ප‍්‍රින්ස් ගුණසේකර
විදේශ තරග සංචාරවලට සුදුසුම් ලබන සියලුම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර අදාළ ජාතික කී‍්‍රඩා සංගමය භාරයට ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
එමෙන්ම එක් විදේශ සංචාරයකට එක් හදිසි ගමන් බලපත‍්‍රයක් පමණක් ලබාදී සංචාරය නිමාවීමෙන් පසුව එම ගමන් බලපත‍්‍රය විනාශ කිරීමේ කි‍්‍රයාමාර්ගයකට එළැඹීමේ හැකියාව ගැන ද අවධානය යොමු වී ඇත.
කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ නියෝගයක් අනුව ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා නිලධාරීන් කැඳවා ඊයේ කී‍්‍රඩා අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර උපයෝගී කරගෙන වංචා සිදු නොවීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමේ තීරණයකට එළැඹී තිබේ.
“කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කිහිප දෙනෙකු ව්‍යාජ සහතික මගින් වංචාවක් කළේ යැයි සැකපිට අත්අඩංගුවට පත්වීම කී‍්‍රඩාවට විශාල හානියක්. ඉදිරියට මෙවැනි සිද්ධීන් නොවීමට වැඩ පිළිවෙළක් අවශ්‍යයි. විවිධ යෝජනා දැනට තිබෙනවා.
මලල කී‍්‍රඩා නිලධාරීන් ඉදිරි දින 2ක ඇතුළතදී ලබාදෙන යෝජනා අනුව අවසන් තීරණයකට එළැඹෙනවා” යැයි කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
එමෙන්ම දැනට අත්අඩංගුවේ පසුවන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අදාල සිද්ධියේ සම්පූර්ණ වාර්තාවක් කී‍්‍රඩා අමාත්‍යාංශය ලබාගැනීමට කටයුතු යොදා ඇත.
අධිකරණ කි‍්‍රයාමාර්ගවල ප‍්‍රතිඵලය මත එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලබාදෙන විනයානුකූල දඬුවම ප‍්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
කී‍්‍රඩා අමාත්‍යාංශය විශේෂ ඉල්ලීමක් කළහොත් එම අවස්ථාවන්වලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව “හදිසි ගමන් බලපත‍්‍ර” කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිකුත් කිරීම පිළිබඳ සලකා බලන බව ආගමන විගමන පාලක පී. බී. අබේකෝන් මහතා ‘දිනමිණ’ ට පැවැසීය.
මෙතෙක් එවැනි ඉල්ලීම් කළ අවස්ථාවන්වලදී නිකුත් කරන ලද හදිසි ගමන් බලපත‍්‍ර විනාශ කිරීමට තමා මැදිහත් වූයේ නැතැයි ඒ මහතා පැවැසීය. “මුදල් ගෙවා ලබාගන්නා පාස්පෝට් ඒ අය සතුයි. නමුත් අයථා වැඩවලට යොදාගන්න බෑ” අබේකෝන් මහතා පැවැසීය.
කෙසේ වුවද කී‍්‍රඩා අමාත්‍යාංශය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර භාවිතය පිළිබඳ ඉදිරියේදී දැඩි සැලකිල්ලකින් පසුවන බවද කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් එස්. ලියනගම මහතා ප‍්‍රකාශ කළේය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment