Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 7, 2008

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 27ක් මරාගෙන මැරෙන කොටි බෝම්බයට බිලි


චන්ද්‍රිකා පෙරේරා, විජයානි එදිරිසිංහ, චූල බණ්ඩාර කුලසේකර, කිත්සිරි වනසිංහ, සෙනරත් බණ්ඩාර කුලසේකර,
මිහින්තලේ සමූහ උපාලි තිලකරත්න, උතුරු මැද පළාත් ආනන්ද පතිරාජ සහ අනුරාධපුර මධ්‍යම සමූහ සිරිසේන ලියනගේ
උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (06) පෙරවරු 8.45ට පමණ එල්ල වූ එල්.ටී.ටී.ඊ.මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පුද්ගලයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ජානක පෙරේරා මහතාගේ බිරිය ද මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවාය.
බෝම්බයෙන් අසූ නව දෙනකු තුවාල ලැබූ අතර ඉන් පහළොස් දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය වූ ස්ථානයේදී 18 දෙනකු මියගිය අතර, රෝහලට ඇතුළු කළ පසු සෙසු පිරිස මියගොස් තිබේ.
මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් අනුරාධපුර එජාප දිස්ති‍්‍රක් කළමනාකාර දොස්තර ජෝන් පුල්ලේ සහ ඔහුගේ බිරිය නව කාර්යාලය පිහිටි නිවසේ හිමිකරු වන නීතිඥ ඒ.සී.එස්.හමීඩ් සහ ඔහුගේ බිරිය, පළාත් සභා මන්තී‍්‍ර සුනිල් දිසානායක, සිරස මාධ්‍යවේදී රශ්මි මහරූෆ්, අනුරාධපුර නගර සභාවේ හිටපු මන්තී‍්‍ර නීතිඥ තනූජා රාජපක්ෂ, හිටපු හදිසි මරණ පරීක්ෂක රත්නායක, ජාතික ගුරු සංගමයේ ලේකම් උදිත හේමසිරි ප‍්‍රනාන්දු, උතුරු මැද පළාත් සභා අපේක්ෂක සුභාෂිනී ප‍්‍රනාන්දු , පළාත් සභා අපේක්ෂිකා සුභාෂී චාල්ස් ශාන්ති පුංචි හේවා මිය ගොස් තිබේ.
පැරැණි බස් නැවතුම ඉදිරිපිට පිහිටි නීතිඥ හමීඩ් මහතාගේ නිවෙසේ උදේ 8.35 ට පක්ෂ කාර්යාලය විවෘත කෙරෙන උත්සවය පැවැත්වෙමින් තිබියදී විශේෂ අමුත්තන් අසලට පැමිණි පුද්ගලයකු කමිසය විවර කරනවාත් සමගම පිපිරීම සිදුවී ඇති බව පොලිසිය කියයි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි අනුරාධපුර මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා සිද්ධිය පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇත.
පොලිසිය හා යුද හමුදාව එක්ව අනුරාධපුර ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සමඟ විශේෂ කණ්ඩායම් කීපයක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
‘ජෙනරාල් ඉදිරියට පැමිණි පුද්ගලයා කමිසයේ බොත්තම් ගලවද්දි පිපිරුවා’
චූල බණ්ඩාර කුලසේකර
රැස්වීමට තබා තිබූ පුටු පේළි දෙක අතරින් පැමිණි කළු මිටි පුද්ගලයෙක් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා දෙසට හැරී කමිසයේ බොත්තම් ගලවන විටම මහා හඬක් නගමින් පිපිරීමක් සිදු වූ බව අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන අගලවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති කරුණාතිලක බ‍්‍රාහ්මණගේ මහතා පැවසීය.
එම පුද්ගලයා කමිසයේ බොත්තම් ගලවන විට ඔහු බෝම්බකරුවෙක් යැයි සිතුන බැවින් තමා බිමට පහත් වූ බවත්, එහෙයින් තමාගේ දිවි බේරෙන්නට ඇතැයි විශ්වාස කරන බවත්, බ‍්‍රාහ්මණගේ මහතා කීය. බෝම්බකරු නිල් කොටු කමිසයකින් හා සුදු දිග කලිසමකින් සැරසී සිටි බව ද, දිග කලිසම සාමාන්‍ය දිග කලිසමකට වඩා කොට යැයි ඒ මහතා පැවසීය.
රැස්වීම පැවැත්වීම සඳහා නීතිඥ ඒ. සී. එස්.හමීඩ් මහතාගේ නිවෙසේ කොරිඩෝව වේදිකාව ලෙස පාවිච්චි කරමින් එය ඉදිරිපස පුටු පේළි දෙකකට වෙන් කර තබා පැමිණි පිරිසට වාඩි වීමට සකසා තිබිණි. රැස්වීම පැවැත්වෙමින් තිබිය දී පුටු පේළි දෙක මැදින් ඉදිරියට බෝම්බකරු පැමිණි බව ද ඒ මහතා කීවේය.
පුටු පේළි අතරින් පැමිණි අයෙක් කමිසය විවෘත කරනවාත් සමඟම මහ හඩින් පිපිරුණා
සිද්ධිය ඇසින් දුටු ජේ. එම්. රත්නපාල පවසයි
අනුරාධපුර සමූහ අශෝක සේනාරත්න
“පක්‍ෂ කාර්යාලය විවෘත කළේ උදේ 6.42 ට පිරිත් දේශනයක් පැවැත්වීමෙන් සහ 6.52 ට යෙදුණු සුබ මොහොතින් කිරි ඉතිරවීමෙන් පසුවයි. විපක්ෂ නායකතුමා කාර්යාලය විවෘත කිරීමෙන් පසු හැඟීම්බර කථාවක් කළා.
සහභාගිවූ පිරිසගේ ඉල්ලීමට අනුව එතුමාගේ නෝනා කතා කරමින් සිටියදී මෙම බෝම්බ පිපිරීම සිදුවූ බව සිද්ධිය ඇසින් දුටු ජේ. එම්. රත්නපාල මහතා කියයි. පුටු පේලි අතරින් ජානක පෙරේරා මහතා අසලට පැමිණි පුද්ගලයකු හැඳ සිටි කමිසය විවෘත කරනවාත් සමගම මහා හඩින් බෝම්බය පිපුරුණු බව ද ඒ මහතා කීවේය.
මෙම උත්සවය වාර්තා කිරීමට තමා ප‍්‍රමාදවී පැමිණි අතර, ඒ වන විටත් ජානක පෙරේරා ගේ කතාව අවසන්වී තිබුණු බවත් මාධ්‍යවේදී රෝහණ චන්ද්‍රදාස මහතා කියයි.

මිය ගිය අය
01. මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා
02. වජිරා පෙරේරා මහත්මිය (මේජර් ජනරාල් පෙරේරා මහතාගේ බිරිඳ)
03. ජෙසීමා හමීඩ් (හමීඩ් නීතිඥ මහතාගේ බිරිඳ)
04. ජෙසීමා ජෝන්පුල්ලේ මහත්මිය (ජෝන්පුල්ලේ වෛද්‍ය වරයාගේ බිරිඳ)
05. වෛද්‍ය ජෝන්පුල්ලේ මහතා
06. සුනිල් දිසානායක (පළාත් සභා මන්තී‍්‍ර)
07. සෝමපාල රණවීර (ආරක්ෂක නිලධාරි)
08. නීතිඥ ඒ. සී. එස්. හමීඩ් මහතා
09. ලයන්ස් (ආරක්ෂක)
10. පි‍්‍රයන්ත විජේසූරිය
11. අජිත් පීරිස් (ජනරාල් ජානක පෙරේරා මහතාගේ රියදුරු)
12. අමරසිරි ආනන්ද
13. මුණසිංහ
14. පාඨති විමලසේන
15. සුභාසනි මයුරි ප‍්‍රනාන්දු මහත්මිය
16. මහරුෆ් අන්වර්ඩීන්
17. කුමාර පතිරණ
18. නීතිඥ තනුජා සුනන්දනී රාජපක්ෂ
19. සුනමනවංශ දිසානායකලාගේ රාජා ගුණසේකර
20. සී. ටී. ජේ. රත්නායක (හිටපු මරණ පරීක්ෂක)
21. දිසානායක මුදියන්සේලාගේ කරුණාරත්න අධිකාරි

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය හඳුනාගත් මළ සිරුරු
01. රස්වි මහරුප් (සිරස උතුරු මැද පළාත් මාධ්‍යවේදී)
02. ශාන් පුංචි හේවා (හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ එ.ජා.ප. වවුනියාව සංවිධායක)
03. උපාලි දාබරේ
04. බණ්ඩාර මැණිකේ.
තුවාල ලැබූවෝ
1. එච්. එම්. ගුණරත්න,
2. බණ්ඩාර,
3. නන්දසේන,
4. පී. කේ. පෙරේරා,
5. ටෝනි,
6. සරත් දිසානායක,
7. ආර්. බී. සිරිසේන,
8. චන්ද්‍රසිරි,
9. මහින්ද රාජකරුණා,
10. එම්. ඩී. තිලකරත්න,
11. ලයනල්,
12, අනුරසිරි ජයසුන්දර,
13, ඒ. ටී. තුෂාර (34),
14. අබේසිංහ (50),
15. මුස්සාසින් (30),
16. අනුරගේ (21),
17. කි‍්‍රස්ටින් ගුණතිලක,
18. ජානක (33),
19. සරත්,
20. පී. පී. ගුණසිංහ,
21. රණවීර පෙරේරා,
22. සරත් දිසානායක
23. සුදු බණ්ඩා,
24. පුෂ්පකුමාර,
25. එම්. සුමතිපාල,
26. ධනපාල,
27. උපාලි නානායක්කාර,
28. මුදලිගේ,
29. ජී. ආර්. නන්දාවතී,
30. මාලනී ජයතිස්ස,
31, සුනේත‍්‍රා නිල්වල,
32. කුසුම්,
33. ස්වර්ණා,
34. රම්‍යා,
35. ඩී. ආර්. සප්තියානු,
36. එම්. එම්. රත්නායක,
37. ඩබ්. කේ. නැන්සි නෝනා,
38. තමරා හෙට්ටිආරච්චි,
39. ඩබ්. ඩී. ආර්. හීන්මැණිකේ,
40. සුමුදු කුමාරි හල්පේ,
41. ශ‍්‍රියාලතා සිල්වා,
42. මොහොමඩ් රිස්වි,
43. කරුණාතිලක බ‍්‍රාහ්මන,
44. එස්. එම්. එස්. කේ. සමරකෝන්,
45. එන්. බී. රත්නායක,
46. එස්. ඒ. ගුණරත්න,
47. කේ. කිරියා,
48. වසන්ත සොයිසා,
49. එස්. එම්. ධර්මසිංහ,
50. අයි. ජී. රූමන් පියසේන,
51. කේ. එස්. සන්තියාගෝ,
52. එම්. එච්. ඒ. සමරසේකර,
53. යූ. එල්. එස්. ගුණසිංහ,
54. එම්. කේ. සමන්ත,
55. ඩී. මුණසිංහ,
56. එම්. සුමතිපාල,
57. උපාලි ධනංසූරිය,
58. එම්. බී. වයි. මහීපාල,
59. ඩබ්. ඩී. විමලසිරි,
60. ඩබ්. එම්. අබේසිංහ බංඩා,
61. ටී. ඩී. ගුණසිංහ

No comments: