Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 7, 2008

සන්ධාන ලැයිස්තුවෙන් කරුණා පාර්ලිමේන්තුවට

දයා පෙරේරා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වශයෙන් ටී. එම්. වී. පී. පක්‍ෂයේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (07) දිවුරුම් දීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ එ. ජ. නි. සං. පත්කළ මන්තී‍්‍රවරයකු වූ වසන්ත සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට මුරලිදරන් මහතා පත්කරනු ලැබ ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රම ජයන්ත මහතාගේ දැන්වීම අනුව එම පත්වීම සිදුකළ බව මැතිවරණ මහලේකම් කාර්යාලයීය ප‍්‍රකාශකයෙක් පැවැසීය.
විනයාගමූර්ති මුරලිදරන් මහතා පත්කරන ලද බව නිල වශයෙන් තමාට දැනුම් දී ඇති බවත් ඔහු අද දිවුරුම් දීමට නියමිත බවත් පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා කීවේය.
1966 මඩකළපුව දිස්ති‍්‍රක්කයේ කිරාන් ගම්මානයේ ඉපැදුනු විනාග මුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා ප‍්‍රමුඛ පෙළේ අණ දෙන නිලධාරියෙකු ලෙස 1983 එල්.ටී.ටී.ඊ සංවිධානයට බැදුනේය.
2003 වසරේදී ප‍්‍රභාකරන් විසින් ඔහු මඩකළපුව සහ අම්පාර දිස්ති‍්‍රක්කවල විශේෂ අණදෙන නිලධාරි නිලයට පත් කළේය.2004 මාර්තු මාසයේදී ඔහු කොටි සංවිධානයෙන් ඉවත් වී ඇත. එසේ ඉවත්වීමට හේතුවී ඇත්තේ කොටි සංවිධානය නැගෙනහිර පළාතේ ජනතාවට නොසළකා හැරීමය.
කරුණා අම්මාන් මහතාගේ ටී.එම්.වී.පී.(දෙමළ ජනතා විමුක්ති කොටි) කණ්ඩායම එල්.ටී.ටී.ඊ. සංවිධානයයෙන් වෙන්වූ පසුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුද ශක්තිය 70% කින් අඩුවූ බව කරුණා අම්මාන් මහතා පවසා ඇත.රජය සමඟ සමීප සබඳතාවයක් දැක්වූ කරුණා අම්මාන් සහ සිවනේසන්තුරෙයි චන්ද්‍ර කාන්තන් (පිල්ලෙයාන්) යන අයගේ නායකත්වය දරමින් පිහිටුවාගෙන තිබූ ටී.එම්.වී.පී. (දෙමළ ජනතා විමුක්ති කොටි) පක්ෂය 2007 වසරේ ලියාපදිංචි පක්ෂයක් ලෙස මැතිවරණ කොමසාරිස් වරයා විසින් පිළගෙන ඇත.
නැගෙනහිර පළාත මුදා ගැනීමෙන් පසුව පැවැති පළාත් සභා මැතිවරණයට සිවනේසන්තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා තරග කළ අතර එම කාලය තුළ කරුණා අම්මාන් විදේශගතව සිටියේය.
ඒ මහතා නැගෙනහිර පලාතේ ප‍්‍රධාන ඇමැති ධුරයට පත්වීමෙන් පසුව කරුණා අම්මාන් මෑතකදී ලංකාවට පැමිණියේය.

No comments: