එජාපයේ තෙල් මිල විරෝධතාවටත් පොළේ් යාම, මුට්ටි ගැසීම, හෝන් ගැසීමට අත් වූ ඉරණම ම අත්වේ ද? එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ වත්මන් තත්ත්වය කවරාකාර ද? ප‍්‍රතිසංස්කරණ ඉල්ලන පිලේ දේශපාලන ඉරණම කුමක් වේද ? එජාප මාධ්‍ය ප‍්‍රකාශක ගාල්ල දිස්ති‍්‍රක් එජාප මන්ති‍්‍ර ගයන්ත කරුණාතිලක ඒ ගැන මෙසේ කියයි.
* එක්සත් ජාතික පක්ෂය මාසෙන් මාසෙට විවිධ සටන් පාඨ අරගෙන කරළියට එනවා. මොන සටන් පාඨ ගෙනාවත් ඒවා නිවැරැදිව කි‍්‍රයාත්මක නොවන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබෙන බංකොලොත් භාවය නිසා කියලයි, ආණ්ඩුව නම් කියන්නේ.
බංකොලොත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය නොවෙයි, ආණ්ඩුවයි. ජනතාවට සහන ලබාදෙන්න කියලා සටන් වදින අපේ පක්ෂය බංකොලොත් වෙලාද, එහෙම නැත්නම් ජනතාවට සහන දෙන්න නො හැකිවෙලා ඉන්න ආණ්ඩුව බංකොලොත් වෙලාද, කියලා ඉතා ඉක්මනින්ම ජනතාව තීරණය කරාවි.
අද තෙල් මිලෙන් මුළු රටේ ම ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩුවුණා. ඒ සහනය ජනතාවට ලබා දෙන්න කියලයි අපි කියන්නේ. ඒකට පිළිතුරු නොදී ආණ්ඩුව බංකොලොත් කතා කියමින් මේ ප‍්‍රශ්නය මඟහරින බවක් පේනවා. ලෝක වෙළෙඳපොළේ මිල සම¼ඟ සන්සන්දනය කරලා අපේ රටේ බඩු මිල වැඩිකරන්නෙ නැහැ කියලා. ආණ්ඩුව ‘මහින්ද චින්තන’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය යටතේ ජනතාවට පොරොන්දු වෙලා තියෙනවා.
*එක්සත් ජාතික පක්ෂයේ නායකයින් පොළේ ගියා, වළං පොළොවෙ ගැහුවා, ගොන් කරත්තවල ගියා, වාහන වල හෝන් ගැහුවා, මේ එකකින්වත් වැඩක් වුණේ නැහැ. තෙල් සම්බන්ධයෙන් මතුකරන විරෝධයටත් මේදේම වෙයිද?
දේශපාලන පක්ෂයක් ලෙස අපි කි‍්‍රයාමාර්ග ගන්නේ අපට අවශ්‍ය විදියට මිසක් ආණ්ඩුවටත්, රජයේ මාධ්‍යවල වුවමනාවටත් නොවෙයි. රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් අපිට නොයෙකුත් අවලාද නැඟුවත් අපි ඒ කිසිවකින් සැලෙන්නේ නැහැ. අපි කරපු උද්ඝෝෂණ ව්‍යාපාරවලට ආණ්ඩුව හොඳටම බයවෙලා ඉන්න බව ආණ්ඩුවේ යම් යම් වැඩවලින් දැනටමත් පේනවා.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වී ඇති නිසා ඊට සාපේක්ෂව මෙරට වෙළෙඳ පොළේ තෙල් මිල අඩුකරන්න කියලා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිඛිතව අපි කරුණු ඉදිරිපත් කළා. දේශපාලඥයින්ට නොතේරුණාට ඒක නිලධාරින්ටත් තේරේවි. ඉතා ඉක්මනින්ම අපේ කරුණු අධ්‍යයනය කරලා පිළිතුරක් ලබාදෙනවා කියලා, භාණ්ඩාගාරයේ ලේකම්වරයා කිව්වා.
* භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර මහත්තයා බලන්න එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් ආවයි කියලත් කතාවක් තියෙනවා.
ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ඔය වගේ බාල බොළඳ කතා කියල තියෙනවා මං දැක්කා. ඔය වගේ බොළඳ කතාවලට උත්තරදීමත් නිකරුණේ කාලය නාස්ති කිරීමක් පමණයි.
කිසිම දැනුම්දීමකින් තොරව මහා භාණ්ඩාගාරය වැනි අධි ආරක්ෂිත කලාපයකට කඩාවැදීම එතරම් යහපත් දෙයක් නොවන බවටත් අදහස් පළවෙනවා.
කිසිම ආකාරයෙන් කඩාවැදීමක් අපි කළේ නැහැ. වාහන නතර කරලා අදාළ ආරක්ෂක අංශ නිලධාරීන්ට දැනුම්දීලයි අපි ඇතුළට ගියේ. මාධ්‍යවේදීන්ටවත් ඇතුල්වෙන්න ආරක්ෂක අංශ නිලධාරීන් ඉඩ දුන්නේ නැහැ.
* තෙල් මිල නිතරම ඉහළ පහළ යනවා. ස්ථාවරව පවතින්නේ නැහැ. ඇමෙරිකානු ඩොලර් අනූගාණන දක්වා අඩුවුණ බොරතෙල් බැරලයක මිල, යළි ඩොලර් කිහිපයක් ඉහළ ගියා. මේ තත්ත්වය තෙල් මිල අඩු කිරීමට ප‍්‍රධාන ගැටළුවක් වී ඇති බවයි අදාළ වගකිවයුත්තන් පෙන්වා දෙන්නේ.
මිල උච්ඡාවචනය වෙන්නේ ආණ්ඩුව මිල වැඩිකරන කොට විතරයි. මිල අඩුවෙනකොට කිසිම උච්ඡාවචනයක් නැහැ. බොරතෙල් බැරලයක මිල ඩොලර් 147 වුණු වෙලාවේ මිල වැඩිකිරීමට සිදුවූ බව ආණ්ඩුව කිව්වට ඇත්ත ඒක නොවෙයි. ඒ වෙලාවේ තෙල් මිල වැඩිකරනකොට ඒ තෙල් හුඟක් අඩු මුදලට අරගෙන ගබඩා කරලයි, තිබුණේ.
අඩු මුදලට ගත්තු තෙල් තොග තියෙද්දී ඒ අවස්ථාවේදී වැඩි කළේ ඇයි කියලයි අපි ආණ්ඩුවෙන් අහන්නේ.ලෝකයේ තෙල් මිල වැඩිවෙනකොට වැඩිකරන්නයි අඩුවෙන කොට අ ඩුකරන්නයි ආණ්ඩු මොකටද? කියලා අහපු උදවියයි දැන් තෙල් මිල වැඩිකරන්නේ. අපි ආවොත් ලෝක වෙළෙඳ පොළට ගහන ප්ලග් එක ගලවනයි කියලා කිව්ව කට්ටියගෙන් මං අහන්න කැමැතියි, ප්ලග් එක ගැලෙව්වද කියලා. අපේ ආණ්ඩුව කාලේ මිල සූත‍්‍රයෙන් ජනතාවට ගැටළු මතුවණේ නැහැ.
* දැන් එක්සත් ජාතික පක්ෂය කිඹුල් කඳුළු හෙළුවට ඔබලාගේ මිල සූත‍්‍රය තිබුණා නම් තෙල් බැරලයක මිල ඩොලර් 146 වුණ වෙලාවෙදී ඩීසල් ලීටර් 1 ක මිල රු. 200 ක් හා පැට‍්‍රල් ලීටරයක මිල රු. 165 ක් පමණ විය හැකි බවයි ආණ්ඩුව පෙන්වා දෙන්නේ.
ඒක කිසිසේත්ම පිළිගන්න බැරි කතාවක්. ඒ මිල සූත‍්‍රය තිබුණු අවුරුදු දෙකහමාරක කාලය තුල තෙල් මිල වැඩිවුණේ 7 වතාවක් පමණයි. ඒත් වැඩිවුණේ වැඩිම වුණොත් රුපියල් දෙකකින් . ඒ වගේම ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවෙද්දී හතරවතාවක් මිල පහල දැමීමටත් අපි තීරණය කළා.
* නමුත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තිබුණු කාලේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මෙතරම් සීඝ‍්‍රයෙන් ඉහළ ගියේ නැහැ නේද?
ඔව්. ඒක ඇත්ත. නමුත් තෙල් මිල වැඩිවීමට අඩුවීමට සාපේක්ෂව ආණ්ඩුවක් හැටියට කිසිම වාසියක් ලාභයක් ගන්න ගියේ නැහැ. එම වාසිය ජනතාවට ලබාදීමටයි, නිතරම අප කි‍්‍රයා කළේ. නමුත් අපේ ආණ්ඩුව තෙල්වලට කිසිම බද්දක් පනවලා එමගින් ජනතාව පිට බර පටවලා මුදල් ලබාගන්න කි‍්‍රයා කළේ නැහැ.
බොරතෙල් බැරල් එකක් වරායට ගේනකොට තිබෙන මිලෙහි හා බෙදා හැරීමේ මධ්‍යස්ථානවලින් පාරිභෝගිකයින් ලබාගන්නා විට පවතින මිලෙහි විශාල වෙනස්කමක් තිබෙනවා. වරාය ගාස්තු, සුරා බද්ද, පළාත් සභා බදු, ගබඩා ගාස්තු, බෙදුම්කරයේ ලාභය, සංස්ථා ගාස්තු යන මේ හැම අංගයකටම මුදල් වෙන් කළාට පසුවත් මීට වඩා අඩු ගාණකට තෙල් දෙන්න පුළුවන්කම තියෙද්දී එසේ නොදෙන එකටයි, අපි විරෝධය පාන්නේ. මේ ලෝක වෙළෙඳ පොළේ මිල අඩුවීම නිසා මේ වෙනකොට පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 110 කටත් ඩීසල් ලීටරයක් රුපියල් 60 කටත් දෙන්න පුළුවන්.
නමුත් ගසාකමින් වංචා සිදුකරමින් ආණ්ඩුවේ නොහැකියාව තෙල්වලින් පිරිමහගන්න උත්සාහ කරනවා. ජනතාවට අඩුවට තෙල් ලබාදෙන්නේ නැතිව පිටරට නැව් සමාගම්වලට ඩීසල් ලීටරයක් රුපියල් 95.14 ට ලබාදෙනවා. ජනතාවාදී කියාගන්නා ආණ්ඩුවක් විදේශීය සමාගම් සඳහා මෙවැනි සහනදායි වැඩසටහනක් කි‍්‍රයාත්මක කරමින් ජනතාව පෙළෙන්නේ ඇයි කියලයි අපි ප‍්‍රශ්න කරන්නේ.
* එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මිල සූත‍්‍රය ජනතාවට අසාධාරණයක් නිසා එම මිල සූත‍්‍රය අනුව විදේශීය සමාගම් සමඟ කි‍්‍රයා කරන බව ආණ්ඩු කියනවා. එම මිල සූත‍්‍රයට අනුව බොරතෙල් මිල වැඩිවන විට විශාල වශයෙන් තෙල් මිල වැඩිවන බවත් අඩුවන විට කුඩා මුදලක් අඩුවන බවත් ආණ්ඩුව පෙන්වා දෙනවා. මේ අවස්ථාවේදී කුඩා වාසියක් සමාගම්වලට තිබුණත් දීර්ඝ කාලීනව මෙම මිල සූත‍්‍රය අනුව ඔවුන්ට කිසිම වාසියක් නැති බවයි, ආණ්ඩුව පෙන්වා දෙන්නේ.
මේක ආණ්ඩු ගොඩනගන තවත් බොළඳ තර්කයක් පමණයි. නිකං බොරුවට කතාන්තර කිය කියා ඉදලා හරියන්නේ නැහැ. ආණ්ඩුව කළ යුත්තේ කෙසේ හෝ තෙල් මිල අඩුකිරීමයි. අපි මේ, සූත‍්‍රය හැදුවේ ජනතාව ගැන හිතලයි. ඒක නිසා අපි කියන්නේ සමාගම් ලබාගන්නා සුළු වාසිය හරි කමක් නැහැ. ඒක ජනතාවට දෙන්න කියලයි.
* නමුත් ඔබලාගේ මිල සූත‍්‍රය හැමවිටම කි‍්‍රයාත්මක වන්නේ් රුපියල් 5 ක ලාභයක් සමඟින් බවයි. ආණ්ඩුව කියා සිටින්නේ මේ නිසා ජනතාවට සහන ලබා දෙනවාට වඩා ආණ්ඩුවට ලාබයක් අත්වීම ස්ථිරයි. නමුත් බොරතෙල් බැරලයක මිල විශාල වශයෙන් වැඩිවන තුරු දේශීය වෙළෙඳ පොලේ තෙල් මිල වැඩිනොකර එම වැඩිවූ ජනතාව වෙනුවෙන් තමන් විදදරා ගත් බවයි. ආණ්ඩුව කියන්නේ
ආණ්ඩුව ඔය වගේ බොළඳ කතා හරියට කියනවා. අපේ මිල සූත‍්‍රය පුළුවන්නම් කි‍්‍රයාත්මක කරන්න කියලා මං ආණ්ඩුවට අභියෝග කරනවා. ඒ මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක කළා නම් ජනතාවට කිසිම අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ. අපි මිල සූත‍්‍රයෙන් කිසිම ලාභයක් ලැබුවේ නැහැ. නමත් වත්මන් ආණ්ඩුව පැට‍්‍රල්වලට රුපියල් විස්සක රේගු බද්දක්, ඊට අමතරව රුපියල් 5 ක සෙස් බද්දක් පනවලා .
ඩීසල්වලටත් රුපියල් 10 ක සෙස් බද්දක් විසින් පනවලා. තෙල් මිල අසීමිත ලෙස ඉහළ යෑමට මෙම බදුත් බලපානවා. තෙල් වලිනුත් ගසාකන ක‍්‍රමයක් තමයි, මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන්නේ අඩු ගණනේ මේ බදු ඉවත්කරල හරි මහජනතාවට සහනයක් ලබා දෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ.
* සෙස් බද්දක් ඕනෑම ක්ෂේත‍්‍රයකට යොදවන්නේ එම ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධියටම මිසක් අණ්ඩුවට ලාභ ගැනීමට නොවෙයි. තෙල් සංස්ථාවේත්, පිරිපහදුවෙත් අභිවෘද්ධියට සෙස් බද්දෙන් යෙදෙන මුදල ජනතාව වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් බවයි කියන්නේ.
ආණ්ඩුව තෙල් සංස්ථාවේවත්, තෙල් පිරිපහදුවේවත් අභිවෘද්ධිය වෙනුවෙන් මුකුත් කරන්නේ නැහැ. මේ බදු මුදල් ලබාගන්නේ අණ්ඩුවේම අසීමිත වියදම් වෙනුවෙන් මේ වන විට පමණක් වත්මන් ආණ්ඩුව 13 වතාවක්ම තෙල් මිල වැඩිකරලා. තෙල් සංස්ථාවේ කටයුතුත් බොහෝ අකාර්යක්ෂම වෙලා තියෙනවා.
තෙල් සංස්ථාව, රාජ්‍ය ආයතනවලට ණයටම තෙල් ලබාදීලා බංකොලොත් වෙලා. දුම්රිය, විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක්ම තෙල් සංස්ථාවට රුපියල් කෝටි ගණනක් ණයයි. තෙල්වල මුදලුත් මේ වෙනකොට විදුලි බිලට එකතු කරලා. සෙස් බද්ධ අයකරයි කියලා මේ තත්ත්වයන් නැතිකරන්න පුළුවන් වෙයි කියලා මං නම් හිතන්නේ නැහැ ජනාධිපතිතුමා කිව්වනේ බලයට පත්වෙනකොට අරාබි රටවල නායකයින් මගේ මිත‍්‍රයෝ ඔවුන්ගෙන් සහන ලබාගන්න පුළුවන් කියලා.
* බොරතෙල් ලබාදීමේ ඉරානය යම් සහයෝගයක් ශී‍්‍ර ලංකාවට ලබා දුන්නා. සපුගස්කන්දේ තෙල් පිරිපහදු සංකීර්ණයේ කි‍්‍රයාව කාර්යක්ෂම කිරීමටත් ඉරානය සහාය ලබාදී තිබෙනවා නේද?
ඉරානයෙන් ගෙන්වපු තෙල් වලිනුත් මහජනතාවට කිසිම සහනයක් ආණ්ඩුව ලබාදුන්නේ නැහැ. තෙල් පිරිපහදුවේ කටයුතු කාර්යක්ෂම කෙරෙනවානම් හොඳයි. ඒත් තවම එය නිසි පරිදි සිදුවෙන බවක් නම් පේන්න නැහැ.
තෙල් සංස්ථාවේ කොටසක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව කාලෙදී පෞද්ගලීකරණය කළා. ඉතිරි කොටස් කෙසේ හෝ පෞද්ගලිකරනය නොකර රැකගැනීමට වත්මන් ආණ්ඩුව සමත්වෙලා තියෙනව නේද?
ඒ කාලේ යමක් සිදුවුණා නම්, ඒ වෙලාවේ හිටපු අදාළ අමාත්‍යංවරයා දැන් ඉන්නේ වත්මන් ආණ්ඩුවේ. ඒක නිසා ඊට අදාළ කරුණු විමසිය යුත්තේ ඒ අදාළ අමාත්‍යවරයාගෙන් මයි.
* එක්සත් ජාතික පක්ෂයේ පැවති අර්බුදකාරී තත්ත්වය මේ වෙනකොට විසඳිලා ද නැද්ද?
පහව යන්න අර්බුදයක් තියෙන්න එපැයි. අපේ පක්ෂයේ අර්බුදයක් ඇතිකරන්න ආණ්ඩුව හා රාජ්‍ය මාධ්‍ය කෙතරම් උත්සාහ ගත්තත් එය සාර්ථක වුණේ නැහැ.
* පක්ෂයේ අර්බුදයක් නැහැ කියලා, ඔබ කිව්වට මන්තී‍්‍රවරුන් දෙතුන් දෙනෙක්ම ප‍්‍රසිද්ධියේම පක්ෂයේ නායකත්වය හා යම් යම් කි‍්‍රයා මාර්ග විව්චනය කළා නේද?
අපේ පක්ෂයේ තමයි, වැඩිම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින්නේ . ඒ නිසා ඕනෑම කෙනෙකුට ඉතා විවෘතව අදහස ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. මන්තී‍්‍රවරුන් දෙතුන් දෙනෙකු යම් යම් මත ඉදිරිපත් කළා. නමුත් පක්ෂයේ බහුතර මතය ඒක නොවෙයි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සෑම දෙයක්ම කරන රනිල් වික‍්‍රමසිංහ නායකතුමා පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ යෝජනා සකස් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සැඳුම්ලත් කමිටුවක් පත්කළළා. එම කමිටුවේ නිර්දේශ, කෘත්‍යාධිකාරි මණ්ඩලයට යොමු කිරීමෙන් අනතුරුව එහිදී සම්මත වූ පසු ඒ කි‍්‍රයාවට නංවනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂය කවදත් ශක්තිමත්.
සාකච්ඡා කෙළේඩබ්ලිිව්. කේ. ප‍්‍රසාද් මංජු
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment