Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

ස්වර්ණා විජේකෝන්
උතුරු ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදු කෙරෙන මෙහෙයුම් වලට විරෝධය පළකරමින් ඉන්දියාවේ ඇතැම් දේශපාලන පක්ෂ මැදිහත්වීමට දරන උත්සාහය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායකයෝ අද (21) රැස්වෙති.
පෙරවරු 11.00ට පක්ෂ නායක රැස්වීම් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ඉන්දියානු මැදිහත්වීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායක හමුවක් ඊයේ ද (20) පැවැත්විණි.
එම හමුවේදී එකඟතාවයකට නොපැමිණි බැවින් පක්ෂ නායක රැස්වීම අද දිනයේත් පැවැත්වීමට තීරණය කර ඇත.
කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා හමුදාව සිදුකරන මෙහෙයුම් නතර කරන ලෙසට ඉන්දියාව කරන බලපෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ දිනක විවාදයක් ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණ ඊයේ ඉල්ලීමක් කර ඇත.
එහෙත් ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායමේ අනුමැතියකින් යුතුව මේ පිළිබඳව තීරණයක් ගත යුතු බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

No comments: