Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

ජනපතිවරණයේ දී දුන් ජනවරම අනුව මවුබිම රැකීමේ වගකීම අකුරට ම ඉටු කරනවා රට කෑලිවලට කඩන්න ඉඩ දෙන්නෙත් නැතැයි ජනපති කියයි

ජයසිරි මුණසිංහ
ත‍්‍රස්තවාදයෙන් මවුබිම ආරක්ෂා කර දෙන්නැයි ජනාධිපතිවරණයේ දී ලබා දුන් ජනවරමට අනුව තමා ඉටු කරන්නේ එම වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.
රට කෑලි කෑලිවලට කැඩෙන්නට ඉඩ දෙන්නට එපායැයි එදා ජනතාව තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, ජනතාවට වටින්නේ රටේ ස්වාධීනත්වය නිසා රට කෑලිවලට කැඩීම නතර කර දෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා කීය.
ජනාධිපතිවරණයේ දී කළ ඉල්ලීම දැන් තමා ඉටු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කෙළේය.
විද්‍යාත්මක පර්යේෂණවල නියැළි විද්‍යාඥයන්ට ජනාධිපති සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අවස්ථාවේ දී රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. ජාතික පර්යේෂණ සභාව මෙය සංවිධානය කොට තිබිණි.
නැඟෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී එකම සිවිල් වැසියකුටවත් සීරිමක්වත් නොවුණ බව අවධාරණය කළ රාජපක්ෂ මහතා සිවිල් වැසියන්ට හානි නොවන සේ කටයුතු කරන ලෙස තමා ආරක්ෂක හමුදාවට උපදෙස් දී තිබුණ බව ද කීය.
ඉතා විනයානුකූල හමුදාවක් ලෙස ඔවුන් එම උපදෙස් අකුරටම පිළිපැද්ද බව ද රාජපක්ෂ මහතා සඳහන් කෙළේය.
ජනාධිපතිවරයා එහි දී මෙසේ ද ප‍්‍රකාශ කෙළේය.
‘අපි විසි අවුරුද්දක් තිස්සේ යුද්ධයකට පැටලිලා. මම නම් මෙයට ‘යුද්ධය’ කියන වචනයවත් කියන්න කැමැති නෑ. ත‍්‍රස්තවාදය නිසා ඇති වී තිබෙන ගැටුමක් ලෙසයි මා මෙය හඳුන්වන්නේ.
උතුරු - නැඟෙනහිර පළාත්වල ජීවත්වෙන අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාව කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගෙන ඔවුන්ටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් ලබාදීමේ මානුෂීය මෙහෙයුමක අපි නිරතවී සිටිනවා. අද අපි මේ සිදුකරන මෙහෙයුම් සියල්ල එක් ජාතියකට, ජනවර්ගයකට එරෙහිව තවත් පිරිසක් සිදු කරන එකක් නොවන බවයි අපට පුන පුනා කියන්නට තිබෙන්නේ. අපේ සටන ත‍්‍රස්තවාදයට එරෙහිවයි සිදු කරන්නේ. මෙය උතුරු - නැඟෙනහිර දෙමළ ජනතාවට එරෙහිව කරන සටනක් නම් නොවෙයි.
අප ලෝකේ කිසිම රටක් නොකරන දෙයක් කරනවා. අප උතුරුකරයට වන්නියට ආහාර ලොරි යවනවා. අප හොදාකාරව ම දන්නවා මේ ආහාර තොගවලින් කොටසක් එල්. ටී. ටී. ඊ. සන්නද්ධ පිරිස් ගන්නවා කියා. එහෙත් ඒ දැන දැනත් අප ආහාර තොග යවන්නේ අපේ තිබෙන මානුෂිකකමටයි. සතුරාටත් ආහාර තොග පත්වන එක ගැන දන්න අප, එසේ තිබිය දී මේ වැඩපිළිවෙළ ගෙනියන්නේ, කිසිදු ජනවාර්ගිකයෙකුට එරෙහිව කරන සටනක් නොවන නිසායි.
අද ආරක්‍ෂක අංශවලට කොටි බංකර්වල තිබී ලිපි හමුවෙනවා. ඒ ලිපි බැලූවිට අපේ ඇසටත් කඳුළු එනවා. එක්තරා කොටි කාන්තාවක් ලිපියක් ලියනවා තමන්ගේ අම්මාට, අම්මේ මම මේ සටනට ආවේ මල්ලීගේ ජීවිතය බේරා ගන්නයි, මල්ලීට හොඳට උගන්වන්නයි කියා.
කොටි හමුදාවට බලෙන් පිරිස් බඳවාගෙන තිබෙනවා. මේ බලෙන් ආ අයට ඊළාම් රාජ්‍යයක් හෝ වෙනම රටක්, වෙනම පාලනයක් ඇති කරන්න ඕනෑ කියන බලාපොරොත්තු නෑ. අපේක්ෂා නෑ. සමහරවිට මේ ලියන ලිපි තමන්ගේ දෙමාපියන්ට ලැබෙයිදෝ කියන අවිශ්වාසය ඔවුන්ට තිබෙනවා. මේ ලිපිය දෙමාපියන් කියවන විට සමහරවිට ලියූ අය ජීවත්වෙයි ද කියලාත් ඔවුන්ට ම සැකයක් තිබෙනවා.
අපි මේ වාගේ පිරිසක් තමයි ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගත යුත්තේ. අද අහිංසක ජනතාව කොටින් විසින් මිනිස් පලිහක් බවට පත් කරගෙන, පවුරක් ලෙස තබාගෙන ඉන්නවා. අප මේ කිසිම කෙනෙකුට සීරිමක්වත් කරන්නේ නැතිවයි ආරක්‍ෂක මෙහෙයුම් සිදු කරන්නේ.
අප වාකරේ නිදහස් කර ගත්තේත් එහෙමයි. උතුරුකරයේ සිදුකරන මෙහෙයුම් කරන්නේත් ඒ ආකාරයටයි.
අප මොනතරම් වියදමක් රටේ ආරක්‍ෂාවට යෙදවුවත් රටේ අනිත් පළාත්වල සිදු කරන සංවර්ධනය අඩාල කරලා නෑ. රටපුරා සංවර්ධනයක් සිදුවෙනවා.
විද්‍යා හා තාක්‍ෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ, අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත, සමාජ සේවා ඇමැති ලයනල් පෙ‍්‍ර්මසිරි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජාතික පර්යේෂණ සභාවේ සභාපති එරික් කරුණානායක, ජනාධිපති විද්‍යා උපදේශක මහාචාර්ය පී.ඩබ්. ඈපාසිංහ මහත්වරු ඇතුළු සහතිකපත්ලාභී විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

No comments: