Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 3, 2008

අමෙරිකාව දැවැන්ත ආර්ථික අර්බුදයක ඩොලර් කෝටි 70 දහසක් ඉල්ලන යෝජනාව අද

අමෙරිකානු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඩොලර් කෝටි හැත්තෑදහසක ආධාරයක් ලබාගැනීම සඳහා වූ යෝජනාවක් එරට නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට අද (03) ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට පෙර මෙවැනිම යෝජනාවක් නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය ප‍්‍රතික්‍ෂේප කළේය.
අමෙරිකානු පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙන මෙම නව යෝජනාව සෙනෙට් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.
එය කි‍්‍රයාත්මක කිරීම සඳහා නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුය. ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ මෙම නව යෝජනාවට සහාය දෙන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මහතා සෙනෙට් සභාවෙන් ඉල්ලීමක් කොට ඇත. මෙය ඉතා වැදගත් කරුණක් ලෙස සලකා ඊට සහාය දෙන ලෙස ජෝර්ජ් බුෂ් මහතා ඉල්ලා ඇත.
අමෙරිකානු ජනාධිපති ධූර අපේක්‍ෂකයන් වන බැරක් ඔබාමා සහ ජෝන් මැකේන් යන මහත්වරු ද සිය ප‍්‍රචාරක කටයුතු අත්හිටුවා මෙම යෝජනාව සම්බන්ධ විවාදයට සවන් දීමට සූදානමින් සිටිති.
මෙම යෝජනාව සම්මත වීම පමා වීමෙන් අමෙරිකානු ආර්ථිකයට පමණක් නොව ජාත්‍යන්තර ආර්ථිකයටද බලපානු ඇතැයි ඔවුහු පවසති.
අමෙරිකානු ආර්ථිකයේ කඩාවැටීමට මූලික වශයෙන් ම බලපා ඇත්තේ එරට භාණ්ඩ හා සේවාවන්හි වටිනාකමට වඩා මූල්‍ය ගනුදෙනු ඉහළ යෑම බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට එරට වානිජ්‍ය බැංකුවලින් විශාල වශයෙන් ණය ලබාගෙන ඇති අතර මේ හේතුවෙන් එරට ප‍්‍රධාන බැංකු කිහිපයක් ම කඩා වැටී තිබේ.
අමෙරිකානු ආර්ථිකයේ මෙම අර්බුදය ලොව අනෙකුත් රටවලටද බලපෑමක් එල්ල කරන බව පෙන්වා දෙන ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් ජපානයේ කොටස් වෙළෙඳපොළේ පසුබෑම මෙයට හොඳම උදාහරණය බව පෙන්වා දෙති.

No comments: