Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

සෞඛ්‍ය ඇමැති ඝාතනයට පොතක සවිකළ බෝම්බයක් බෝම්බය සැකසුවේ බණ්ඩාරවෙල ගුරුවරයෙක් ඝාතන සැලසුමට පැමිණි කොටි කතක් දැලේ

චන්ද්‍රිකා පෙරේරා සහ වැලිමඩ සමූහ
සෞඛ්‍ය, ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඝාතනය කිරීමේ සැලසුමකට පැමිණි කොටි කතක් සහ පොතක පිටු අතර බෝම්බයක් සවි කළ දෙමළ ජාතික ගුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතන සැලසුමකට පැමිණි කොටි කත බදුල්ල හෝටලයක දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙමළ ගුරුවරයා බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා ඝාතනයට මෙම පොත් බෝම්බය සකස් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
කොටි කත එරාවුර් ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවත් ඇය එම හෝටලයට කීප විටක්ම පැමිණ තිබෙන කතක් බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම කාන්තාව ආරක්ෂක අංශයේ අයකු සමඟ පැමිණ සිටියදී අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා දිනමිණ ට කීය.
සැකකාරිය නවාතැන් ගෙන සිටි හෝටලය ආසන්න ස්ථානයකට නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පැමිණෙන බව පොලිසිය කීය. සැකකාර ගුරුවරයා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ උගන්වන 41 හැවිරිදි යාපනයේ පදිංචි අයෙකු බවට අනාවරණය වී තිබේ.
ඔහුගේ කාර්යාල කාමරයේ පොත් තබා ඇති කැබිනෙට්ටුව තුළ බෝම්බය සවි කළ පොත තිබුණු බව පොලිසිය පැවැසීය.
පොතේ ඇතුළත පිටු සපත්තු පොලිස් ටින් එකක් තරමට කපා එම ටින් එකකට සී-4 වර්ගයේ අධි බල පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 65ක් යොදා ඩෙටනේටරයක් ද සවිකර පොත දිග හරින විට එය පුපුරායාමට සකස් කර තිබී ඇත.
සැකකරු හා සැකකාරිය වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත‍්‍රස්ත විමර්ශන අංශයට බාරදීමට නියමිතය.

No comments: