Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

ලුතිනන් කර්නල් මුතාලිෆ් ඝාතනය:සැකකාර මේජර් දිසනායක පිළිබඳව කි‍්‍රයාමාර්ග ගැනීමට නීතිපති උපදෙස් ලැබී නෑ-රහස් පොලිසිය

රන්ජිත් පද්මසිරි
යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියකු වූ ලුතිනන් කර්නල් තුවාන් නිෂාම් මුතාලිෆ් මහතා ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින මේජර් දසනායක මුදින්සේලාගේ දසනායක නමැති අය පිළිබඳව ගන්නා ඉදිරිකි‍්‍රයාමාර්ග ගැන නීතිපතිවරයා ගෙන් තවමත් උපදෙස් ලැබී නැතැයි රහස් පොලිසිය ඊයේ (20) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
අතිරේක මහේස්ත‍්‍රාත් රවින්ද්‍ර පෙ‍්‍ර්මරත්න මහතා හමුවේ මෙම පැමිණිල්ල ඊයේ (20) යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මේ බව දන්වා සිටි රහස් පොලිසිය මෙම සැකකරු පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති වරයා වෙත අවශ්‍ය ගොනු යවා ඇතැයි කීය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 4 දෙනක් මුදා හැර ඇති බව දන්වා සිටි රහස් පොලීසිය නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරිපියවර දැනුම් දීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙහිදී කරුණු දැක්වූ නීතිඥ ගුණසිරි ලුණුවිල මහතා දැනට මුදාහැර ඇති සංජීව නමැති සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය භාරයට ගත් ඔහුගේ වෑන්රථය මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත් පෙ‍්‍ර්මරත්න මහතා ඒ පිළිබඳව ද නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් ඉදිරි පියවර ලබන ජනවාරි මස 22 දින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.

No comments: