතුළු දේශපාලඥයින් හැම විටම සිතනුයේ කොයි මොහොතක හෝ ප‍්‍රභා බේරා ගැනීම සඳහා යම් බලවේගයක් මැදිහත්වනු ඇත කියාය. ඔවුන්ගේ යටි අරමුණ වී ඇත්තේද ප‍්‍රභාකරන් කෙසේ හෝ බේරා ගැනීමයි.
* තමිල්නාඩු ගිනිකන්ද

කරුණානිධි

රජීව් ගාන්ධි

එම්.ජේ.ආර්.

ජයලලිතා
තමිල්නාඩුවේ ගිනිකන්ද පුපුරන්න ලඟයි. කොයි වෙලාවක හරි තමිල්නාඩුව දැඩි බලපෑමක් කරලා රට පාලනය කරන කොංග‍්‍රස් ආන්ඩුවට බලපෑම් කරනවා. බලය රැක ගැනීම අවශ්‍ය නිසා කොංග‍්‍රස් ආණ්ඩු ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරනවා. මෙහෙයුම් නතර කරන්න කියලා. මෙහෙයුම් නතර වුණාට පසුව කිසිම ප‍්‍රශ්නයක් නැහැ. එතකොට ප‍්‍රභාකරන් ඇතුළු ඉතිරි නායකයින් කිහිප දෙනා බේරෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ටික කාලයක් ගියාට පස්ේස ප‍්‍රභාකරන්ට ආපහු පරණ සෙල්ලම පටන් ගන්නයි. බෙදුම්වාදයට පක්ෂපාත ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා ඇතැම් දේශපාලඥයින් මේ දිනවල සිතන්නේ මේ ආකරයටය.
අපේ රටේ සමහර මාධ්‍යවලටද අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ තමිල්නාඩුවෙන් බලපෑම් එල්ල කොට ප‍්‍රභාකරන් බේරා ගන්නවා දැකීමටය. ඔවුන් එය ගොතනු ලබන්නේද සුරංගනා කතාවක් ලෙසය. තමිල්නාඩුවේ කොමියුනිස්ට් පක්ෂයයි ජයලලිතාගේ පක්ෂය එකතු වී මෙහෙයුම් නවත්වන ලෙසට උපවාස කරන විට මහ ඇමති කරුණානිධිට බලා සිටීමට නොහැකි වී ඔහු ද උපවාසයට එක්වනු ඇති බව මෙම මාධ්‍ය කියයි. ඉන් පසුව මේ තුන්ගොල්ලන්ගේ හදවත උණුවී කොංග‍්‍රස් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
මේ දැඩි බලපෑම මත කොංග‍්‍රස් ආණ්ඩුව සලිත වී මෙහෙයුම් නවත්වන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දෛනු ඇත. එසේ දැනුම් දෙන විටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඊට අවනත නොවුණහොත් 1987 දී කරා මෙන් යළි ශ‍්‍රී ලංකාවට බලහත්කාරයෙන් පරිප්පු දමනු ඇත. එවිට ශ‍්‍රී ලංකා ආණ්ඩුව බිය වී මෙහෙයුම් නවතා දමයි. ඉන් පසුව ප‍්‍රභාකරන් ලොක්කා නැවත කිලිනොච්චියේ සිට ඊළාම් රාජ්‍ය බිහි කිරීම සඳහා සුපුරුදු සෙල්ලම පටන් ගන්නවා ඇත.
* සුරංඟනා කතා
බෙදුම්වාදය වෙනුවෙන් කඩේ යන කඳුළු හෙළන සුළුතරයක් වූ රාජ්‍ය නොවන සංවිධාන ඇතැම් දේශපාලඥයන් හා ඇතැම් මාධ්‍ය සිතා සිටින්නේ මේ ආකාරයෙනි. මෙවැනි සුරංගනා කතාවක් වැනි තර්කයක් ගොඩනගා හෝ ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ යම් මානසික වින්දනයක් ලබා ගැනීමටය. ඔවුන්ට අවශ්‍ය ප‍්‍රභාකරන් මිනිසුන් මරා නොව ඔවුන්ගේ රුධිරය උරා බී හෝ ඊලාම් රාජ්‍ය පිහිටුවා ගන්නවා දැකීමටය. එම නිසා තමිල්නාඩුවේ සුපර් මෑන්ලා පැමිණ ප‍්‍රභාකරන් කෙසේ හෝ බේරා ගන්නවා දැකීම ඔවුන්ගේ එකම අරමුණ වී ඇත. මේ සඳහා ඔවුන් මේ දිනවල සිටින්නේ සිහින දකිමිනි.
තමිල්නාඩුවේ කොමියුනිස්ට් පක්ෂයවත් ජයලලිතාවත් කරුණා නිධිවත් කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. නමුත් වයිකෝ ඇතුළු කුඩා දේශපාලන කණ්ඩායම් කිහිපයක් පමණක් කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටිති. එම කුඩා කණ්ඩායම් වලට අවශ්‍ය වී ඇත්තේ ජයලලිතා හා කරුණානිධිලා ද කෙසේ හෝ ඔවුන්ගේ අරමුණු සඳහා එක් කර ගැනීමටය.
දෙමළ ජනතාව බහුතරයක් සිටින තමිල්නාඩුවේ කොටින්ට කඩේ යන දේශපාලඥයන් බොහෝ විට ශ‍්‍රී ලංකාව ගැන අවධානයෙන් සිටිති. නමුත් වයිකෝ වැනි සිල්ලර නායකයින් එළිපිටම කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් කඩේ ගියාට කරුණානිධි ජයලලිතා වැනි ජ්‍යෙෂ්ඨ හා ජනප‍්‍රිය දේශපාලඥයින් කොටින්ට කඩේ යන්නේ නැත.
ඔවුන් ද කොටින්ට කඩේ ගිය කාලයක් තිබිණි. එය නැති කර ගත්තේ ද ප‍්‍රභාකරන්ය. එම නිසා ජයලලිතා, කරුණානිධි කෙසේ හෝ කොටින් වෙනුවෙන් කඩේ යැවීමට එතෙර හා මෙතෙර සිටින සුළු පිරිසක් කොයි තරම් වලි කෑවත් එය සාර්ථක නොවේ.
කොමියුනිස්ට් පක්ෂය ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ගෙන යන වැඩසටහනට කරුණානිධිත්, ජයලලිතාත් සහාය පළ කරන බව සත්‍යයකි. නමුත් එය කිසිසේත්ම කොටි සංවිධානයට සහාය පළකිරීමක් නොවේ. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් අදහස් පළ කිරීම කොටි සංවිධානය වෙනුවෙන් කඩේ යෑමක් බව පෙන්වීමට ඇතමුන් අසාර්ථක උත්සාහයක් ගන්නා බවක් පෙනේ.
ජයලලිතා තමිල්නාඩුවේ කොමියුනිස්ට් පක්ෂයට යවන ලිපියේ කොටි සංවිධානයට සහාය ලබාදිය යුතු බව කොතනකවත් සඳහන් නොවේ. ඇය කියා සිටින්නේ ගැටුම් වලින් විපතට පත් වුවන් ගැන ඕනෑකමින් සොයා බැලිය යුතු බවයි. මේ ගැටුම්වලට එක් පැත්තකින් කොටි සංවිධානයද සම්බන්ද වී සිටින නිසා දෙමළ ජනතාව පීඩාවට පත්වීම ගැන එක පැත්තකින් කොටි සංවිධානයද වගකිවයුතුයි. එය බෙදුම්වාදය වෙනුවෙන් කඩේ යන ඇතමුන්ට නොතේරුණාට ජයලලිතා නම් හොඳ හැටි තේරුම් ගෙන ඇත. ජයලලිතා යැවු ලිපියකද ඒ බව සඳහන් කර තිබුණත් ොකටින්ට කඩේ යන පිරිසටනම් එය නොපෙනිණි.
ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබලා ගෙන යන උපවාසයට මට සහභාගි විය නොහැකි වුවත් මාගේ නිලධාරින් සහභභාගි වෙති. මට තිබෙන තර්ජන හා ආරක්ෂක උපදෙස් සැලකිල්ලට ගෙන මම මෙම වැඩසටහන්වලට සහභාගි නොවෙමි. ජයලලිතා මේ කියන්නේ වෙනින් කව්රුවත් ගැන නොවෙයි,
* ජයලලිතා ඝාතන තැත
ප‍්‍රභාකරන්ගේ කෲරත්වය ගැනය. කිහිප වතාවක්ම ජයලලිතා ඝාතනය කිරීමට ප‍්‍රභභාකරන් උත්සාහ ගත්තද ජයලලිතාගේ වාසනාවට එම උත්සාහයන් ව්‍යාර්ථ විය. එම නිසා ජයලලිතාට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත තමිල්නාඩු ජනතාව ප‍්‍රභාකරන්ගේ කෙරුවාවල් ගැන හොඳ හැටි දනිති.
කාලයක් ජයලලිතා ප‍්‍රභාකරන්ගෙන් බේරීමට කෙතරම් උත්සාහයක් ගත්තද කියතොත් වරක් අඇයගේ නිවස ඉහළින් පිහිටි ගුවන් සීමාව තහනම් කිරීමටද ඇය ක‍්‍රියා කළාය. සමහර විට කොටි කුරුම්බැට්ටි මැෂින් (කොටි සැහැල්ලු ගුවන් යානා) පැමිණ තමාගේ නිවසට බෝම්බ ප‍්‍රහාර එල්ල කරාවි යැයි ජයලලිතා බිය වෙන්නට ඇත.
එම නිසා ජයලලිතා ජයරාම් කොටි පුල්ලි ඉතා හොඳ හැටි හඳුනන තමිල්නාඩුවේ ප‍්‍රධාන ඇමතිනිය වී සිටි දෙමළ කාන්තාවකි. එම නිසා ජය ලලිතා ලවා කොස් ඇට බෑවීමට කොයි හිතවාදීන් කල්පනා කළාට එය එතරම් පහසු දෙයක් නොවනු ඇත.
ප‍්‍රභාකරන් හොම්බ බිම ඇණ ගන්නවාට ජයලලිතා කැමතිය. ප‍්‍රභාගේ කියුම් කෙරුම් නිසා උතුරේත්, නැගෙනහිරේත් දෙමළ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ජයලලිතා හොඳින් දනී.
විශේෂයෙන්ම මීට පෙර අවස්ථා කිහිපයකදීම ජයලලිතා ප‍්‍රභභාකරන් විවේචනය කළේ් ඔහුගේ කියුම් කෙරුම් නිසා දෙමළ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වන නිසාය. ජයලලිතා ප‍්‍රභභා විවේචනය කළ විට ප‍්‍රභා ඊට පිළිතුරු ලබා දුන්නේ ජයලලිතාට මරණ වරෙන්තු නිකුත් කරමිනි. එම නිසා ජයලලිතා හොඳින්ම දන්නා කරුණක් වන්නේ කැලය මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන බවයි.
තමිල්නාඩු ප‍්‍රාන්තයේ ප‍්‍රධාන ඇමැති කරුණානිධිගේ භූමිකාවද ගැනද මෙහිදී අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. කරුණානිධි කාලයක් කොටි සංවිධානය වෙනුවෙන් කඩේ ගිය බව සත්‍යයකි. නමුත් කොටි වෙනුවෙන් කඩේ ගිය තමිල්නාඩුවේ ප‍්‍රධාන දේශපාලඥයින් මේ මතය වෙනස් කිරීමට තීරණය කළේ මීට වසර කිහිපයකට පෙරය.
ඒ ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීÀÀම් සිද්ධියෙන් පසුවයි. කොටින්ට කිරි පෙව් රජිව්ට මෙවැනි දෙයක් අත්වුණි නම් අනිවාර්යෙන්ම තමිල්ඬාඩුවේ ප‍්‍රධාන දේශපාලඥයින්ටද එම ඉරණම අත් නොවේ යයි කිසිම ආකාරයකින් සහතික විය නොහැක.
එම නිසා කරුණානිධි පසු කාලයේදී කොටින්ට කිරි පෙවීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඊට හොඳම උදාහරණයක් මීට මාස ගණනකට පෙර කරුණානිධි කළ ප‍්‍රකාශයකට කොටින්ට කඩේ යන පිරිසට පමණක් නොව ප‍්‍රභාටද හීන්දාඩිය දැම්මේය.
‘ශ‍්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහි වෙනවාට අපි අකමැතියි’ යනුවෙන් ප‍්‍රකාශ කළ කරුණානිධි කොටි සංවිධානයේ ඇතැම් කි‍්‍රයා විවේචනය කිරීමටද අමතක නොකළේය. ඔහු කොංග‍්‍රස් රජයට සහාය දෙන ගමන් සෘජුව කියා සිටියේ ත‍්‍රස්ත කි‍්‍රයා නතර කිරතීමට පියවර ගත යුතු බවයි. ඇතැම් අවස්ථාවලදී කොංග‍්‍රස් ආණ්ඩුවේ හිත දිනා ගැනීම සඳහා ඕනෑවටත් වඩා කොටි සංවිධානය විවේචනය කරන තත්ත්වයකට කරුණානිධි පත් වූයේය.
* අවි ආයුධ ලබාදීම
මීට වසර ගණනාවකට පෙර තමිල්නාඩුව කොටින්ට දැක්වූයේ ප‍්‍රබල සහයෝගයකි. කොටි සාමාජිකයින්ට සටන් පුහුණුව ලබාදීම සඳහා වෙනම ප‍්‍රදේශද තමිල්නාඩු බලධාරීන් විසින් වෙන්කරදී තිබුණි. ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ ලබාදීමටද තමිල්ඬාඩුවේ ප‍්‍රධානීන් කි‍්‍රයා කලේ තරගයකට මෙනි. තමිල්නාඩුවේ මහ ඇමතිව සිටි එම්. ජී. රාමවන්ද්‍රන් වරක් ප‍්‍රභාකරන් තමිල්නාඩුවට ගෙන්නාගෙන මුදල් නෝට්ටු මිටි ගණනක් ලබා දුන් අතර තවත් මුදල් අවශ්‍ය නම් දැනුම් දෙන ලෙසටද ප‍්‍රභාකරන්ට කියා සිටියේය.
රාමචන්ද්‍රගෙන් එසේ සන්ොත්සම් ලබාගත් ප‍්‍රභාකරන් රාමචන්ද්‍රන්ගෙන් පසුව එම පක්ෂය වෙනුවෙන් බලයට පත් වූ ජයලලිතාට මරණ වරෙන්තු නිකුත් කළේය. එමනිසා ප‍්‍රභා ගැන බොහෝ දෙනෙකුට වඩා හොඳින් කරුණානිධිත්, ජයලලිතාත් දනිති. සිගරට්ටුවක් උරා අවසන් වූ පසුව ෆිල්ටරය විසි කරන්නාක් මෙන් ප‍්‍රභාකරන්ද නිතරම කළේ උදව් උපකාර ලබාගත් පසුව එම පුද්ගලයා විනාශ කිරීමයි. ඒ ප‍්‍රභාකරන්ගේ හැටිය.
ප‍්‍රභාකරන්ට වැරදුණේත් එතනය. ඔහු අද ශ‍්‍රී ලංකා හමුදාව හමුවේ අන්ත අසරණ වී මරණ බියෙන් වෙව්ලන්නේද එම නිසාය. ඔහු කළ ලොකුම මෝඩකම රජිව් ගාන්ධි අග‍්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමයි.
අපේ රටේ දේශපාලන නායකයින් කෙතරම් ප‍්‍රමාණයක් කොටි ත‍්‍රස්තවාදීන් ඝාතනය කළද ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවේවත් එතරම් ඇස් ඇරුණේ නැත. නමුත් රජිව් ගාන්ධි හිටපු අග‍්‍රාමාත්‍යවරයා කොටි විසින් ඝාතනය කරනු ලැබීමත් සමගම මුළු ලෝකයම කොටින්ගේ
* රජිව් ගාන්ධි ඝාතනය
සැහැසි කි‍්‍රයා ගැන කතා කරන්නට විය. මුළු ඉන්දියාවම මෙම සිද්ධියෙන් බලවත් සේ කම්පාවට පත්වූ අතර තමිල්නාඩුව තුළ කොටි සංවිධානයට එරෙහිව ප‍්‍රථම වරට පෙළපාලි ගියේද මෙම සිද්ධියෙන් පසුවයි. ලෝකයේ බලවත් රටක් බවට පත්වෙමින් සිටි ඉන්දියාවට දීප්තිමත් නායකයෙකු වී සිටියේ රජිව් ගාන්ධිය.
ශ‍්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් රජිව් ගාන්ධිගේ විදේශ ප‍්‍රතිපත්තියට දැක්වූයේ ැදඩි කැමැත්තකි. ඉන්දිරා ගාන්ධි හිටපු අග‍්‍රාමාත්‍යවරිය හා ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා අතරේ යම් කිසි නෝක්කාඩු ස්වභාවයක් තිබුණද ඒ සියල්, පහව ගොස් ඉන්දියාව ශ‍්‍රී ලංකාව සමඟ දැඩි මිත‍්‍රත්වයක් ඇති කරගත්තේ රජිව් ගාන්ධි ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසුවය.
මෙම කරුණු කාරණා සලකා බැලීමේදී වඩමරච්චි මෙහෙයුමට බාධා කලාසේ යළිත් හමුදා මෙහෙයුම්වලට බාධා කිරීමට ඉන්දියාව ඉදිරිපත් නොවනු ඇත. ඉන්දියාවේ අධිකරණය ප‍්‍රභාකරන්ට වසර දෙසීයක සිර දඬුවමක් ලබා දුන්නේද ඒ නිසාය. එම තීන්දුව ප‍්‍රභාට ලබාදෙන විට තමිල්නඉාඩුවේ කිසිවෙකු විරුද්ධ නොවීය.
ශ‍්‍රී ලංකාවේ ඊළමක් බිහිවුණොත් එය ඉන්දියාවට පමණක් නොව තමිල්නාඩුවටද තර්ජනයක් වන බව තමිල්නාඩු නායකයින්ද හොඳ හැටි දන්නේය. එම නිසා කොටි සංවිධානය වෙනුවෙන් කෑකෝ ගසන දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් ගණන් ගැනීමටද ඉන්දියාවේ නායකයින් අකමැතියි. ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මං මෝහං සිං, දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් හමුවීමටද එතරම් කැමැත්තක් නොදැක්වූයේ මේ නිසාය.
ශ‍්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඇතැම් දේශපාලඥයින් හා ඇතැම් පුද්ගලයින් ප‍්‍රභාකරන් හා කොටි සංවිධානය කුමක්දැයි හරි හැටි තේරුම් නොගත්තට ඉන්දියාවත්, තමිල්නාඩුවත් මේ වන විට එය හොඳින් තේරුම් ගෙන ඇත. අහිංසක දෙමළ ජනතාවට මුදානොගත් ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙස රජය දැනුම් දී ඇති අතර පැමිණෙන ජනතාව රැක බලා ගැනීමටද විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබේ. නමුත් ප‍්‍රභාකරන් කරනුයේ තමන්ගේ මනෝ රාජ්‍ය වෙනුවෙන් අහිංසක දෙමළ ජනතාව බලහත්කාරයෙන් සිර කරගෙන ඔවුන්ට අවි පුහුණුව ලබාදීමයි.
මෙමගින් ප‍්‍රභා සිදු කරන්නේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීම නොවේද ?. මේවා මානව හිමිකම ගැන කතා කරන ඇතැම් සංවිධානවලට නොපෙනෙන්නේද ? දැනටමත් නැගෙනහිර පළාත තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කර තිබෙන ආකාරය ඉන්දියාවේ පැසසුමට ලක්වී ඇත. උතුරේද කළ යුත්තේ එපමණයි. වඩමාරච්චි මෙහෙයුමේදී කළ ගොන්කම ඉන්දියාව කවරදාකවත් යළි කරන්නේ නැත. දෙමළ ජනතාවට විමුක්තිය ලැබෙන්නේ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පමණක් බව ඉන්දියාවත් හොඳින් දනී.
ජනතා මිත‍්‍ර

No comments: