විජයානි එදිරිසිංහ සහ චන්ද්‍රිකා පෙරේරා
උතුරට ප‍්‍රහාර එල්ල කළහොත් බස්නාහිරට යුද්ධය ගෙන එන බව කී ප‍්‍රභාකරන් කිලිනොච්චිය රැක ගැනීමට නොහැකිව බංකරයෙන් බංකරයට පනිමින් පණ රැක ගැනීමට උත්සාහ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායකයෝ මුලතිව් සහ කිලිනොච්චිය ප‍්‍රදේ්ශවල එහා මෙහා යමින් ප‍්‍රහාරවලින් වැළකී සිටීමට උත්සාහ දරති. එහෙත් ගුවන් හමුදාව ඔවුන් සිටින තැන් සොය සොයා ප‍්‍රහාර එල්ල කරන බවද අමාත්‍යවරයා කීය.
ආරක්ෂක බළ මුළුවලට කිලිනොච්චිය නගරයට යාමට තව ඉතිරිව ඇත්තේ කිලෝ මීටර් තුන හමාරක් පමණක් බව අවධාරණය කළ රඹුක්වැල්ල මහතා ශක්තියෙන් හා චිත්ත ධෛර්යයෙන් හමුදාව ඉතා ඉහළ මට්ටමක සිටින බවද පැවසීය.
උතුරේ මානුෂීය මෙහෙයුම්වල සාර්ථකත්වය පැහැදිලි කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී රඹුක්වැල්ල මහතා එසේ සඳහන් කළේය.
ඉලක්කය කරා ආරක්ෂක හමුදාව ආරම්භ කළ ගමන සියයට සීයක්ම සාර්ථක බව පවසන ඇමැතිවරයා ප‍්‍රභාකරන්ගේ යකඩ සපත්තුවට යටකරගෙන සිටින දෙමළ ජනතාව බේරාගැනීම එම ඉලක්කයේ ප‍්‍රධාන අරමුණ බවද කීය.
සාමාන්‍ය වැසියන් ලක්ෂ දෙකක් පමණ ප‍්‍රභාකරන් විසින් පළිහක් ලෙස යොදා ගෙන සිටින බවත් නැගෙනහිර ජනතාවට මෙන් සැනසිලිදායක ජීවිතයක් ලබාදීම මෙහෙයුම්වල අරමුණ බවත් රඹුක්වැල්ල, මහතා කීය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment